බුද්ධි ප‍්‍රධානීගෙන් ප‍්‍රශ්න කිරීම මත ජනපති-අගමැති ගැටුම් උග‍්‍ර වේ..

May 31, 2019 at 10:00 am | lanka C news
බුද්ධි ප‍්‍රධානීගෙන් ප‍්‍රශ්න කිරීම මත ජනපති-අගමැති ගැටුම් උග‍්‍ර වේ..

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි වාර්තාවේ.

අදාළ ප්‍රශ්න කිරීම් නිසා ජාතික ආරක්ෂාවට ඉතා සංවේදී කරුණු හෙළිදරව් වීම හා අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් දේශපාලනික ස්වභාවයක් ගැනීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයිද වාර්තාවේ.

අදාළ ප්‍රශ්න කිරීම් සිදුවූ ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර ජනාධිපතිවරයා මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද දැඩි විරෝධය දක්වා ඇති බවද ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම, ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාද අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් වලින් පසුව අදාළ සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් කීපදෙනෙක් වෙත සිය අප්‍රසාදය හා කණගාටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව සිටින ඇතැම් සාමාජිකයන් පිළිබඳව හා අදාළ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම පිළිබඳව දේශපාලඥයින් කීපදෙනෙකුම දැඩි අප්‍රසාදය හා විරෝධය මේ වනවිටත් පළ කර තිබේ.

– ada

66,675 Viewers

13 Comments to “බුද්ධි ප‍්‍රධානීගෙන් ප‍්‍රශ්න කිරීම මත ජනපති-අගමැති ගැටුම් උග‍්‍ර වේ..”

  1. john the baptice says:

    2015 ජනවාරි 9 වෙනිදා නයාව රෙද්ද අස්සේ දාගන දැන් කනවෝ කියනවා

    • dimuthu says:

      supiri kathawa mahattayo , dan ithin oya go ralata chandaya deepu ekek nathi ganai, kalakanni

  2. The Citizens says:

    Who are the political leaders ,who can expose the activities of a country’s intelligence services to the public ,unless those people have some mean,base hidden motives? Can we recall how many such dedicated intelligence officers lost their valuable lives due to such exposure at Aturugiriya Millenium city ,during brutal ,L.T.T.E.terrorism period.

  3. The Citizens says:

    Who are the political leaders ,who can expose the activities of a country’s intelligence services to the public ,unless those people have some mean,base hidden motives? Can we recall how many such dedicated intelligence officers lost their valuable lives due to such exposure at Aturugiriya Millenium city ,during brutal ,L.T.T.E.terrorism period.It is unexcusable betrayal of the officers and the Motherland.

  4. as says:

    මේ දේශපාලඥයින්ව මුළු රටටම එපා වෙලා තියෙන්නේ

    • Ajith says:

      දේශපාලකයන් ප්‍රතික්ෂේප කෙරීමේ පළමු අඩිය ලෙස උන්ට සර් බර් අතිගරු නොකියා නම කියා කතා කිරීම හැමෝම පටන්ගත යුතුයි.

      ඒ වගේම උන් එනකොට වැද වැටීම, ඉන්න තැනින් නැගිටීම නොකළ යුතුයි…

      සිසිර මහත්මා නුගත් කාලකන්නි තක්කඩි හොරුන්ට සර් කියනවා දැකල සසර කලකිරුනේ මට විතරද?

    • kawinda says:

      visheahayen tharuna apata.

  5. බන්ඩා says:

    බුද්ධි නිලධාරීන් හය හත් දෙනෙක් හිරේ ගියාට බුද්ධි අංශය කඩා වැටෙන්නෙ නැහැ කියපු රනිල්ගෙ කටු තන ෆොනී සිසර මෙන්ඩිස් ගෙන් අහනවා අර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට හිරේ ඉන්න නාලක පීරීස් හිරේ දැමීමෙන් මෙම ප්‍රහාරය වලක්වා ගන්න බැරි වෙන තරමෙ පාඩුවක් සිදු උනා නේද කියල.

  6. Crazy says:

    Fony was talking big after the attack. Now,
    displayed his immaturity by sitting in this committee and doing this stupid thing. Get lost man..

  7. sf says:

    SF hara othana hitiya ekekta wath rate araksawa gana prsna karana aythiyak naha.

  8. නිළමේ says:

    මේ වගේ මුග්ධ පාලකයෝ ඉන්න රටක් ලෝකයේ වෙන කොහේවත් නැතිව ඇති.

  9. Walimuni Abeysekera says:

    When Gen Kottegoda was asked about accounts used for Intelligence Services, SF kept his silence.
    He should have told the committee the said questions are very sensitive and inappropriate as he too used these when on duty.. He is on a mission to look down upon the President orchestrated by RW.

    Quite evident RW,s intentions.

  10. Sun says:

    These dirty leaders have their own agendas to continue to run the dirty work in politics. Their aim is to make power but no plan of developing the country or people. Probably their thinking ability is below the level as they are old. What we are thinking is to have a talented professional to come forward to run the country at this critical point. We have to empower people to think rather than listing to Big mouths of Blank politicians to go beyond this level. We are going to loose if we trust this dirty politics.

Main News