අලි බැරියර් වැඩි වෙයි.. රියදුරන් භීතියෙන්..

June 20, 2017 at 8:02 am | lanka C news
අලි බැරියර් වැඩි වෙයි.. රියදුරන් භීතියෙන්..

බුත්තල සිට කතරගම දක්වා දිවෙන මාර්ගයේ මේ වන විට වන අලි ගහනය වැඩි වී ඇති අතර එම නිසා ඇතැම් රථ වාහන රියදුරන් මෙන්ම මගීන් ද දැඩි බියකට පත් වී තිබෙන බව දක්නට ලැබෙයි.

ඊට අමතරව ඇතැම් සන්චාරකයින් වන අලි අසලටම ගොස් ආහාර ලබා දීමට සහ ජායාරූප ගැනීමට පෙලඹීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වලටද අවධානමක් පවතින බව වනජීවි නිලධාරීන් පවසයි.

පැවති වියලි කාලගුණය හේතුවෙන් ආහාර සොයා මාර්ගය අසලටම පැමිනි වනඅලි එම ආහාර බලාපොරොත්තුවෙන් නැවතත් මාර්ගය අසලටම පැමිනෙන බව වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පවසන අතර ඊට අමතරව මාර්ගයේ දෙපසට ආහාර වර්ග රැගෙන එන පොලීතීන් ඇතුළු ද්‍රව්‍ය දමා යෑම නිසා විශාල පරිසර හානියක් ද සිදු වෙමින් පවතී. එම ද්‍රව්‍ය ආහාරයට ගැනිම නිසා වනසතුන්ටද ජීවිත අහිමි වන බව සදහන්ය.

විශේෂයෙන්ම බුත්තල සිට කතරගම දක්වා යාල වනෞද්‍යානය මැදින් දිවෙන මෙම මාර්ගයේ ගමන් කරන විට වන සතුන්ට ආහාර ලබා දිමට හෝ ඔවුන් අසලට යැමේන් වලකින ලෙස වනජීවි නිලධාරීන් සහ පොලිසිය ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.

– ජයන්ත වීරසේකර

50 views
Main News