බීඩි කොල ටොන් එකක් අත්අඩංගුවේ..

November 12, 2019 at 2:04 am | lanka C news
බීඩි කොල ටොන් එකක් අත්අඩංගුවේ..

කිලිනොච්චිය , ඉරණමාතානගර් මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි කිරිමකදී නීතිවිරෝධී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ  පුද්ගලයින් දෙදෙනෙකු  නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරුමැද නාවික විධානය විසින් ඉරණමාතානගර් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමක් අතරතුරදී ඩිංගි යාත්‍රා දෙකක් මගින් ගොඩබිමට රැගෙන ඒමට උත්සහ කළ පාර්සල් 30 ක අසුරා තිබු මෙම නීතිවිරෝධී බිඩී කොළ තොගය නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින් මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගියාත්‍රා, සමග බිඩී කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය,රේගු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,019 Viewers
Main News