බීබීසී අල්ජසීරා හරහා කුමන්ත‍්‍රණයක්..- මහින්දානන්ද

September 6, 2021 at 12:40 pm | lanka C news
බීබීසී අල්ජසීරා හරහා කුමන්ත‍්‍රණයක්..- මහින්දානන්ද

ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටින්නේ යැයි බීබීසී අල්ජසීරා ඇති වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීම කුමන්ත්‍රණයක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මෙරට තුළ එවන් කිසිදු ආහාර අර්බුදයක් නොමැති බවයි.

අද රට තුළ ඇත්තේ ආහාර අර්බුදයක් නොව මාෆියාවක් යයිද පැවසූ අමාත්‍යවරයා එම තව මාෆියාව පාලනය කිරීමට ජනාධිපතිගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් හදිසි නීතිය පැනවූයේ ඒ සඳහා බවත් පැවසීය.

හදිසි නීතිය පැනවීම අලුත් දෙයක් නොවන බවද පැවසූ ඔහු යහපාලන ආණ්ඩුව සමයේ කොළොන්නාව කුණු කන්ද කඩා වැටුණු අවස්ථාවේදී ද හදිසි නීතිය පැනවූ බව පෙන්වා දුන්නේය.

37,499 views

32 Comments to “බීබීසී අල්ජසීරා හරහා කුමන්ත‍්‍රණයක්..- මහින්දානන්ද”

  1. ලයනල් says:

    මුගේ කටට තුන් හුලස් රතිඤ්ඤයක් දාන්න තියෙනවානම්

    • CAT says:

      ලයනල්, කරනු හරි හැටි නොදැන මහින්දානන්ද මහතාට අවමන් නොකරන්න.. ලංකාවේ news කියන අල්ජසීරා reporter Fernando පිලිබදව පරීක්ෂණ කලයුතුයි ඇය අපේ රටට විරුද්ධව රට අපකීර්තියට පත්කරන news ප්‍රකාශ කරයි
      අපි එය හෙළා දකිමු