බුද්ධි අංශ නිලධාරීන් 280ක් ප්‍රශ්න කරන්න CID කැදවන්න යයි..
October 27, 2016 at 11:20 am | lanka C news
යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ දැනට සේවය කරන හා විශ්‍රාම ලබා සිටින බුද්ධි අංශ නිලධාරීන් හා සෙසු නිලයන් දෙසිය අසූ දෙනකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (26) සිට එවන්නැයි හමුදා මූලස්ථානය වෙත නම් ලැයිස්තුවක් එවා තිබුණු බව යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
මේ ලැයිස්තුවට අනුව අදාළ ලැයිස්තුවේ සිටින නිලධාරීන් හා සෙසු නිලයන් රහස් පොලිසිය වෙත යැවීමට කටයුතු යොදා තිබිණි.
2008-2009 කාල සීමාවල සිදුවූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු රහස් පොලිසිය සිදුකරන විමර්ශන සඳහා මෙම පිරිස කැඳවා ඇති බවත් ලබන නොවැම්බර් 11දාට පෙර මෙම පිරිස රහස් පොලිසිය වෙත කැඳවීමට කටයුතු යොදා ඇති බවත් හමුදා ප්‍රධානියා සඳහන් කළේය.
කොළඹ බුද්ධි අංශ රාජකාරි කළ බුද්ධි අංශයේ කාන්තා සෙබළියන් හා නිලධාරිනියන් පවා මෙම ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා ඇති බවත් මෙම පිරිස අතර විශ්‍රාම ගිය අයද රැසක් සිටින බවද සඳහන් වේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– රිවිර