බීමත් විරෝධතාකරුවන් CEB නිලධාරින්ට පහර දේ..

April 30, 2022 at 2:10 am | lanka C news
බීමත් විරෝධතාකරුවන් CEB නිලධාරින්ට පහර දේ..

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් විසින් (28) දින සිදු කල වැඩ වර්ජනයට සහයෝගය දක්වා හැටන් ෂැනන් වතු යායේ තරුණයන් පිරිසක් (28) දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ටයර් පුළුස්සා සිදු කල උද්ඝෝෂණයෙන් අනතුරුව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ කාර්මික නිලධාරියෙකුට පහර දුන් තරුණයන් තිදෙනෙකු (29) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් පිරිසක් හැටන් වැලිඔය වතු යායේ විදුලි බිද වැටිමක නඩත්තු කටයුත්තක් සදහා ගොස් ආපසු හැටන් දක්වා ලොරි රථයෙන් පැමිණෙන අතරතුර උද්ඝෝෂණයට සහභාගි වි ආපසු ෂැනන් වතු යාය දක්වා යමින් සිටි තරුණයන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වු වාහන වලට බාධා කරමින් එම වාහන වල රියදුරන්ට බාධා කර ඇත.

එම අවස්තාවේ හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ලොරි රථයේ ගමන් ගත් කාර්මික නිලධාරියා බිමට ඇද දමා උද්ඝෝෂණයට සහභාගි වු තරුණයන් තිදෙනෙකු පහර දි ලොරි රථයේ යතුර එම තරුණයන් විසින් රැගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

පසුව එම ස්ථානයට ගිය හැටන් පොලිසියේ නිලධාරින් සැකකරුවෙකු අතෙහි තිබු ලොරි රථයේ යතුර රැගෙන විදුලි බල මණ්ඩලයේ සේවකයින් භාර දි ඇත.

පහර දිමෙන් තුවාල ලැබුවේ යැයි කියන හැටනි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ කාර්මික නිලධාරියා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්,අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,537 views

5 Comments to “බීමත් විරෝධතාකරුවන් CEB නිලධාරින්ට පහර දේ..”

  1. සම්පත් says:

    දැන් මානව හිමිකම් කැඩුවා කියලා පොලිසියට නඩු දායි. මේ වගේ දේශපාළණික වාසි තකා දාන චෝදනා ගනන් ගන්නේ නැතුව, ඕකුන්ගේ ඉල ඇට කැඩෙන්න ගහලා හිරේ දාන්න තියෙන්නේ.

    • 3% රතු වහලා says:

      කොන්ද පණ තියේ නම් කපපිය ලයිට් මුලු හැටන් වලටම
      ඒ පැතිවල බල්ලො වගේ ඉන්නවා සින්හල අපිට තමයි පාට් එක දාන්නෙ කාලකන්නි

  2. TK says:

    දාමරික වැඩ කරන ඕනෑම උද්ඝෝෂණ කාරයෙක් අත් අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න ඕනෑ. මේ අරගලය නිර්පාක්ශික කියන්නේ සම්පූර්ණයෙන් වංචාවක්. සියයට අනූපහක් බූරු පුතානෝගේ නඩය මේක පිටුපසින් ඉන්නේ. සියයට දහයක් අනුර කුමාරට කඩේ යන ජේවීපී කාරයෝ ඉන්නේ. සියයට පහක් විතරයි ඔය කියන මධ්‍යස්ත මතධාරීන් ඉන්නේ. සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධියක් දෙන නිසා ආන්ඩුවට කරගන්න දෙයක් නැතිව හිර වෙලා ඉන්නේ. එහෙම නැතිව මුන් කරන දේවල් සර්ව සාධාරණ නිසා නොවේ. මේ පෙලපාලි යන බොහෝ පිරිසක් රටේ ප්‍රශ්නය ඉවර කිරීමට පාරට බැහැලා නැහැ. අතයටින් හම්බවෙන ඩයස්පෝරාවේ සල්ලි වෙනුවෙන් බෝඩ්ලෑලි උස්සගෙන යනවා විතරයි.

  3. Boo says:

    ආන්න දැං සිස්ටම් එක චේන්ජ් වෙලා. ඕ ඔහොම තමා අපේ රට සුර පුරයක් කරා යන්නෙ.

  4. NuwanJ says:

    වෙනසක මහිමය ඔක තමයි අද හැම නගරයකම වෙන්නෙ හදිසි ගමනක් යන කෙනෙකුටවත් යන්න විදියක් නැ
    උද්ඝෝෂණ නිසා කරදරේ වැටුනෙ අපිමයි.

Main News