බි‍්‍රතාන්‍යයේ සිට පැමිණ ගුවන් යානයේ ආ දෙදෙනෙකුට කොරෝනා.. බි‍්‍රතාන්‍යයේ නව ප‍්‍රභේදයදැයි සැකයක්..

December 30, 2020 at 10:00 am | lanka C news
බි‍්‍රතාන්‍යයේ සිට පැමිණ ගුවන් යානයේ ආ දෙදෙනෙකුට කොරෝනා.. බි‍්‍රතාන්‍යයේ නව ප‍්‍රභේදයදැයි සැකයක්..

එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේ පසුගිය 22 වනදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ආසාදිත ලෙද හදුනාගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍ය පුරා මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයදැයි හඳුනා ගැනීමට පරීක්‍ෂණ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

එම ආසාදිතයන් දෙදෙනාගේ ජීව සාම්පල මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියාය.

24,791 views

13 Comments to “බි‍්‍රතාන්‍යයේ සිට පැමිණ ගුවන් යානයේ ආ දෙදෙනෙකුට කොරෝනා.. බි‍්‍රතාන්‍යයේ නව ප‍්‍රභේදයදැයි සැකයක්..”

  1. මදුසන්ක says:

    අපි මොකටද බය වෙන්නෙ ගුවන් තොටුපලේ පැමිණීමේ පර්‍යන්තයේ කාලි පැණි බෝතලයක් සහ රාවණා පැණි බෝතලයක් එක්ක නිලධාරියෙක් තිව්ව නම් මොකා මොන කොරෝනා එක්ක රටට ආවත් බය වෙන්න දෙයක් නෑ.පාස්පෝට් එක ස්ටෑම්ප් කරන ගමන් පැණි උගුරකුත් ඔෆර් කරනව.

    • Karunadasa says:

      හරියට හරි එතකොට ඔය අයර්ලන්තේ පැත්තේ ගෙවල් තියෙන ලංකාවෙි සල්ලිකාරයෝ එහෙම එනකොට ඔෆර්කරන්ට ගවමුත්‍රා බෝතලේකුත් තියමු

  2. Karunadasa says:

    මලකෙලියයි මෙි අලුත් ප්‍රබෙිදෙට ඉන්ජෙක්සන් වැඩ කරන එකත් ෂූවර් නැතිලු

    • ක්‍රිමිනල් says:

      කවුද කියන්නේ දේවමන්ඩලේ ආනුභාවයෙන් බෙහෙත් හොයන ගංකබරයොද ? එහෙම කියලා ඔප්පු කරන්න වරෙං සංවාදයකට , පැහැදිලි කරුණු ,මුලාශ්‍ර එක්ක.

    • aniwa says:

      හෙළ වෙදකම හැල්ලු කරන්න එපා
      අනිවා පැණියෙන් ගොඩ යනවා

  3. කවීශ ලක්මාල් says:

    ගුවන් යානා එන එක නැවැත්තුවා කීව නේද.. මොකටද එන්න් දෙන්නෙ

    • aniwa says:

      අපේ උදයංග සර්ගෙ බිස්නස් එකට සප් එකක් දෙන්න ඕනනේ අප්පච්චිට ගොට සර්ට ඉස්සර කරපු උදවු හින්ද
      නැත්තං embarkation taxes and ground handling fees අයින් කරේ අහවල් දේකටද ?
      ජය වේවා අපේ පොහොට්ටු ආණ්ඩුව !

  4. Opa-dupa says:

    Janadipathi Thuma engalanthen ena flights nawaththuwa neda? Me gollo kohomada ratata ethul une?

  5. අතුලසෞදි says:

    රටේ සිදුවෙන සමහර දේවල් නිසා අපි කලකිරෙනව විතරයි . අපි අපිට පව් .

  6. වන්නියා says:

    අනේ කොච්චර එකද්ද . එංගලන්තෙ සුද්දගෙ නෙ . ආසාවෙ බෑ . අපිටත් දෙන්ඩෝ ඕ ඕ ඕ ඕ .

  7. Janak says:

    එංගලන්තෙන් එනවා කියන්නේ උන්ට එක්කෝ කොරෝන එක්කෝ එහෙ හොරෙන් ඉන්න උන්. මොකද එහෙ බහුතරයක් මිනිස්සු ගෙදර ඉඳන් වැඩ කරනවා. අනිත් අයට රජයෙන් ගෙවනවා (හැබැයි ගෙවන්නේ පඩියෙන් ගහපු tax වලින්. අවමය 20% වත් එහෙ tax ගහනවා). ඒක නිසා ඔය එන හැම එකාම හොඳට අපුල්ලලා ගෙට ගන්න කියල තමයි කියන්න තියෙන්නේ.

Main News