බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..

October 25, 2021 at 10:22 pm | lanka C news
බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..

ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කරන අතරම එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවයි.

ඒ අනුව මෙම නිලධාරියා ඉවත් කිරීමට හෙට දිනයේ කටයුතු කරන බවද ඔහු පැවසීය.

රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩිලෙස විවේචනය කරන පුද්ගලයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරන බවට පාර්ශව ගණනාවක් තමන්ට කරුණු පෙන්වා දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

88,635 views

28 Comments to “බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..”

  1. විද්‍යාත්මකවremu says:

    කෘෂිකාරමික ප්‍රතිපත්ති වෙනස් වන විට උගතුන් ද වෙනස් විය යුතුය. අහෝ උගතා උගත් දේ පමණි. නව අදහස් නැත අහෝ උගත්තු.

    • ugatha yanu buddiya palal saha gemuru kara gath minisaya. upadiyakwath nethi samaharawita O.L wath nethi
      three wheel riyadura kiyanne” umbe puke upadiya mama ganan ganne nehe kiya. mitraya ugathunta garahanna epa obath ugathek wanna obata Budu saranayi

    • sama says:

      මොනවා නැතත් පිටරටින් පස් ගෙනෙන එක අනුමත කරන්න බැහැ, ඒක බරපතල කේදවචකයක් වෙන්න වැඩි කල් යන්නේ නැහැ. අත්තනෝමතික තීරණ හරහා විදේශ වලින් මෙරටට ඇවිත් පරිසරය විනාශ කරන දේවල් ඕනේ තරම් උදාහරණ වලට ලක් පොලවේ තියෙනවා .මෙතුමාගේ විවේචන තියෙනවා. හැබැයි සාධාරණ විවේචනත් තියෙනවා.

Main News