බිලියන හතේ දියමන්තිය ගැන රයන් වැන් රෝවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි….
April 4, 2019 at 4:50 pm | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිට අද දිනයේ මෙරටට පිටුවහල් කරන ලද රංගන ශිල්පී රයන් වැන් රෝවන්ගෙන් මිරිහාන පොලිසියේ විශේෂ පරීක්ෂණ ඒකකය විසින් මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.
ඔහුගෙන් ප්‍රශ්න කරමින් ඇත්තේ ත පන්නිපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් මාකදුරේ මධූෂ් විසින් මෙහෙයවන ලද කල්ලියක් විසින් පැහැරගන්නා ලද රුපියල් බිලියන හතක් වටිනා බව කියන දියමන්තිය සහ මැණික් ගල් තොගය සම්බන්ධයෙනි.
ඩුබායිහි සිට අද දිනයේ මෙරටට පිටුවහල් කර තිබූ ඔහුගෙන් අද පෙරවරුවේ ගුවන්තොටුපලේදී රහස් පොලිසිය විසින් ද ප්‍රශ්න කිරීම සිදු කර තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැත සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් ගෙන් ප්‍රශ්ණ කිරීමට යයි.