බිස්කට් අලෙවිය හොදටම බහී.. ප‍්‍රධාන සමාගමක් පොත් ප‍්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..

September 23, 2022 at 12:02 am | lanka C news
බිස්කට් අලෙවිය හොදටම බහී.. ප‍්‍රධාන සමාගමක් පොත් ප‍්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙරට ප්‍රධාන පෙලේ සමාගමක් විසින් නොමිලේ බිස්කට් බෙදා දීමක් සිදු කරමින් තිබේ.

මෑතකදී එම සමාගම විසින් තම නිෂ්පාදන වල මිල අඩු කළ බවට ප්‍රසිද්ධ දැන්වීම් පළ කළේය.

මෙරට බිස්කට් සමාගම් තම නිෂ්පාදන වල මිල විශාල වශයෙන් ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයන් බිස්කට් මිලට ගැනීම අතහැර දැමීය.

ඒ සමගම එම සමාගම් වැසී යන තැනට පත්විම හේතුවෙන් සමාගම් සියල්ල ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිට තම සමාගම් බිඳ නොදමන ලෙසයි.

87,600 views

23 Comments to “බිස්කට් අලෙවිය හොදටම බහී.. ප‍්‍රධාන සමාගමක් පොත් ප‍්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..”

  1. දියසේන කුමාරයා says:

    බොහෝ රටවල් ඒ රටවල් වලට කරදරයක් අපහසු තාවයක් පැමිණි විට තම දේශීය නිෂ්පාදන වල මිල ගණන් අඩුකර ජනතාවට සහනයක් සලසදෙනවා. නමුත් ලංකාවේ දේශීය වියාපාරිකයන් ලද හැකි සෑමවිටකදීම සියලුම අත්‍යවශ්‍ය පාරිබෝගික භාණ්ඩවල පවා මිළ පවා විශාල ලෙසින් වැඩිකර ජනතාව තවත් අපහසුවේ හෙලනවා. රජයේ ඇමතිවරු, රාජ්‍ය සේවකයෝ පවා හැකි සෑම විටකදීම හදිසි මිලදීගැනීම් සිදුකර මොන හෝ වංචාවක් කර තම මඩිය තරකරගන්න තමයි උත්සාහ කරන්නේ.
    එත් මේරට ලෝකෙන් උතුම්ම රට කියල තමයි පොඩි ළමයින්ට උගවන්නේ. එහෙම කුඩා ළමයින්ට පාසලේ දී පවා බොරු උගන්වන රටක ළමයින් අඩුම තරමින් ඇත්ත-බොරු, හොඳ-නරක ඉගෙන ගනියිද? අනෙක මේවගේ රටක ඉගෙන ගන්න ළමයි තම යාලුවා, අසල්වැසියා හෝ අනෙකා ගේ අපහසු තාවය ගැන තැකීමක් කරයිද? එසේ කිරීමට ආගමෙන් හෝ පාසලෙන් ඉගෙනගනියද? කොටින්ම ශ්‍රී ලංකාවේ යහපත් සමාජයක් අත්වෙයිද?
    එත් රට මෙහෙයවන්න දේශපාලන පක්ෂ 100ක් විතර තියෙනවා. රට යහමගට යොමුකරන්න බෞද්ධ පන්සල්, බෞද්ධ හා අන්‍යාගමික ආරාම හා කතෝලික, ක්‍රිස්තියානි මුස්ලිම් පල්ලි වැනි ආගමික ස්ථාන අඩියෙන් අඩිය තියෙනවා. උදේ ඉදන් රෑවෙණකන් බන බන කියන රුපවාහිනී සහ රේඩියෝ චැනල් ඕනෑතරම් තියෙනවා. නමුත් ඒවයෙත් කරන්නේ බිස්නස් – වියාපාර විතරයි. අනේ මෙහෙම ලංකාවක්! අහෝ ඛේධයකි! දුකකි.

    • Sasrasi says:

      එහෙම කරන්න පුළුවන් අමුද්‍රව්‍ය තම රටෙන්ම සොයාගන්නවා නම්. රටින් ගෙන්වන අමුද්‍රව්‍ය වලට මොකෝ බදු අඩුකරනවා නම් දෙන්න පුළුවන් . කී දෙනෙකුට පඩි දෙන්න ඕනද . වැඩිවෙන විදුලි බිල කවුද ගෙවන්නේ. ඔහොම කියන්න කාට බැරිද.
      පන්සල් වලටත් දානේ දැන් ලැබෙනවාද හරියට . සොයා බලන්න .

      • Concerned says:

        amudrawya pitaratin genawa kiyamuko, eth e mila wenasa paaribogikayata mulumaninma barak karanna narakai. issara thibuna profit margin ma (ho eeta wadiyen) ganna uthsaaha kireema thamai mang dakinne me ahaara walata thiyena illuma adu weema. wedi thanhawe prathipalayak.

      • දියසේන කුමාරයා says:

        එකියන්නේ මුල ඉඳලම ඔබලාගේ නිෂ්පාදන මිලදීගත් ඔබලාගේ දියුණුවට උදවු කල, මේ වියාපාර කෝටිපති වියාපාර දක්වා ඔසවා තැබීමට අත හිතදුන් ඒ පාරිබෝගකයන් වෙනුවෙන් කිසිම කැපවීමක් කරන්න හෝ තම ලාභය සතයකින් හෝ අඩුකරගැනීමට මේ කෝටිපති වියාපාරිකයන් දැන් කැමති නැහැ, නැතිනම් ආනයනික අමුද්‍රව්‍ය යම් පමණක් වෙනස්කර මිනිසුන්ට දරන්න පුළුවන් වන නිෂ්පාදනයක් කර හෝ මහජනතාවට පහසුවක් කරන්න මේ ආත්මාර්ථකාමී වියාපාරිකයන් කැමති නැහැ කියන එකනේද?
        එහෙව් වියාපාර වලට ජනතාව තවදුරටත් අත-හිත දෙයිද? එහෙම දෙනවානම් ඔවුන් තරම් තවත් මෝඩයන් ඉදියි කියලා විස්වාස කරන්න පුලුවන්ද? ඒ මෝඩයන්ට තවත් උසුළු-විසිළු කර ඔබවැනි කෝටිපති වියපාරිකයන් තවත් ජනතාව පීඩාවට පත්කරයි නේද?

  2. කලු කඩේ says:

    පරිස්සමෙන්, කල් ඉකුත් වෙලාද බලන්න.

  3. buwa says:

    Mata 60 , e unata Maliban biscut kanawa podi ekek wage, attahtama mama kamathii oka adu karanwanam..

    being a childish, but , I can help it…pls bring the price down. thank you.

  4. හුළං විස්කෝතු says:

    ඔය මගුල් ගණන් යන එකම තමයි හොඳ. බිස්කට් කාල දියවැඩියාව ඇතුළු රෝග ඇති පරම්පරාවක් ඇතිවෙන එක නැවතිලා යනවා.

  5. Minoli says:

    මම තවම බිස්කට්‍ ගන්නවා මග යනඑනකොට මුනගැහෙන බලු සුරතලුන්ට දෙන්න.එහෙත් දැන් පවතින මිල නිසා අමාරුයි වියදමත්.දැන් මම හිතා ගත්තා ඒ සත්තුන්ට බිස්කට්‍වලට වැඩිය හොඳයි යෝගට්‍ අරන්දෙන එක කියලා

  6. Samanthas says:

    උන්ගේ company පවත්වාගෙන යන්න අතේ තියෙන පිච්චිය පිහලම දුන්නම බත් උයන්න හාල් ඇටයක් ගන්නේ අපේ අරක විකුණලද දන්නේ නෑ

  7. Samanthas says:

    ළඟදීම කෙලවෙන තව කට්ටියක් ඉන්නවා..

    Lux / Velvet ආදී සබන්..
    225/= කැටයක්.

  8. Mahinda Siriwardena says:

    Cakes, biscuits, ice-cream, cool drinks, soy meat, sausages, meat balls, hydrogenated oils and similar processed foods are all unhealthy foods. They should be avoided at all costs. Eat home made simple foods. What you spend on inferior processed foods can be spent on buying vegetables, fruits, fish and meat. Companies are good at influencing the gullible consumers. We must have the freedom to eat healthy foods prepared at home.

  9. පුරවැසි says:

    කෙටියෙන්ම කියනවා නම් බිස්කට් කියන්නේ කිසිසේත්ම අවශ්‍ය ආහාරයක් නෙවෙයි.

Leave a Comment

Main News