බීමත් ඇමතිවරයෙක් බන්ධනාගාරයට පැන යකා නටයි.. හිතවතුන්ට එල්ලුම්ගහ පෙන්වයි…

September 13, 2021 at 2:10 pm | lanka C news
බීමත් ඇමතිවරයෙක් බන්ධනාගාරයට පැන යකා නටයි.. හිතවතුන්ට එල්ලුම්ගහ පෙන්වයි…

රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඔහුගේ හිතවතුන් රැසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

හිතවතුන්ට එල්ලුම් ගස පෙන්වීමට අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය වී ඇති අතර ඔහු පැමිණි අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද සඳහන්ය.

ඒ මොහොතේ අමාත්‍යවරයාගේ සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවත් ඔහු සිටගෙන සිටීමට නොහැකි තරමට බීමතින් බිම ඇද වැටී ඇති බවත් වාර්තාවේ දැක්වේ.

බන්ධනාගාරයට පිරිස ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ කරන්න නිලධාරීන්ට අමාත්‍යවරයා හා ඔහුගේ හිතවතුන් බැන වැදී ඇතැයි ද සඳහන් වෙයි.

කෙසේ නමුත් මේ ආකාරයේ සිදුවීමක් වාර්තා වී නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පුවත්පතට පවසා ඇත.

98,298 views

39 Comments to “බීමත් ඇමතිවරයෙක් බන්ධනාගාරයට පැන යකා නටයි.. හිතවතුන්ට එල්ලුම්ගහ පෙන්වයි…”

  1. Love nature says:

    රාත්‍රියේ බීමතින් නයෙකු අල්ලා නයාට හාදු දීමට ගිය පුද්ගලයකු නයා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.

    මියගිය පුද්ගලයා බීමතින් සිටි අවස්ථාවක ගෙවත්තට නයෙකු පැමිණ ඇති අතර, එම පුද්ගලයා නයා අල්ලාගෙන නයාට හාදුදීමට ගොස් ඇති බව අසල්වාසීහු කියති. මියගිය පුද්ගලයා නයා අල්ලා විවිධ ක්‍රියාකාරකම් සිදුකොට අනතුරුව නයා කැලෑවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කළ බවත් සිද්ධිය දුටුවෝ පවසති. රෝහල්ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂ​ණයේදී නයා පහරදීමෙන් හටගත් නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

  2. Athula says:

    ශ්‍රී මහා බෝදිය වඳින්න ගිය එකා වෙන්න ඇති

  3. Athula says:

    දැන් රට අන්තිම පාදඩ යන්ගේ පාලනයට ඇෆ්ගනිස්ථානය තලිබන්ලට ගියාවගේ

  4. xman says:

    IF there is no rule of law, Sr Lanka wont ever become another Singapore.

  5. Jagath Silva says:

    I think they want to let the people enjoy in the covid

Leave a Comment

Main News