බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසි කරන්න, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වෙයි..

September 13, 2017 at 12:19 am | lanka C news
බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසි කරන්න, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වෙයි..

එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 20 වැනි ව්‍යවස්ථා සංහෝධනයට තම පක්‍ෂය සහාය දෙන්නේ කොන්දේසි තුනකට යටත්ව බව දෙමල ජාතික සන්ධානය පවසයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙනැවිත් සම්මත කිරීම, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත් කිරීම, උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ද කිරීම එම කොන්දේසි බවයි.

මෙම කොන්දේසි තුනට ආණ්ඩුව එකග වූ නිසා තම පක්‍ෂය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන බවද ඔහු සදහන් කර ඇත.

37 views
Main News