බුකිකාරයෝ, කැසිනෝකාරයෝ ක්‍රීඩා පරිපාලනයට එන්නේ ක්‍රීඩාවට ආදරේට නොවෙයි.. – අර්ජුනගෙන් තිලංගට කවර් ඩ්‍රයිව් පහරක්…
January 23, 2017 at 3:50 pm | lanka C news
බුකි සහ කැසිනෝ ව්‍යපාරිකයින් ක්‍රීඩා පරිපාලනයට පැමිණෙන්නේ ක්‍රීඩාවට ආදරය නිසා නොව තමන්ට තියෙන ආදරය නිසා බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග පවසයි.
සමහර ක්‍රීඩා පරිපාලකයින් ප්රවීණයන්ගේ උපදේශ නොතකා හැරීම නිසා ක්‍රීඩාව අයාලේ යන තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු කියා සිටියේ වේයන්ගොඩ මාරපොළ මහා විද්‍යාලයේ පැවති සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා පුහුණු කඳවුරට සහභාගී වෙමිනි.
“අපි කුඩා කාලයේ ක්‍රීඩාංගණයට ගිහින් සෙල්ලම් කළා. ක්‍රිකට් ගැහුවා, වොලිබෝල් ගැහුවා, පාපන්දු බැට්මින්ටන් සෙල්ලම් කළා. ටින් කැඩුවා. අද වනවිට මේ දරුවෝ ඒවා දන්නවද දන්නෙත් නැහැ. අද හැම කෙනෙක්ම තාක්ෂණයට ගැතිවෙලා. පරිගණකය, ටැබ් එක, නැත්නම් ටෙලිෆෝන් එක පස්සෙන් යනවා. මේ තුළින් තමන්ගේ වටිනා කාලය පුටුවක ඉඳගෙනම ගත කරනවා. මහන්සි නොවන තත්ත්වයටකට පත්වෙලා තියෙනවා. පසුගියකාලේ අපිට වැරදුණ තැන එතනයි. තාක්ෂණය අපිට අවශ්‍යයි. තාක්ෂණයෙන් තොරව අපිට ලෝකයට යෑම අපහසුයි. නමුත් තාක්ෂණය නිසා ක්‍රීඩාව ඉවතට දැම්මොත් එහි ඵල විපාක පසුව දැනෙන්න ගන්නවා. ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එකතුවෙලා හැම දරුවෙකුටම උදය වරුවේ ව්‍යායාම කිරීම සඳහා කාලයක් වෙන් කරලා තියෙන්නේ.
අපි දන්නවා ව්‍යයාම හෝ ක්‍රීඩා කිරීමට සුදුසු සවස් කාලය. උදය වරුවේ ක්‍රීඩා කළාම දරුවන් දහඩිය දාගෙන පන්ති කාමරයට යන්නේ. අවසාන කාල පරිච්ඡේදයට එය යෙදුවොත් දරුවන්ට පුළුවන් වෙනවා තවත් පැය කිහිපයක් වැඩිපුර ක්‍රීඩාවේ යෙදෙන්න. අපේ දරුවන්ට වටිනාකමක් ලැබෙන්නේ ක්‍රීඩාව නිසයි. දරුවෝ සමහර වෙලාවට තමන්ගේ දක්ෂතාව හඳුනාගෙන නැහැ. ඒ දක්ෂතා හඳුනාගන්න තමයි අපි රජයක් ලෙස මහන්සි විය යුත්තේ. මට පුළුවන් වුණා 1996 ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන්න. අපිට හිටියේ රටට ආදරේ කරන, මුදල් පස්සෙන් නොයන, රට ගැන හිතන ක්‍රීඩකයෝ 14 දෙනෙක්. අපේ එකම අරමුණ වුණේ අපි ක්‍රීඩා කරන ඕනම තරගයක් කෙසේ හෝ ජයග්‍රණය කිරීමයි. පරාජය වුණාම එය පිළිගන්නත් අපිට හැකියාව තිබුණා.
අද බුකිකාරයෝ, කැසිනෝකාරයෝ වැනි ව්‍යපාරිකයින් ක්‍රීඩා පරිපාලනයට පැමිණෙන්නේ ක්‍රීඩාවට ආදරය නිසා නෙවෙයි, තමන්ට තියෙන ආදරය නිසා. ඒ ක්‍රමය සමග ක්‍රීඩාව පරිහානියට පත්වීම වළක්වන්න බැහැ. නමුත් අපි තීරණයක් කළා මෙවැනි පුහුණු කඳවුරුවලින් රටට සේවයක් කරන්න. සමහර අය මේවට කැමති නැහැ. සමහර අය හිතන්නේ අපි මේව කරන්නේ අනෙත් අය පාගන්න කියලා. කවුරු හෝ හොඳ දෙයක් කිව්වොත් ඒවා කරන්න අපි කවුරුත් ඉගෙන ගත යුතුයි. අපි හැම දෙනාටම සියයට සීයක් හැමදේම කරන්න ලැබෙන්නේ නැහැ. උපදේශකවරු ඉන්නේ අපිව හොඳ මාර්ගයේ ගෙනියන්න……” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.
– තමීර මංජු
සමහර අම්මාවරුන් ද දරුවෝ වෙනුවෙන් ක්‍රීඩා කලා .
මු ක්‍රීඩාවට එන්න දඟලන්නේ බැට් පිති වලින් නත්තල් ගස් හදන්න