බුද්ධදාස කඩුවෙල හිටපු නගරාධිපති විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි..
December 7, 2017 at 10:00 am | lanka C news
තමන් සමග කඩුවෙල මහ නගර සභාවට තරග කිරීමට එන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අභියෝග කරනා බව කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
වීරවංශ මහතාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වීමට අකමැති නම් ඔහුගේ බිරිද ශෂී වීරවංශ හෝ තමන් සමග පළාත් පාලන මැතිවණයේ තරගයට එවන ලෙසද ඔහු ඉල්ලා සිටී.
මෙම මැතිවරණයේදී බෙදී වෙන්වී තරග කර පොදු හතුරාට බලය ලබා දීම සදහා විමල් වීරවංශ ඇතුළු පිරිසට උවමනා වී තිබෙන බවද ඔහු සදහන් කරයි.
වීරවංශ මහතාගේ පක්ෂයේ මාතර මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන්නේ යයි තොරතුරු ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.
උඹ හිතන් ඉන්නේ කඩුවෙල උඹේ කියලද. උඹට තියා
උඹේ පුතාටවත් කඩුවෙල දිනන්න බෑ
Kaduwelata wishala weda kotasak kala gh buddhadasa wisistai. Mamath 1990 dasakaye aturugiriye jeewath une. Den kalutara padinchiya. 0343940028