බිලියන හතේ ටැබ් පරිගණක ටෙන්ඩරයේ දැවැන්ත වංචාවක්.. දරුවන්ට පිලිකා හදන, වඳ කරවන බාල ‘ටැබ්’ ගණුදෙනුව සූදානම්..
February 28, 2019 at 3:23 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
2017 මැයි මාසයේ දී උසස් පෙල සියළුම ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමට ටැබ් 195,148ක් මිළ දී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඒ සඳහා සමාගම් 7ක් මිළ ගණන් ඉදිරිපත් කළා. ටැබ් නමුත් තාක්ෂණික කමිටුව ඉදිරිපත් කළ සියළුම කොන්දේසි සපුරා තිබුණේ එක් සමාගමක් පමණයි. ඒ අනුව ප්‍රසම්පාදන කමිටුව ඒ සමාගමට ටෙන්ඩරය ලබා දීමට නිරදේශ කරනවා. නමුත් ඇමතිතුමාට ටෙන්ඩරය ලබා දීමට උවමනා වෙනත් සමාගමකටයි.
එම සමාගම ඉදිරිපත් කළ ටැබ් පරිගණකයට එෆ්සීසී ප්‍රමිති සහතිකය නෑ. නමුත් ඒක අනිර්වරය ටෙන්ඩර් කොන්දේසියක්.
එෆ්සීසී හෙවත් ෆෙඩරල් කොමියුනිකේෂන් කමිෂන් සහතිකයෙන් තහවුරු කරන්නේ ටැබ් පරිගණක නිසි ප්‍රමිතියෙන් සකසා ඇති බවටයි. නිසි ප්‍රමිතියෙන් නොවුණාම විදුලි සැර වැදීමේ අවදානමට වගේම භයානක කිරණ වලට ගොදුරු වීමේ අවදානමත් තිබෙනවා. ඒ නිසා තමයි එක ටැබ් යන්ත්‍රයක් රුපියල් විසි දහසක් වෙන විට තවත් ටැබ් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ දෙකක් වෙන්නේ. ටැබ් පරිගණකයෙන් විහිදෙන කිරණ වලින් වඳ බව වගේම පිලිකාව සහ ඇස් පෙනීම දුරවල වීමත් සිදු විය හැකියි.
ජනාධිපතිතුමන් සහ මුදල් අමාත්‍ය තුමන් තමන්ගේ නිරීක්ෂණ එවමින් මෙම ටෙන්ඩරය අවලංගු කරලා අලුතෙන් ටෙන්ඩර් කැඳවන්න කියලා නිර්දේශ කරනවා. නමුත් අවාසනාවට අධ්‍යාපන මැතිතුමන් මේ සියලු දෙනාගේම කනෙන් රිංගලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා තමන්ට අවශ්‍ය සමාගමට මේ ටෙන්ඩරය ලබා දීමට පෙබරවාරි මාසයේ මුල් සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගන්නවා.
ජනාධිපතිතුමනි, හිතවතා වුනත් අගමැතිතුමනි, වහාම මැදිහත් වී මෙම ටෙන්ඩරය නවත්වා අපේ ළමා පරපුර භයානක ලෙඩ වලින් බේරා ගන්න මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ටෙන්ඩර් කැඳවූ 2017 සහ මිළ දී ගැනීම සිදුවන 2019 අතර රුපියලේ පිරිහීමට අදාළව රුපියල් මිලියන 965 ක ගෙවීම් කිරීමට අමතර අරමුදල් ඉල්ලා ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. වසර දෙකක් තුල දී රුපියල පිරිහීම පමණක් නොව තාක්ෂණය වෙනස් වන නිසා 2017 පරිගණකය දැන් යල් පැනලා වටිනාකමත් පිරිහෙනවා. ඒ ගැන ඇමති මණ්ඩල පත්‍රිකාවේ වචනයක් වත් නෑ. මේක අසරණ දරුවන් ලෙඩ කරන බාල පරිගණක විකිණීමක් පමණක් නොව මහජන මුදල් මංකොල්ලා කෑමක්.
– අරවින්ද අතුකෝරල
GAMANPILA MATHI THUMANI
MEMA ALIDARAW WATA
GODAK PING.
1990 gilan rata sawaya patan ganakotah gamanpilla billa gahuwae, hoda wadak karena ysnakota akaevwatainakama adu karenae waradi matayak samaja gata karenae apa lokka.(c news comment aka kapen natuwae danae)
මේ කියන්නේ තත්වයෙන් බාල ටැබ් මහජන මුදලින් ගෙන්නන්න එපා කියල මිසක ලමයිට ප්‍රමිතියෙන් යුත් ටැබ් දෙන්න එපා කියල නෙමෙයි.
අපොයි අකිල. ගම්මන්පිල අකිලයව ඉවරම කරල.
මේ ආණ්ඩුවෙ හෙරකම් ගැන කතා කරල වැඩක් නෑ. හොරු එලවන්න ඇවිත් මහ බැංකුවේ ඉදන්ම හොරා කෑවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන් යටතේ ඔබතුමන්ලා හදන ආණ්ඩුවෙත් අර බැසිලිකා හොරුන්ට සෙල්ලම් දාන්න දෙන්න එපා.
යූ ඇන් පිය විකුණනවයි හොරාකනවයි පළිගන්නවයි ඇර මේ අවුරුදු හතරට මොනවද කලේ. මේ ගැන හොයා බලා රටට කිව්වට උදය මන්ත්‍රීතුමන්ට ස්තුතියි. නැත්තන්ම මේ බාල ටැබ් ගෙනල්ල තවත් කෝටි ගානක මාධ්‍ය සංදර්ශන කර කර අකිල බෙදයි.
FCC හෙවත් ෆෙඩරල් කොමියුනිකේෂන් කමිෂන් සහතිකයෙන් තහවුරු කල TAB WITHARADA MARKET EKE WIKUNANNE.
SO REMOVE ALL NON-FCC CERTIFIED TAB FROM LOCAL MARKET. .