බුද්ධි අංශ දෙන කිසි තොරතුරක් ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ… රටේ ආරක්ෂාවට හැදූ බුද්ධි වැඩසටහන සම්පූර්ණයෙන්ම බිඳවැටිලා..- GR
September 24, 2018 at 3:00 pm | lanka C news
රටේ ආරක්ෂාව වෙනුවෙන් හැදූ බුද්ධි වැඩසටහන සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත්, යුද්ධ හමුදා බුද්ධි අංශ ලබා දෙන කිසිම තොරතුරක් මේ ආණ්ඩුව ගනන් නොගන්නා බවත් එළිය සංවිධානයේ නිර්මාතෘ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පොළොන්රුවේදී පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැති එළිය සංවිධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පැවැති අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටක් අහදස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
“තමුන්නාසේලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා එක් රැස් වෙලා ඉන්නේ එතුමා ගෙනගිය ඒ වගේම එතුමා ඉදිරියට ගෙනයන ප්‍රතිපත්ති මාලාවක් නිසයි. එදා බණ්ඩාරනායක ශ්‍රී මතාණන් ගෙනා ප්‍රතිපත්ති මලාව පදනම් කරගෙන ගොඩනැඟුණු මහින්ද චින්තනය වටා තමුන්නාන්සේලා එක් රැස් වෙලා ඉන්නේ. රාජපක්ෂ පාලනය තිබුණු පසුගිය අවුරුදු 09 තුළ ප්‍රතිපත්ති ගෙනගියේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ ස්වෛරීත්වය, ඒකීයභාවය සහ ආරක්ෂාව තහවුරු කරගෙනයි. අවුරුදු 30ක් පැවැති ත්‍රස්තවාදී යුද්ධය අවසාන කරලා මේ රටට සාමය ගෙනැල්ලා සංවර්ධනය කරන්නට යෙදුණු ඒ නිර්භීත නායකත්වය නිසයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා තමුන්නාන්සේලා එක් රැස් වන්නේ.
එදා එතුමා වටහාගෙන තිබුණා මේ රටේ සංස්කෘතිය, ඉතිහාසය කාලයක් තිස්සේ මේ රටේ පැවැති කෘෂි ආර්ථිකය නඟාසිටුවන්න ඕන කියලා. ඒ නිසා තමයි ගොවියා වෙනුවෙන් කෘෂිකර්මය වෙනුවෙන් එතුමා විශාල වැඩකොටසක් ගෙනගියේ. ඒ වගේම එතුමා මේ රටේ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න ඒ වගේම විශාල ප්‍රමාණයේ සංවර්ධන කටයුතු විශේෂයෙන්ම වරායවල්, ගුවන්තොටුපොළවල්, පාරවල් මේ සංවර්ධනය තුළින් මේ රටට විශාල ආර්ථික ගොඩනැඟීමක් ඇති කළා. මෙන්න මේ නිසයි තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ ජානාධිපතිතුමා වටා අදත් එක්රැස්වෙලා සිටින්නේ. අපි මේ රටේ ඉන්න වියතුන්ට, බුද්ධිමතුන්ට, වෘත්තිකයන්ට අවස්ථාවක් දෙමින් ඔවුන්ගේ අදහස් විමසලා අපි ඉදිරියට ආර්ථිකය ගෙන යා යුත්තේ කෙසේද ද ඉදිරියට කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් නඟාසිටුවන්නේ කොහොමද මේ රටේ ආරක්ෂාව, මේ රටේ නීතිය ඇති කරන්නේ කොහොමද කියන කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. අපි වියත් මඟ හරහා සිදු කරන්නේ එයයි. මේ එළිය සංවිධානය හරහා එළිය සම්මන්ත්රණ හරහා මේ රටේ ජනතාව මුණගැහිලා ඔවුන්ව දැනුවත් කිරීම කරගෙන යනවා.
අද සෑම කෙනෙක්ම කතා කරන දේ තමයි මේ ආර්ථිකයේ කඩා වැටීම. තමුන්නාන්සේලා දන්නවා මේ රටේ යුද්ධයක් තිබිලා ඒ යුද්ධය ආර්ථිකයට විශාල බරක් වෙලා තිබුණා. එහෙම තියෙද්දීත් මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන්කම තිබුණා මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න.
නමුත් ජනවාරි 08 වැනිදා එදා ඇතිවුණු පෙරළියත් සමඟ මේ රට භාර ගැනීම පිළිබඳව කිසිම සැලැස්මක් නොතිබුණු නිසා එදා කරගෙන ගිය යටිතල පහසුකම් සංවර්ධනය නවතා දැම්මා. ඒ ඔවුන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග, දේශපාලන පළිගැනීම් හේතුවෙන්. ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ, වරාය වැනි යටිතල පහසුකම් නවතා දැම්මා. අවුරුදු දෙකහමාරක් තිස්සේ මේ ව්‍යපෘතීන් නැවතුණු නිසා කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සියලු දෙනාගේම ව්‍යාපාර නැවතුණා. මේ නිසා හාර ලක්ෂයකට අධික රැකියාවන් නැතිවෙලා ගියා. මේ අයට තිබුණේ නෑ කිසිම සැලැස්මක් ආර්ථිකය ගැන. ඒ වගේම මේ අයගේ මූලික අරමුණ වුණේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්න.
අපි රාජ්‍ය සේවකයාට රට වෙනුවෙන් අවංකව වැඩක් කරන්නටත්, නිදහසේ තීරණ ගැනීමටත්, ශක්තිය දීලා තිබුණා. ඒ හින්දා තමයි රාජ්‍ය සේවයේ වැඩ සිද්ධ වුණේ. අද රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ බය නැතිව තීරණ ගැනීමට අවස්ථාව නෑ. ඒ නිසා තමයි අද රාජ්‍ය සේවයේ වැඩ සිද්ධ නොවෙන්නේ.
එදා ත්‍රිවිධ හමුදාවන් සටන් කරනකොට දකුණේ නගර ආරක්ෂාවට ඉදිරිපත් වුණේ පොලිස් නිලධාරීන්. නමුත් මේ හොඳින් වැඩ කරපු පොලිස් නිලධාරීන්ට අද මොකද වෙලා තියෙන්නේ.
හමුදාවේ බුද්ධි අංශයේ් පොලිසියේ විශාල සංඛ්‍යාවක් අද හිරබත් කනවා. එදා අපේ ආණ්ඩුව යටතේ ඉතා වැදගත් පොලිස්පතිවරු සේවය කළා. නමුත් අද පොලිස්පතිවරයාගේ හැසිරීම නිසා එතුමා විහිළුවක් බවට වෙලා සමාජය තුළ. මේ ආණ්ඩුව කරන්නේ රාජපක්ෂවරුයි, සියලුම දේශපාලන විරුද්ධවාදීනුයි රිමාන්ඩ් කරන එක විතරයි. දැන් මේ ආණ්ඩුව අලුත් උසාවියක් හැදුවා. ඒ උසාවියේ පරමාර්ථය වුණේ මේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතුවන දූෂණ කළ අය රිමාන්ඩ් කරන්න. රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වන දූෂණවලට එරෙහිව නඩු අහලා වැරැදිකරවෝ හිරේ දාන්නයි මේ උසාවිය ඇති කළේ. එහි මුලින්ම ඉදිරිපත් කරපු නඩුවක් තමයි එදා බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය අතහැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කරන කොට බණ්ඩාරනායක මහත්තයාගේ පිටිපස්සෙන් ගිය ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ සොහොන හදන්න වැය කළ මුදල පිළිබඳ නඩුව. අද වෙන කොට මේ රුපියල කඩා වැටෙන්නේ මේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරයක හදපු නිසා. මේවා විහිළු.
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ,
“මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ නිල්ල පිරුණු රටක්. අටු කොටු පිරුණු හෙටක්. අද පොළොන්නරුවේ ජනතාවගේ අටු කොටු හිස්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශීර්වාදය ඊළඟ ජනාධිපති අපේක්ෂකයාට අවශ්‍යයි. ඔහුගේ ආශීර්වාදය රාජපක්ෂ පවුලේ සහෝදරයකුට තියෙනවා කියන එක ගැන අපිට විශ්වාසය තියෙනවා. ඒ වගේම සමස්ත රටේ වාමවාදී සියලු බලවේගවල බහුතර කැමැත්ත නැවත මේ රටේ රාජපක්ෂවරයෙක් විධායක ජනාධිපති ධුරයට ගේන්න අවශයි
– චාමින්ද කරැනාරත්න
දැන් රට පාලනය කරන්නේ කලු සුද්දෝ මුන් පලවා හැරීම අපි සියලු දෙනාගේ යුතුකමක්
බුද්ධි අංශය දාල විරැද්ධකාරයො උස්සමු.
ස්වාධීන මාධ්‍යවෙිදීන් අතුරැදහන් කරමු.
බුද්ධි අංශ නිළධාරීන්ට තානාපති තනතුරැ දෙමු.
රට එක් සේසත් කරමු මෙි ක්‍රමයට.
ජාත්‍යන්තරය බල්ලට දාමු.
ballekuta kiyala ube ammata digital karamu
උඹලට පුරැදු ඔය වගේ දේවල් තමයි. ඉතින් තොපි වගේ එවුන් ඉන්න කොට පොහොටිටුවට අබ සරණයි.
What is National Defense? We cannot afford to lose the minority votes , as majority Sinhala people would not vote for us at Presidential elections. Who cares the National Intelligence reports?
GOTABAYA MATHI THUMA TA
JAYAWEWA.
RATE BAHUTHARA JANATHAWA
POHOTTUWA WATA RAS WEWA.
SRI LANKA WATA JAYAWEWA
DEEPTHI MATH ANAGATHA YATA
JAYAWEWA. JAYAWEWA. …
Den oya hamudawe police ye hunga denekuta hirabath Kanna well tibenne Mahinda rajapakse Gotabaya rajapakse besil rajapakse weni ayage weradi niyoga kriyathmaka karanna gihilla.nethiwa are ayage waradi nisa nowei.den nikam kimbul kandulu helanawa kalakanniyo Tika ekatuwela.
බුද්ධි අංයට රට භාරන්න
ගොටා වගේ වැඩ කරපු කෙනෙක් තමයි මේ රටට ඔන.