බිස්කට් අලෙවිය හොදටම බහී.. ප‍්‍රධාන සමාගමක් පොත් ප‍්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..

September 23, 2022 at 12:02 am | lanka C news
බිස්කට් අලෙවිය හොදටම බහී.. ප‍්‍රධාන සමාගමක් පොත් ප‍්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙරට ප්‍රධාන පෙලේ සමාගමක් විසින් නොමිලේ බිස්කට් බෙදා දීමක් සිදු කරමින් තිබේ.

මෑතකදී එම සමාගම විසින් තම නිෂ්පාදන වල මිල අඩු කළ බවට ප්‍රසිද්ධ දැන්වීම් පළ කළේය.

මෙරට බිස්කට් සමාගම් තම නිෂ්පාදන වල මිල විශාල වශයෙන් ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයන් බිස්කට් මිලට ගැනීම අතහැර දැමීය.

ඒ සමගම එම සමාගම් වැසී යන තැනට පත්විම හේතුවෙන් සමාගම් සියල්ල ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිට තම සමාගම් බිඳ නොදමන ලෙසයි.

87,358 views

23 Comments to “බිස්කට් අලෙවිය හොදටම බහී.. ප‍්‍රධාන සමාගමක් පොත් ප‍්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..”

  1. අපි බංකොලොත් says:

    බිස්කට් නිශ්පාදනය නවතා කේක් නිශ්පාදනය කරන්න පටන් ගන්න . එතකොට මිනිස්සු ගනියි. එතකොට
    “පාන් නැත්නම් කේක් කාපල්ලා” කියලා එදා ප්‍රංශ රැජින කියපු විදිහට කරන්න පුළුවන්

  2. Upul says:

    No need to hide the name. The banner in front of the stall says “Maliban” which anybody could see.

  3. sira says:

    මිනිස්සුන්ට බිස්කට් අත්‍යවශ්‍ය ආහාරයක් නොවන නිසා ගන්නේ නැහැ, අනික අන්තවාදී බිස්කට් ව්‍යාපාර මඩ ගැහුවා. රට නිකන්ම උන් ගිලගන්නවා ලේසියෙන්ම සිංහල දේශපාලුව රට විනාස කරපු නිසා, උන් රට දාල යන්නෙත් නැහැ, ජනගහනය පුරවනවා ළමයි 5 ගානේ එක පවුලකින්, සිංහලය එකා ඉන්න එකත් රට දාල යනවා.

  4. chandapala says:

    ඔය ගොල්ල උහුලන්න බැරි තරමට අසාධාරණ විදියට මිල වැඩි කරපු හින්ද අපි බිස්කට් කෑම සදහටම ඇත ඇරියනේ. දැන් අපිට දියවැඩියාව වගේ ලෙඩත් නෑ. ඔය විදියට දිගටම මිල වැඩි කලානම් හරිම හොඳයි .

  5. මහඝෙන් says:

    අපි දැන් පොල් රොටිවලට පුරැදුවුනා

  6. Kumar says:

    What I feel that people have priorities. They will spend only for essentials and ignoring the other expenses with the prevailing situation

  7. සුනිල් රණතුංග says:

    ඇත්තටම දැන් අඩු කලේ කරපු වැඩේ වැරදි විදියට කල නිසානෙ දැන් විදවන්න දෙන්නම වෙනව මිනිස්සු බිස්කට් එක නොගත් කියල මැරෙන්න නැහැ ඊට වඩා වටිනව ලමයිට එලවලු මාළු කෑල්ලක් එක්ක හොදට බත් ටික කන්න ිියෙනමුදල් පිරිමහගත්තනම් ඕවයෙ ඉන්න මහ එවුවො බලන්න පාරිබෝගිකයව මරාගෙන කාල වැජබෙන්න ඒක නිසා ඔහොම වෙන් ඕනෙ

    • Sasrasi says:

      ඒක හරි රුපියල් 500 කට කිට්ටු වෙන ගානකට බිස්කට් එක නොගෙන හාල් ටිකක් ගෙනිච්චොත් කැද වත් බොන්න පුළුවන් .

  8. Alapaluwa says:

    රටේ ජනතාව එකාමෙන් එකතු වුවහොත් කරන්න බැරි දෙයක් නැත.මෙන්න මේවගේ ම්මේ පාර්ලිමේන්තුවේ ඉන්නා හොරුන්වත් පිළිකුල් කර හෙළා දකිමු අන්න එදාට ඔය බිස්කට් වලට වුවදේම සිදුවේවි!Alapaluwa

  9. සුජිත් පනන්ගල says:

    අපේ ගෙදර ළමයි තුන්දෙනත් එක්ක 5 ඉන්නවා.. වෙනදා බිස්කට් වෙනුවෙන් මාසයකට රු.10000/=විතර ගියා. අද වටිනාකමින් රු.20000/= විතර . දැන් අපේ ගෙදර කවුරුත් බිස්කට් කන්නේ නෑ. එහෙමයි කියලා කාටවත් මොකුත් වෙලා නෑ. අනවශ්‍ය වියදමක් .

  10. Dp says:

    ලැබිච්ච චාන්ස් එකෙන් ලොකු ගණන් වලින් ලාභ උපයන්න ගියාම ඔහොම වෙනවා. මමත් සාමාන්‍යයෙන් සතියකට පොඩි පැකට් 4ක් 5ක් ගන්නවා .. දැන් කිසි දෙයක් ගන්නේ නෑ3. උඹලාම හදාගෙන උම්බලාම කාපල්ලා..

Leave a Comment

Main News