බීඩි කොල මහ ජාවාරමක් වෙයි.. මන්නාරම් මුහුදෙන් කිලෝ දෙදහකට වැඩි ප්රමාණයක් අත්අඩංගුවට..
March 31, 2019 at 12:40 pm | lanka C news
මන්නාරම හා තලෙයි මන්නාරම් මුහුදු තීයේදී නාවික හමුදාව විසින් සිදු කලර ලද සෝදිසි කිරීම් වලදී දින දෙකක් තුල නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 2026 ග්රෑම් 84 ක ප්රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 29 දා රාත්රියේ තලෙයිමන්නාරම් මුහුදු සීමාවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්රා දෙකකින් සැකකරුවන් සිවු දෙනෙකු විසින් පාර්සල් 13 නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 570 ග්රෑම් 74 ක් ප්රමාණයක් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම වෙරලබඩ මුර යාත්රාවක් විසින් 29 වනදා අළුයම මන්නාරම් දකුණු මුහුදු තීරයේදී සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී බීඩිකොළ ඇසුරු පාර්සල් 33 ක් හමු වී ඇති අතර එහි තිබී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1456 ග්රෑම් එකක් තිබී අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල බීඩිකොළ තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් ඇති බවට නාවික හමුදාව විසින් තොරතුරු අනාවරනය කොට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් නීතිවිරෝධී බීඩි කොළ තොගය හා සැකකරුවන් වැඩි දුර පරික්සණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මුලින් පරිදි හමුදාව නැවත උතුරට ගෙන ආ යුතුය