බීඩියට, සුරුට්ටුවටත් රුපියල් 3000ක් බදු ගහයි.. පෙට්ටිවල රූප අවවාද යොදයි..

November 6, 2016 at 12:40 pm | lanka C news
බීඩියට, සුරුට්ටුවටත් රුපියල් 3000ක් බදු ගහයි.. පෙට්ටිවල රූප අවවාද යොදයි..

සිගරට් පැකට්ටුෙවි රූපමය අවවාද සටහන් ආකාරයට බීඩි සහ සුරුට්ටු පැකට්වල ද රූපමය අවවාද සටහන් කිරිමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

රෝග රැසකට බහුලවම බලපාන දුම්පානය අවම කිරීෙමි අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත සිගරට් පැකට්ටුෙවි රූපමය අවවාද සටහන් කරන ලදි. නමුත් මෙතෙක් බීඩි සහ සුරුට්ටු පැකට්වල රූපමය අවවාද නොමැත. එම නිසා ඉදිරියේ දී රූපමය අවවාද සටහන් කිරීමට අවධානය යොමුව ඇති අතර, දුම්පානයෙන් ශ‍්‍රී ලාංකිකයින් ෙබිරා ගැනීෙමි වැඩපිළිවෙල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අදියරෙන් අදියර සිදු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

බීඩි සදහා ද රජය සැප්තැම්බර් මාසයේ දී බදු පැනවීමට පියවර ගෙන තිෙබි. බීඩි කොළ ආනයනයේ දී අය කරන සෙස් බද්ද රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි. මෙමගින් ද බලාපොරොත්තු වන්නේ සිගරට්වලට අමතරව විකල්ප නිෂ්පාදනවලින් ද ජනතාව ෙබිරාගැනීමට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවක් මත දුම්කොළ නිෂ්පාදන වල බදු ප‍්‍රතිශතය සියයට 90 දක්වා වැඩිකර ඇත. අද වනවිට දුම්වැටියක මිල රුපියල් 50 දක්වා වැඩිවී ඇත. දුම්වැටි මිල වැඩි කිරීමෙන් ද දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට   4-5 ත් දක්වා අවම කර ගැනීම අපේක්ෂාව බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

– නිපුන් ඒකනායක

56 views

2 Comments to “බීඩියට, සුරුට්ටුවටත් රුපියල් 3000ක් බදු ගහයි.. පෙට්ටිවල රූප අවවාද යොදයි..”

  1. gadol says:

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක දී බීඩි කර්මාන්තයේ වටිනාකම රුපියල් කෝටි 460 ක් පමණවන අතර බීඩි එතීම සඳහා අවශ්‍ය තෙන්දු කොළ ආනයනයේ දී පමණක් රජයට ආදායමක් ලැබෙන බව ද ඒ අනුව වසරකට එම කර්මාන්තයෙන් රජයට ලැබෙන ආදායම රුපියල් කෝටි 37 කට ආසන්න මුදලකැයි ද රේගු වාර්තා පෙන්වා දෙයි.

  2. love nature says:

    දුම් පානය කවර යක්‍ෂයකු විසින් සොයා ගත්තේ ද යන්න ගැන සාක්‍ෂි නැතත් මෙයට වසර 7000 කට පෙර අද ලතින් ඇමරිකාව ලෙස සැලකෙන ප්‍රදේශයේ සිටි ජනයා දුම්කොළ වවා සුරුට්‌ටු ඔතා දුම් උරන ලද බවට සාක්‍ෂි තිබේ. එදා සිට අද දක්‌වා ම මේ කැත පුරුද්ද පැවත එයි. කිසිදු හොඳ පුරුද්දක්‌ මෙපමණ කලක්‌ පැවත ආ බවට සාක්‍ෂි නැත. 1560 වන විට දුම්කොළය යුරෝපයට පැමිණියේ ය. දුම්කොළ තුළ ඇති පෙනහලු පිළිකා සාදන, හෘදයාබාධ ඇති කරන විනාශකාරී ද්‍රව්‍ය වන නිකොටින්වලට එම නම යොදන ලද්දේ ද ප්‍රංශයට නිකොටින් ගෙනා Jeaබ භසජදඑ සිහිපත් කරනු පිණිස බව මතක තබා ගත යුතුය. එමතු නොව දුම්කොළ ගසට මුල් කාලයේදී කියන ලද නම භසජදඑසබ් ය.

    පෙනහලුවල පිළිකාවක්‌ සෑදුණු සෑම රෝගියකු පිළිබඳ වගකීමෙන් 90% ක්‌ම සිගරැට්‌ කොම්පැණිකාරයන් විසින් භාරගත යුතුය. ලංකාවේ සිගරැට්‌ වෙළෙ¹ම ඒකාධිකාරයකි. බීඩි වෙළෙඳාම ඒකාධිකාරයක්‌ නොවේ. සුරුට්‌ටු යාපනේ පමණක්‌ නොව කොළඹත් ඔතනු ලැබේ. වැනිලා සුරුට්‌ටු යනුවෙන් රස කරමින් කොණ හප හපා උරන සුරුට්‌ටුව තුළ සිටින්නේ මාරයා ය. මේ සියල්ලට ම අමතරව සුදු බීඩි හෙවත් තුනී කොළයකට මැදිකළ දුම්කොළවලින් සාදන මාර පැටවුන් විශේෂයක්‌ ද තිබේ. එම බීඩිය සුදු වුවද එය ඇතුළත සිටින යකා කළුම කළු ය.

Main News