බීමතින් ශ‍්‍රිපාදයේ පිස්සු නැටූ භික්‍ෂුවක් අත්අඩංගුවට.. ගංජාද හමුවේ…

January 12, 2022 at 3:22 am | lanka C news
බීමතින් ශ‍්‍රිපාදයේ පිස්සු නැටූ භික්‍ෂුවක් අත්අඩංගුවට.. ගංජාද හමුවේ…

බිමත්ව අසෝභන ලෙස හැසිරුණු චිවරදාරියෙකු (11) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් චිවරදාරියා කුරුණැගල ප්‍රදේශයේ සිට තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ මත්පැන් පානය කර අසෝභන ලෙස හැසිරෙන බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකාර චිවරදාරියා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, සැකකරු සන්තකයේ ගංජා පැකට්ටුවක්ද තිබි පොලිස් භාරයට ගත් බවයි නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

සැකකාර චිවරදාරියා පැමිණි මොටර් රථය පරික්ෂා කිරිමේදි මොටර් රථය තුල තිබි තවත් ගංජා පැකට්ටුවක් සොයාගත් බවත්, ඒ අනුව මොටර් රථයේ රියදුරාද සැකපිට අත්අඩංගුවට ගත් බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට චිවරදාරියා සහ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

93,238 views

19 Comments to “බීමතින් ශ‍්‍රිපාදයේ පිස්සු නැටූ භික්‍ෂුවක් අත්අඩංගුවට.. ගංජාද හමුවේ…”

  1. daya says:

    අධිකරන සංඝ නායක උන්නාන්සේලා නිදිද .

  2. බුද්ධිමත් බෞද්ධයනි ! says:

    දුප්පත්කම නිසා , ගෙදර කන්න නැති නිසා පොඩි දරුවන් පන්සලට භාර දෙන්න එපා. ඔවුන් නිවන් දකින්න ශාසනයට ඇතුළු වෙන අය නොවෙයි. ඒ නිසා ඔවුන් වැඩිහිටි උනාම තට්ටයට සිවුරට මුවා වෙලා මෙවැනි දේ කරනවා. එය ශාසන පරිහානියට හේතුවක් !

    • Boris Vanculenberg says:

      Very good comment my friend, thus is how the fellow Buddhists should see the reality. They bring insult & shame to Buddhism.

  3. මහජනතාව says:

    ලවුඩ්ස්පීකර් දාගෙන පිස්සු කෙලින්නෙත් මේ වගේම පාහරයන් තමයි

  4. 21ස්ට් century පොර talk දෙන fun රහතා says:

    අඩෝ වාදෙට වරෙව්, තොපිට තේරෙන්නේ නෑ..
    රහත් උනාම ගංජා බිවවත් නො problem.
    මොකද තොපි රහත් නැටි නිසා තේරෙන්නේ නැ

  5. සවාධීන says:

    සුනඛ ධාතු ගනයව ඇතුලට දාල ඇට දෙක පුෂි කරලා දායක සභාවට භාරදෙන්න.

  6. Power says:

    නොදකිං..කාලකණ්නි. 🤬 ඕකුන්ට ගහන්ඩ ඕනී. වම් කන දකුණු කනෙන් එළියට එන්ඩ.

  7. STF says:

    සිවුරු දාගත්ත හැමෝම සංඝ නොවේ කියලා දිගටම කිවුවා. කෝ උබල ඇහුවද අති පණ්ඩිතයෝ.
    සග ගුණ දැක්වෙන සුපටිපන්න ගතාවට අනුව සංඝ කියන්නේ සෝවාන් මාර්ගස්ථ, සෝවාන් පල ලාභී, සකුර්දාගාමී මාර්ගස්ථ, සකුර්දාගාමී පල ලාභී, අනාගාමි මාර්ගස්ථ, අනාගාමි පල ලාභී, අරිහත් මාර්ගස්ථ, අරිහත් පල ලාභී.කියන අෂ්ට පුරිස පුද්ගලයින්ට පමණයි.

  8. Athula says:

    ගංජා ඉරුවා නම් ඕකා පිස්සු නටන්නේ නැහැ බීල වැඩිවෙලා

Leave a Comment

Main News