බුකිය පුරා පොලිස් දැල එලයි.. තවත් 200ක් සොයයි..

March 12, 2018 at 12:40 pm | lanka C news
බුකිය පුරා පොලිස් දැල එලයි.. තවත් 200ක් සොයයි..

ජාතිවාදය ආගම්වාදය ඇවිස්සීම සදහා කටයුතු කල ෆේස්බුක් පිටි 200ක පමණ ප‍්‍රමාණයක් ගැන විමර්ශණ අරඹා ඇති බව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

පසුගිය දිනවලදී ඇති වූ කලහකාරී තත්වයනට වගකිව යුතු සැකකරුවන් සමාජ ජාලාවලින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කර ඇති බවද කොමිසම කියයි.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තව දුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර සමාජ ජාලාවන් ගැන තව දුරටත් නිරීක්‍ෂණය කෙරෙමින් තිබේ.

62 views

3 Comments to “බුකිය පුරා පොලිස් දැල එලයි.. තවත් 200ක් සොයයි..”

  1. හේමන්ත says:

    අසත්‍ය ප්‍රචාර ගෙන ගියා නම් උන් අල්ලන්නේ නැතුව සම්පුර්ණ මාධ්‍ය වලක්වලා…. !
    අසත්‍ය ප්‍රචාර නෙවෙයි. මුං මාධ්‍යයට බයයි මුං හිතනවා ඡන්දෙ පැරදුනේ මේ මාධ්‍ය නිසයි කියලා…මදැයි…..
    දැන් ඉතින් Free Wi Fi ඕනත් නැ නෙව….

  2. Chutte Malli says:

    Ado Police Patiya…Allapan mage natta….

  3. Hasitha says:

    මේ ආණ්ඩුව බලයට ගෙන ඒම පිටුපස තිබුනේ ෆේස්බුක් බව රහසක් නොවේ ..රාජපක්ෂ පාලනයට විරුද්ධව ගමේ ජනතාවට කුමන ප්‍රශ්න තිබුනත් ෆේස්බුක් සමාජයට තිබුනේ බාෂණ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ,සමානාත්මතාවය ,මානව අයිතිවාසිකම් සපිරි නවීන ලෝකයක පිලිබඳ ෆැන්ටසියක්ය ..එලෙස බලාපොරොත්තු තබාගෙන මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු සිදු කල බහුතර ෆේස් බුක් සමාජයට ඇඳිවත උස්සා පස්චාත්බාගය පෙන්නීමට මේ ආණ්ඩුව සමත් වී ඇත ..මේ තරම් පිළිකුල් සහගත විලිලජ්ජා නැති ආකාරයට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කල අවස්තාවක් මිට පෙර තිබුනාද සැක සහිතය ..

    ෆේස් බුක් එකේ තබා ලෝකයේ කවර සමාජයකවත් එක සමාන අදහස් දරන මිනිසුන් නැත ..ලංකාවේ ෆේස් බුක් සමාජයද එලෙසය ..ෆේස් බුක් එකේ යන හැම බොරුවක්ම ගිලීමට සමාජ ජාලා වල බබ්බු නැත ..මිනිසුන් අතීතයේ වදකහ සුදිය බිව්වේ ෆේස් බුක් තිබිලා නොවේ ..අසුතුනේ දෙමළ ජාතිවාදය ඇති උනේ ෆේස් බුක් තිබී නොවේ ,වල්ලහගොඩ දේවාල පෙරහැර ආශ්‍රිත මුස්ලිම් කලබල නමසිය පහේ ඇති වන්නේ ෆේස් බුක් තිබී නොවේ ..ආණ්ඩුව සිතන ආකාරයට ෆේස් බුක් නිසා මේවා ඇති වනවා නම් වසර තිහක යුද්ධයක් තිබු කාලයේදීද ,ෆේස් බුක් තිබුණි ජාතිවාදී ප්‍රකාශ තිබුණි ,,කිසිවෙක් දෙමළුන්ට එලව එලවා පහර දුන්නේ නැත ,,මේවා ගොන් කතාය අතීතයේ සන්නිවේදන මාද්‍ය තුල සිටියේ ශ්‍රාවකයින්ය ,නැතහොත් පාඨකයින්ය ,නැතහොත් රසිකයින්ය ..ඔවුනට කියන ලියන දේ අහගෙන සිටිනවා විනා අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබුනේ නැත ..ෆේස් බුක් එකේ එලෙස නැත ..සාමාන්‍ය මිනිසුන් තාර්කික මිනිසුන් වනවා ආණ්ඩුවට දිරවන්නේ නැත ..

    ජාතිවාදී ප්‍රකාශ කරන්නන් අත් අඩංගුවට ගන්නා බව ආණ්ඩුව පවසා ඇත ..යම් ප්‍රකාශයක් ජාතිවාදීද නැතිද යන්න නිර්ණය කරන නිර්ණායකය කුමක්ද ?එලෙස සිදු කරන්නේ සම්මත නිතිය යටතේද නැතහොත් කුමන පදනමක් යටතේද ?මේවා ගැටලුය

    ලෝකයේ දියුණු රටවල ආගමික නිදහස ඇත ඕනෑම රටක කෙනෙකුට සිය ආගම ඇදහීමේ අයිතිය ඇත ..නමුත් සංස්කෘතිකමය නිදහසක් වල් බූරු ආකාරයකට නැත ..යම් නිශ්චිත ජන කණ්ඩායමක් පරිසරයට අනුගත වීමේදී ඇති කර ගන්න චර්යා රටා සංස්කෘතිය ලෙස හැඳින්වේ ..මේ රටේ එලෙස චර්යා රටා ඇති කර ගත් ජාතිය සිංහල වශයෙන් හැඳින්වෙන නිසා එම සංස්කෘතිය හැඳින්වෙන්නේ සිංහල සංස්කෘතිය ලෙසය ..මේ රට සිංහලයාගේ රට යයි කීම ජාති වාදී නොවන්නේ එම නිසාය

    මේ රටේ අප කුඩා කල සිටි මුස්ලිම් ජාතිකයන් අපේ හොඳ මිතුරන් විය අපට ඔවුන් සහ අපේ වෙනසක් තේරුනේ නැත ..නමුත් මේ රටේ අරාබි සංස්කෘතියට කිසි සේත් ඉඩක් නැත ..මේ සංස්කෘතික ආක්‍රමණය ගැන අපි මිට වසර ගණනාවක් සිට කීවෙමු ..මේ වෙනස ජන වර්ග දෙක අතර ලොකු පරතරයක් ඇති කරන බවද මේ ඇති වන පරතරය රටට ඉතා අහිතකර බවද අපි කීවෙමු ..පාලකයින් කනකට ගත්තේ නැත ..ජනවර්ග දෙකක් එකිනෙකා මරා ගන්නේ හේතුවක් මතය එම හේතුවට පිළියම් යොදනවා පැත්තක තබා ෆේස් බුක් තහනම් කරමින් කරන්නේ බොර දියේ මාළු බා ගැනීමය

Main News