බීජ දෙයි.. ගවයන් කුකුලන් දෙයි.. නිෂ්පාදන මිලට ගනී.. පලවෙනි නිෂ්පාදන පොකුරු ගම්මානය අරඹයි..

August 31, 2020 at 2:02 am | lanka C news
බීජ දෙයි.. ගවයන් කුකුලන් දෙයි.. නිෂ්පාදන මිලට ගනී.. පලවෙනි නිෂ්පාදන පොකුරු ගම්මානය අරඹයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යා ඉදිරි දැක්ම යටතේ ස්වයං පෝෂිත ශ්‍රි ලංකාවක් ගොඩ නැගිමේ වැඩසටහන යටතේ පලවෙනි නිෂ්පාදන පොකුරු ගම්මානය නාවලපිටිය දෙකිද ප්‍රදේශයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නිෂ්පාදන කෘෂිකර්ම පොකුරු ගම්මානය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නාවලපිටිය දෙකිද අලුත්ගම ශ්‍රි ධර්මරාජ විහාරස්ථානයේ පැවති සාකච්ඡාවේදිය.

මෙම සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

අපේ රජය බලයට පත්වෙලා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඉදි කරන පලවෙනි නිෂ්පාදන කෘෂිකර්මන්ත ගම්මානය ඉදි කරන්නේ නාවලපිටිය දෙකිද අලුත්ගම ප්‍රදේශයේ .

ජනතාව කෘෂිකර්මාන්තයට යොමු කරලා ආර්ථිකය දියුණු කරනවා.

නිෂ්පාදන කෘෂිකර්මාන්ත ගම්මානයේ විවිධ බෝග වගා කරනවා. තමුන්නාන්සේලාට අවශ්‍යය සියළුම දේවල් අපි ලබාදෙනවා.

ඔබට අවශ්‍යය සියළු භාණ්ඩ මිල දි ගන්න වෙලදපොල හදනවා අපි. ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍යය උපකරණත් අපි ලබා දෙනවා.

ඔබ නිෂ්පාදනය කරන භාණ්ඩත් අපි මිල දි ගන්නවා ඒවට අවශ්‍යය මධ්‍යස්ථාන ඉදි කරනවා.

මෙම ව්‍යපෘතිය සදහා අපි විශාල මුදලක් වැය කරනවා.

අපි ඔබට බිජ ලබා දෙනවා , ඔබ නිෂ්පාදනය කරාට පස්සේ එවා මිල දි ගන්නවා.

අපි කිරි ගවයන් සහ කුකුලන් ලබා දෙනවා සත්ව පාලනය කිරිමට හැකි පවුල් සදහා.

ඔබේ ඉඩමින් මාසේට පනස්දහස දක්වා හොද අදායමක් හොයන්න පුළුවන් හොද ව්‍යපෘතියක් මේක යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,103 views

One Comment to “බීජ දෙයි.. ගවයන් කුකුලන් දෙයි.. නිෂ්පාදන මිලට ගනී.. පලවෙනි නිෂ්පාදන පොකුරු ගම්මානය අරඹයි..”

  1. tahribayya says:

    Masa kipayakata Widuliyath nikamma Denawaa kiyapu miniha neda ?

Main News