බීඩි කොල ටොන් 18ක් (කිලෝ 18,000ක්) උතුරේ අත්අඩංගුවට..

June 28, 2019 at 5:30 pm | lanka C news
බීඩි කොල ටොන් 18ක් (කිලෝ 18,000ක්) උතුරේ අත්අඩංගුවට..

මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේදී සඟවා තිබූ නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 1689.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ පාවෙමින් තිබූ පාර්සල් 14 කින් යුත් බීඩී කොළ කිලෝග්‍රෑම් 646.7 ක් පළමුව සොයා ගනු ලැබූ අතර පසුව නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී තවත් පාර්සල් 33 ක් තුළ අසුරා සඟවා තිබූ බීඩී කිලෝග්‍රෑම් 1042.9 ක් සමග පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 වන වියෙහි පසුවන අතර ඔහු මන්නාරම එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

ඒ අනුව ගතවූ මාස 6 ක් කාලය තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 18,000 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,370 Viewers

One Comment to “බීඩි කොල ටොන් 18ක් (කිලෝ 18,000ක්) උතුරේ අත්අඩංගුවට..”

  1. Dp says:

    බීඩි කොළ කි.18000,ක් කියන්නේ සෙල්ලම් නෙමෙයි . මේ වගේම කුඩු , බෝම්බ වගේ දේවල් ඉන්දියාවෙන් ගේන්න පුළුවන් .ජාතික ආරෂාවේ ප්‍රමුකත්වය නාවුක හමුදාවට ලැබිය යුතුයි.කෝටි ගණන් ඇමති වාහන වලට කරන වියදම් නාවුක හමුදා මුර යාත්‍රා සඳහා වැය කල යුතුයි .

Main News