බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය ආවේ යුක්රේන සංචාරක බුබුලෙන්.. ලොව භායානකම ප‍්‍රභේද හතරෙන් තුනක්ම ලංකාවෙන් හමුවේ..

May 10, 2021 at 6:26 am | lanka C news
බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය ආවේ යුක්රේන සංචාරක බුබුලෙන්.. ලොව භායානකම ප‍්‍රභේද හතරෙන් තුනක්ම ලංකාවෙන් හමුවේ..

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

ඉන්දියානුවන්ට මෙරට නිරෝධායනය වෙන්නැයි වෙළඳ දැන්වීම්ද දමා ගෙන්වාගත් බවත් කොතරම් විරුද්ධව ඒ ගැන කියා සිටියද ඒ සම්බන්ධයෙන් බලධාරීන් සැලකිලිමත් නොවූ බවත් පැවසූ ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු ප්‍රභේදය ද ලංකාවෙන් වාර්තා වන බවත් ඒ සඳහන් කළේය.

දැනට ලෝකයේ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ප්‍රභේද හතර අතරින් ශ්‍රී ලංකාවට 03ක්ම දැනටමත් පැමිණ තිබෙන බවත් පැමිණ නැත්තේ බ‍්‍රසීල ප්‍රභේදය පමණක් බවත් ඔහු තව දුරටත් පැවසීය.

48,444 views

42 Comments to “බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය ආවේ යුක්රේන සංචාරක බුබුලෙන්.. ලොව භායානකම ප‍්‍රභේද හතරෙන් තුනක්ම ලංකාවෙන් හමුවේ..”

  1. Nimal says:

    හෙඩිම දැක්කම උඩ විසි උනා පස්සෙනේ දැක්කේ කියපු පොර. ලැබි කටිටා කියලා .අවිලක් නෑ තවත් ගජබින්නයක්

  2. Dikan says:

    මූ ලැබ් එකක වැඩ කරන එකෙක්. මූ ම ඌට විද්වතා කියාගෙන ලොරි ටෝක් දෙනවා. මේ වගේ ගොබ්බයෝ කියන ඒවා පිලිගන්නා ගොන්නුත් ඉන්නවා

  3. තට්ට මෑන් says:

    කවුද කියන්නෙ සෑර් ෆේල් කියලා. ඔය තියෙන්නෙ වැඩ. අපි බය වෙයි ඔය වෛරස් වලට.

  4. John the baptice says:

    මේ සම්බන්දයෙන් සිටිය මැටි මොළ ඇමති වගකිව යුතුය.

  5. Donald Trump says:

    Is this guy a politician or a government employee. OR day dreaming to be a national list mp.

  6. Dr Zee says:

    අපෝ මේක කියන්නේ කොරෝනාවෙන් දේශපාලනේ කරන් ලැබ් ටෙස්ට් බෝයි නේ.

  7. Dengu Nona says:

    meke koment gahapu pohottu henchayyiyalaa bohoma denek danne naha Ravi Kumudesh kawuda kiyalaa. parayine, ohu thopi wage wagakeemak nathi paankadayek noveyi!!

Main News