බුද්ධි අංශ දෙවැනියාත් පාස්කු බෝම්බ කමිටුවට කැදවන්න යයි.. ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් කමිටුව කොට උඩ..

June 17, 2019 at 3:00 pm | lanka C news
බුද්ධි අංශ දෙවැනියාත් පාස්කු බෝම්බ කමිටුවට කැදවන්න යයි.. ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් කමිටුව කොට උඩ..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබේ.

මීට හේතු වී ඇත්තේ දැනගත් සක්‍රීය සේවයේ සිටින බුද්ධි අංශ නිලධාරීන් මෙම තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශයයි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය නිසා නිලධාරීන් කමිටුව හමුවට කැඳවීමේ ගැටලුවක් ඇතිව තිබේ.

කාරක සභාව හමුවේ දැනට හෙළි වී ඇති කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවීමට අවශ්‍ය වී ඇතත් ජනාධිපතිගේ ප්‍රකාශය නිසා කාරක සභාව ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැත.

කෙසේ වෙතත් එම කමිටු සාමාජිකයන් සඳහන් කරන්නේ පාර්ලිමේන්තු තෙිරීම් කාරක සභාව හමුවට ඕනෑම නිලධාරියෙකු කැඳවීමේ බලය ඇති බවත් කැදවීම් පැහැර හරින නිලධාරීන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කර දඬුවම් ලබා දීමේ හැකියාවද ඇති බවයි.

මෙම තේරීම් කාරක සභාව නැවතත් හෙට පස්වරු 02.00ට පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිතය.

56,856 Viewers

14 Comments to “බුද්ධි අංශ දෙවැනියාත් පාස්කු බෝම්බ කමිටුවට කැදවන්න යයි.. ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් කමිටුව කොට උඩ..”

  1. SL says:

    තවම අන්තවාදී SLTJ තහනම් නැහැ, මහසෝන් බලකාය තහනම් ,රට කාබාසිනියා කරපු හොරු ,ජීවිත අවධානමත් අරගෙන රටට වැඩක් කරපු බුද්ධි නිලධාරීන්ට දෙන වදයක්. පුලුවන්නම් කවුරු හරි 225 + 1 ඉන්න තැනකට මිසයිලයක් ගහපල්ලා .කුහක ,නිර්ලජ්ජි.දීන ,වහල්ලු 225 + 1 තොලොන්ජි උන දාට මේ රටට සෙතක් වේවි .

    • මහනුවර අක්‍රම් says:

      රතු අලි පැටවු 225ක් ගැන් කියෝනවා …. 225 මේකට වග කියන්නේ මොන බම්බුවටද?

    • උඹ කාටද කඩේ යන්නේ. පචයට සහ රතනයාට නේද.

    • හෙලයා says:

      225 ටම දෙස් තියන්නෙ රට තවත් අස්ථාවර කරන්න මාන බලන උන්.

    • Ratata Adhare says:

      Lion’s Blood! says:
      June 16, 2019 at 7:21 pm

      IDIOT! Not all 225 MPs are bad eggs, only 125 UNP, JVP, TNA, and MC are traitors.
      We need about 100 of patriotic MPs from SLPP, JNN, PHU, and SLFP.

  2. NP says:

    He is not the second. He is the Director of State Intelligence Service. A dedicated and Intelligent officer needed to salvage Police Department from the current state. He should not go there and lay bare all secrets

  3. Saradiel says:

    නීතිපති මාර්ගයෙන් මෙය තහනම් කල යුතුය පසු ගිය මේනේලියම් ගාතන මෙය නතර කිරීමට අදාල කල යුතුය

  4. LION says:

    රටක බුද්ධි අංශය කියන්නේ රහස් සංවිධානයක් එය මාධ්‍යයට හෝ මහජනතාවට නිරාවරණය කිරීම රටට අහිතකරයි මෙය වහාම තහනම් කල යුතුය

  5. Jagath Silva says:

    Garu wimalwa kendawanna

    • Abaran Sieya says:

      Correct! Weerawansa mahatha mey sabawe saamajikayanta kata uthtara natiwenda waag prahara dheyi!

  6. LION says:

    අද විමර්ශන මුවාවෙන් මේ ඉටු කෙරෙමින් තිබෙන්නේ බුද්ධි අංශ දියකර දමා රට අරාජික කර වෙනත් පාර්ශ්වයක මනදොළ පිනවීමේ වැඩපිළිවෙළක්‌ වීම එයට හේතු වී තිබෙන්නේද? අප ඒ ප්‍රශ්නය මෙහිදී නඟන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය මේ කෙරෙහි දැඩිව යොමු කරනු පිණිසය.

    බුද්ධි අංශ දඩයම හමුවේ සිදුවන විනාශයෙන් මේ රට ගලවා ගැනීමට ජනාධිපතිවරයා හැර අන් කිසිවකුත් නැති බව අපේ එකම විශ්වාසය වී තිබෙන්නකි. එහෙයින් ඔහුට මේ අවනඩුව දෙස බලන්නැයි කියනු හැර අපට අද වෙන කියන්නට දෙයක්‌ ඉතිරිව නැත.

  7. RAYMOND says:

    ඊට පෙර සියල්දත් රංජන් රාමනායක ගෙන්වා මේ පිළිබඳව විමසා සිටි න්න

  8. Mangala says:

    Me wage kirimati janapathiyek agamatiyek me lokaye kohewath methuwak kaleka indala nathuwa athi. Mun dunnage waradiwalata buddhi anshaya pali. E minissu egollange rajakariya hariyata keruwa. E minissunwa pawadenne nathuwa hitapan.Mole kaladak nathi janapathiyek. Issarahata buddhi anshaye wada karanne umbala dennada.

  9. Mangala says:

    Kisima rataka buddhi ansha nayakayo gana kela bindak holawanne naha. Danne nathinam danaganiyaw. Oya eka eka parayanta shakshi deema anawasyai. Buddhi ansha samajikayo thamunge rajakariya hariyata kala bawa janathawa dannawa. Pasku dinaye pradana wagakeema janapathiya sathui mokada rate senadinayaka arakshaka amathi janapathi neda? Buddhi ansha nayakayeni ratin pitawela palayalla Sirisenage pawwalata karagahanne nathuwa. Ranila Sirisena rata kapu gonbana.

Main News