බි‍්‍රතාන්‍ය වෛරසය සංචාරකයන් හරහා ඇතුළු විය හැකියි.. තත්වය ඉතා බරපතල වේවි..

December 23, 2020 at 6:48 pm | lanka C news
බි‍්‍රතාන්‍ය වෛරසය සංචාරකයන් හරහා ඇතුළු විය හැකියි.. තත්වය ඉතා බරපතල වේවි..

එංගලන්තයේ පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා එම වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

මෙම වෛරසය 70%ක පමණ පැතිරීම වේගවත් බව ද ඔහු සඳහන් කළේය.

සංචාරකයක් හරහා මෙම වෛරසය රටට ඇතුළු වුවහොත් තත්වය බරපතල වනු ඇතැයිද පැවසූ ඔහු වෛරසය රටට ඇතුළු වීම වැලකීමට ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයිද කියා සිටියේය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරස නව කාණ්ඩය පරීක්ෂණ වලින්ද හෙලි වීමේ සම්භාවිතාව අඩු බවයි.

26,427 views

11 Comments to “බි‍්‍රතාන්‍ය වෛරසය සංචාරකයන් හරහා ඇතුළු විය හැකියි.. තත්වය ඉතා බරපතල වේවි..”

  1. අජානීය ඉස්කූටර් says:

    සංචාරක ඇමැති කිව්වා හොඳින් හෝ නරකින් සංචාරකයන් ගේනවා කියලා.. ඔබතුමන් බෑග් ලෑස්තිකරන් ඉන්න වෙන තනතුරක් වෙත යන්න

    • වයි දිස් කොලවෙරි says:

      එන්නත ගහලා බේරෙන්න හිටිය උන්ට හිතන්නට යමක්.

  2. " BE- " පොසිටිට් " says:

    ඇයි අනේ අපේ අයගෙන් මෙහේ සංචාරයට එන අයට අපේ ” එච්-අයි-වී ” එක ගැන ඔය කටින් කිසිවක් නොකියා නිශ්ශබ්දව ඉන්නේ ..? ඒකෙත් බරපතලකම සංචාරකයන්ට කියලා දුන්නොත් නේද හොඳ..?

  3. kamal says:

    දැන් යන විදියට ෆයිසර් මැඩිනා ඔරොත්තු දෙන්නේ නැති seen එකක් තියෙන්නේ හත්දෙවියනේ එතකොට ටොයියොන්ට ජවිපාවුන්ට මොකදවෙන්නේ? මට නං ……. …..

  4. saman says:

    YES THIS IS TRUE. WE MUST NOT OPEN THE AIR PORTS AS SCHEDULED ON 26TH.
    IF WE TAKE THIS EASY . IT WILL BE A DISASTER.

  5. Ape Eka says:

    Yes this 100% true. The decision to open airports should changed. Airports should be kept closing until further notice.ap

  6. Please implement Local Traditional Medicine system and save our Life and Save Sri Lankans next to the world.

  7. රන්වල says:

    පර සුද්දට පුලුවනෑ අපිට කොරෝනා දෙන්න අපි කාලිගෙ දරුවො බොලවු.රාවණා අහරෙන් නාත අනික් පැත්තෙන් දැන් කාලි එහෙව් අපිට සුද්ද කොහේ කෙලින්නද ?පැණි බී සවි ගමු.සුද්දගෙ කොරෝනාව පරදමු.ඕන් චීනට නම් බයයි මොකෝ ඌට ණයයි නේ.

    • ජෙප්පා says:

      හා…. උබල කාලිගේ දරුවෝද?
      අපි නම් කාල් ගේ දරුවෝ.
      කාලීගේ දරුවෝ බෙහෙත් හදනකොට කාල් (මාක්ස්) ගේ දරුවෝ බලය අල්ලන්න කැරලි ගහලා 90,000ක් මැරුවා.

    • Lapayage dhobi says:

      Address nati wela pissu wikaren dodawanawa kalakanni Jeppa.

Main News