බිස්කට් මිල අඩු කලා.. දැන් කන්න…- මැලිබන් වෙතින් නිවේදනයක්..

September 20, 2022 at 3:14 am | lanka C news
බිස්කට් මිල අඩු කලා.. දැන් කන්න…- මැලිබන් වෙතින් නිවේදනයක්..

තම සමාගම විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන රැසක මිල ගණන් පහත හෙළීමට කටයුතු කළ බව මැලිබන් බිස්කට් සමාගම නිවේදනය කරයි.

පසුගිය මාස කීපය තුල රටේ පැවති තත්වය සමග නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් බිස්කට් මිල ඉහළ දැමුවද මෑත කාලයේ සිට නිෂ්පාදන ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම අනුව බිස්කට් මිල පහළ දැමීම කළ බව ඔවුන් සඳහන් කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාගම විසින් මේ බව දැනුම් දී තිබේ.

මෑත කාලයේදී බිස්කට් මිල අසාමන්‍ය ලෙස ඉහල යාම මත ජනතාව බිස්කට් මිලට ගැනීම අඩු කිරීම හේතුවෙන් මෙරට ප‍්‍රධාන පෙලේ බිස්කට් සමාගම් මාධ්‍ය හමුවක් පවත්වමින් බිස්කට් මිලට ගන්නා ලෙස ජනතාවට ආයාචනා කලේය. එසේ නොකලහොත් තම සමාගම් වැසී යනු ඇතැයිද කීහ.

206,316 views

28 Comments to “බිස්කට් මිල අඩු කලා.. දැන් කන්න…- මැලිබන් වෙතින් නිවේදනයක්..”

  1. Lalla says:

    ප්‍රධාන සමාගම් දෙක තරඟයට මිල වැඩිකලා. ගසාකෑම පාලනය රජයට බෑ. මහජනතාව ඊට වැඩිය හොඳට ඒක කලා

  2. මහින්ද says:

    Biscuits are not at all a wholesome food. They contain wheat flour, sugar, low quality butter, preservatives (of which we have no idea), leavening agents etc, which are not healthy ingredients according to latest scientific evidence. Spend that money for vegetables, and a moderate amount of good fruit, meat, eggs and fish. Beware of what you eat. No company is going to spend for you when you fall I’ll owing to bad food habits.

  3. බිස්කට් කන්න ඵපාමයි says:

    බර අඩු කරලා මිල අඩු කරලා තියෙන්නේ. අහුවෙන්න එපා මුන්ගේ ගැට වලට. අනික බොරවා, හුලං විස්කෝතු, බටන් විස්කෝතු ලාබයි රසායනික රස කාරකත් නෑනේ. ගානත් අඩුයි. ගමත් දියුණු වනවා

  4. සවාධීන says:

    අපේ ගෑනී බිස්කට් ගෙනවිත් මම ආපහු කඩේ ට දිලා සල්ලි ගෙන්න ගත්තා. දෙන්නම් තොපි ට. අපි බිස්කට් කන්නේ නෑ. බිස්කට් වලින් තොපි පුක පිහදාපියවි.

  5. Gamini Hewa says:

    මැලිබන් නිර්මාතෘ හින්නි අප්පුහාමි මැතිතුමා මාතර පලාතේ සිට කොළඹ පැමිණ මුලින් ම කළ රැකියාව වූයේ හෝටලයක පිඟන් සේදීමයි.ක්‍රම ක්‍රමයෙන් දියුණු වූ එතුමා පසුව රටවල් 45 කට පමණ බිස්කට් අපනයනය කළේය,පිනට දහමට ද නොමසුරුව පරිත්‍යාග කළේය.එතුමාගේ දියුණුවේ එක් රහසක් වූයේ හම්බකළ මුදල් මත්පැන් බී විනාශ නොකිරීම ය.

  6. මෝ says:

    ඕක තමයි හරිම විදිය.ඇමරිකාව,බඩු මිල පාලනය කරන්නෙ ඔය ක්‍රමේට.මිනිස්සු ගන්නෙ මිල බලලා.ගාන වැඩිනම් ඩිමාන්ඩ් එක නෑ.නිකම්ම මිල පහත හෙලන්න වෙනවා.ඔය ගේම හැම නිශ්පාදකයාටම වෙලෙන්දාටම ගහන්න ජනතාව සිතා ගත යුතුයි.අනික සියලුම මිල දර්ශන අන්තතර් ජාලයට ඇතුලත් කල යුතුයි.මිල සහ කොලිටිය බලා බඩු මුට්ටු තෝරාගැනීම කල යුතුයි.බිස්කට් නොකා ඕකුන්ට හොද පාඩමක් උගන්වන්න.දුක ඉතිං වැඩකරන අසරන සේවක සේවිකාවන්ගැන තමයි.

  7. Sasrasi says:

    කඩා වැටෙන රටක ලක්ශන තමා මේ. මේකට ඉතින් ඒ සමාගම් එක්ක රන්ඩු කරලා වැඩක් නෑ. අත්‍යවශ්‍ය ම ආහාර වල මිල ඉතාම ඉහළට යනකොට මිනිස්සු අත්‍යාවශ්‍ය නොවන ඒවා නොගෙන ඉන්න පෙලබෙනවා. ඒ වෙනුවට හාල් ගන්න පුළුවන් නේ . ඒකෙන් වේලක් දෙකක් කන්න පුළුවන් .
    එකම දේ තමා ඔය ව්‍ව්‍යාපාරකඩා වැටුනොත් ඉතින් පවුල් කීයකට ආදායම් නැති වෙනවා ද, එයට වක්‍රාකාරයෙන් සම්බන්ධ අයට , පවා .. ඊලග ට පාන් . ඒකත් එහෙම වේවි.
    මේ ඔක්කොම කරලා හොරු සතුටින් තාම රටම කන්න තවත් නූල් සූත්තර දානවා . මිනිසුන්ට ඒක අමතකයි. උන් කේක් කනවා . කොමිස් ගහන්න හොයනවා තාම . අතහරින්නේ නෑ මේ කේක් ගෙඩිය.

Leave a Comment

Main News