බීමත් කාන්ත අධිකරණයට ඉදිරිපත් කෙරේ… හැප්පූ කාන්තාවට බරපතලයි..

March 2, 2019 at 10:00 am | lanka C news
බීමත් කාන්ත අධිකරණයට ඉදිරිපත් කෙරේ… හැප්පූ කාන්තාවට බරපතලයි..

බීමතින් රිය පදවා කාන්තාවක් හා දැරියක් අනතුරට ලක් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරාධපුර බන්ධනාගාරය අසදී ඊයේ දිනයේ මෙම අනරතුර සිදුව ඇත්තේ ලාල් කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයක් කාන්තාවක් විසින් පදවන ලද යතුරු පැදියක ගැටීමෙනි.

අනතුර නිසා කාන්තාවට බරපතල තුවාල සිදුව ඇති අතර දැරිය සුළු තුවාල ලබා සිටී.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ ලාල් කාන්ත මහතා බීමතින් සිටි බව පරීක්‍ෂණවලින් තහවුරු වූ බවයි.

88 views