බුකිය කළඹන අසභ්‍ය පින්තූරය ගැන ඇමති ජෝන් අමරතුංග කතා කරයි..
April 4, 2019 at 10:43 pm | lanka C news
සංස්කරණ කරන ලද වීඩියෝවක් තමන් ලෙස හදුන්වමින් සමාජ ජාලාවන්ට එක් කර ඇති බව ඇමති ජෝන් අමරතුංග සදහන් කරයි.
එම පින්තූරය කිසිසේත්ම තමන්ගේ නොවන බවත් පවසන ඔහු එය අන්තර්ජාලයට එක් කරන ලද පුද්ලයන් කවුදැයි සොයා බලන ලෙස බලධාරීන්ට දැන්වූ බවද කියයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව කියා සිටී.
මෙහි දැක්වෙන පින්තූරය ඇමති ජෝන් අමරතුංග මහතාගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලද්දකි.
මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට කර ඇති පැමිණිලි අනුව දැනටමත් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.