බීඩි කොල වෙනුවට බීඩි තොග ගෙන්න පටන් අරන්… නීතිවිරෝධී බීඩි තොගයක් යාපනය මුහුදේදී අත්අඩංගුවට…

June 29, 2020 at 2:26 am | lanka C news
බීඩි කොල වෙනුවට බීඩි තොග ගෙන්න පටන් අරන්… නීතිවිරෝධී බීඩි තොගයක් යාපනය මුහුදේදී අත්අඩංගුවට…

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයේ උතුරු මුහුදට රැගෙන ඒමට උත්සහ කල සැකකරුවන් දෙදෙනෙකු සමගින් නීතිවිරෝධී බීඩි මිටි කිලෝ 295ක් ප්‍රථම වථාවට උතුරු මුහුදේදී 26 වනදා අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

මීට පෙර අවස්ථාවන් රැසකදී උතුරු මුහුදේදී නාවික හමුදාව විසින් නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ බීඩි කොළ වුවද මෙවර පළමු වතාවට බීඩි තොගයක්ම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් යාපනය මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් යොදාගනිමින් ප්‍රවාහනය කරන ලද අදාල නීතිවිරෝධී බීඩි තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල බීඩි තොගය පොහොර උරවලට දමා තිබූ බවටත් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බීඩි තොගය යාපනයට රැගෙන ඒමට උත්සහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් බීඩි තොගය හා සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33ත් 37 ත් වයස්හි පසුවන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සුරාබදු දෙපාර්තමේන්තුවට භාරදීමට නාවික හමුදා නිලධාරීන් විසින් පයවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,452 Viewers

Leave a Comment

Main News