බුද්ධි අංශ ප‍්‍රධානීන් නිරාවරණය නොකර ප‍්‍රශ්න කරනවා..

July 16, 2019 at 12:40 pm | lanka C news
බුද්ධි අංශ ප‍්‍රධානීන් නිරාවරණය නොකර ප‍්‍රශ්න කරනවා..

එන කමිටු රැස්වීම් වලදී අපි ගේන්න බලාපොරොත්තු වන නිළධාරී මහත්වරු එතන කිහිප දෙනෙක් ඉන්නවා මොනම හේතුවක් නිසාවත් ඒ අය නිරාවරණය කල නොහැකි අය ඒයට වෙනම කතා කරල මම විශේෂයෙන්ම පෞද්ගලිකව සහතිකයක් දීල තියනවා මොනම හේතුවකටවත් එතුමන්ලා අඩුගානේ ශාලාවට එන විටවත් පින්තූරයක් ගන්න මම ඉඩ දෙන්නේ නැහැ. යයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කීය.

නියෝජ්‍ය කතානායක වරයා මෙම අදහස් පල කර සිටියේ සෙවනගල මහා විද්‍යාලයයීය ශ්‍රවණාගාරයේදී පැවැති සමෘද්ධි හිමිකම් පත් ප්‍රධාන උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමිනි.

සෙවනගල කොට්ඨාශයේ 553 දෙදෙනෙකු සදහා සමෘද්ධි හිමිකම් නියෝජ්‍ය කතානායක වරයා අතින් පිරිනැමීම සිදුකෙරිණ.

මෙහිදී වැඩිදුරටත් කතාකල නියෝජ්‍ය කතානායක වරයා කියා සිටියේ.

අපි රට ගැන කතාකරන රටට ආදරේ කරන අය.මේ නිළධාරී මහත්වරු කරන කාර්යභාරය පහැදිලිව තේරුම් අරන් ඉන්නවා.එය අපි අගේ කරනවා.ඒ වගේම එතුමන්ලාට මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කල යුතු කාර්යභාරය වෙනුවෙන් ඒ සදහා බාධා කරන්න මම මොනම හේතුවකටවත් ඉඩ තියන්නේ නැහැ.

කමිටුවේ හැටියට අපි සියලුම සාමාජිකයෝ මන්ත්‍රීවරු තීරණය කරල තියනවා මොනම හේතුවක් නිසාවත් මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසා කිසිම බුද්ධි අංශ නිළධාරී මහත්මයෙකුට අවහිරයක් හෝ හානියක් හෝ ර් අය හදුනා ගැනීමක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියල.අපි ඒ කමිටුව ක්‍රියාකරගෙන යන කොට අපි ඒ කමිටුවට මුලින්ම කියන්නේ රටේ ආරක්ෂාව පිළිබදව මොනව හරි ගැටලුවක් තියනවනම් ඒ ගැටලුව තියන වෙලාවේදී ඒ අය ඉල්ලීමක් කරන්න අපි සියලු මාධ්‍ය අයින් කරල ඒ අයගෙන් ශාක්ෂි විමසන්න ලෑස්තියි කියල.

අපි එතුමාලටත් පෞද්ගලිකව කියල තියනවා.අවසාන වශයෙන් පාර්ලිමේන්තු ලිපියකින් යැව්වා ඒ අයට කිසිදු අයුරකින් හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියල.මේක කමිටුවේ සියලු නිළධාරී මහත්වරු තීරණය කරල තියන කාරණයක්.කවුරු හරි කියනව නම් මේ අයට ප්‍රශ්නයක් වෙනව කියල අපි එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ.අපි අනෙක් හැම එක්කෙනාම වගේ රටට ආදරෙයි.

විවිධ දේවල් විවිධ අය කියනවා.හැබැයි මගෙන් ඇහුවොත් හරි උත්තරයක් දෙන්න පුලුවන් මොකද කමිටුව නි‍යෝජනය කරන මෙන්ම සභාපති ධූරය දරන්නේ මම.විවිධ කාරණ පත්තරවල කටකතාවල විවිධ පුද්ගලයන් කිව්වට ඒවට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැහැ.අපි කරන්න ඕන මොකද්ද කරන්නේ මොකද්ද කියන එක ගැන තේරුම් අරගෙන තමයි කතානායක තුමා පත් කරපු කමියුවේ අපි වැඩ කරන්නේ.

– ප්‍රගීත් ජනක

9,894 Viewers

8 Comments to “බුද්ධි අංශ ප‍්‍රධානීන් නිරාවරණය නොකර ප‍්‍රශ්න කරනවා..”

  1. RAYMOND says:

    නිරාවරණය නොකර පශ්න කරන්නේ කෙසේද
    ඔතන රවුප් හකීම් සූමන්තිරන් නලින්ද ඉන්නවා නේ
    එතකොට ජවිපෙ දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් සංවිධානය වලට අයත් අයනේ

  2. yvonne- chula says:

    goni billo wage ennada – boru namwalon – mala kolan – humarasiriyo

  3. පොරමෝලා says:

    කොහොම උනත් ලබන ඡන්දෙන් පස්සෙ කතානායක හා උප කථානායක ඇතුළු ඔය කමිටුව ම ගෙදර නවතින්න වෙනවා

  4. sinha le says:

    කොටි සුමන්දිරන් ඉදිරියේ මේ ගැන ඇසීම හමුදාවට කරන අපහසයක් ජනාදිපති මෙය වහාම තහනම් කල යුතුය

  5. චේතියසේන says:

    මේ නිර්ලජ්ජි නිවටයො නන් දොඩවනව!
    මුංගෙ එක වචනයක් විස්වාස කරන්න පුලුවන්ද?

  6. mahendra says:

    ලෝකයේ ප්‍රධාන බුද්ධි අංශ වන ඊශ්‍රායෙලයේ මොසාඩ් , ඉන්දියාවේ රාජ්‍ය බුද්ධි අංශය වන ඉන්දියන් ඉන්ටෙලිජන්ස් බියුරෝව, පාකිස්ථානයේ ඉන්ටෙලිජන්ස් බියුරෝව, සීඅයිඒ, කේජීබී ආදියේ ප්‍රධානීන්ගේ සේයාරූ අන්තර්ජාලයේ ඉතාමත් පහසුවෙන් සොයා ගත හැකි ප්‍රසිද්ධ ඒවා බවයි. එනම් මෙහෙයුම් සඳහා යොදවන බුද්ධි අංශ නිලධාරීන් ප්‍රසිද්ධ නොකරනවා වුවත් බුද්ධි අංශ ප්‍රධානීන් කව්ද යන්න ලෝකයාට රහසක් නොවන දෙයක් .
    පාහියංගල ආනන්ද සාගර වැනි මොන්ගල්කාරයිනට මේවා බිබික්කම් වුවාට ලෝකයේ එසේ නැති බව දැන්වත් දෙරණේ ප්‍රවෘත්ති හදන බූරුවන්ද තේරුම් ගත යුතුය.

    • වෙබ් බුවා says:

      එහෙනං ඔහේ මොකද බොරු නමකින් පෙනී සිටින්නෙ

  7. Niru says:

    the general public are paying to unravel everything to the JVP ltte and Isis reps in the select committee

Main News