බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..

October 25, 2021 at 10:22 pm | lanka C news
බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..

ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කරන අතරම එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවයි.

ඒ අනුව මෙම නිලධාරියා ඉවත් කිරීමට හෙට දිනයේ කටයුතු කරන බවද ඔහු පැවසීය.

රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩිලෙස විවේචනය කරන පුද්ගලයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරන බවට පාර්ශව ගණනාවක් තමන්ට කරුණු පෙන්වා දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

89,500 views

28 Comments to “බුද්ධි මාරඹේ ධුරයෙන් ඉවත් කරයි.. කාබනික වැඩේ විවේචනය කලාටලු..”

  1. LalithM says:

    ඔක්කොම උගතුන්ට රට හැර යාම සඳහා හේතුකාරක නිර්මාණය කර දෙන්න. අවසානයේ විශ්ව විද්‍යාල වලටත් වියත්මග පරපුරේ කීර්තිමත් විද්‍යාඥයන් පත්කල හැකියී. රොකට් සර් ගෙවිඳු වගේ…. සුභ ගමන්……

  2. MD says:

    මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමනි ඔබට තියෙන සියලු ග්‍රහ අපල දොස් දුරුවී හමාර වේගනයි යන්නේ.විශේෂයෙන් රටේ අනෙකුත් ජනතාවට යහපතක් කිරීමේ බලාපොරොත්තුවෙන් ජනපතිතුමන්ට සහාය දෙමින් මේ යන ගමනට මාගේ ශුභාශිංසනය පුදකරමි.තෙරුවන් සරණයි!!!

  3. RajarataGoviya says:

    මෝඩයින්ට අමාත්‍යංශ ගියාම සිහි කලඳක් ඇති උන්ට දොට්ට බහින්ඩ වෙනවා. බලමුකෝ කාබනික වගාවෙන් පලදාව එන කාලෙට මොකෝ කට්ටිය කියන්නේ කියල.

  4. JUDE PERERA says:

    vivechakayo okkoma elawala thaniyama naganna thiyenne

  5. ජගත් says:

    බහුජාතික සමාගම් වලින් කප්පම් මුදල් ලබන බොහෝ මහාචාරියෝ ගානක්ම ඉන්නවා. රසායනික පොහොර ප්‍රවර්ධනය මෙන්ම කටුපොල් වගාව ආදී බොහෝ දේවල් වෙනුවෙන් මොවුන් පෙනී සිටිනවා. මොවුන්ගේ උගත් කම නිසා ඇත්ත කුමක්දැයි තේරුම් ගැනීමේ ප්‍රශ්නය මහජනතාව අන්ද් මන්ද කර ඇත.

  6. උගතුන් says:

    මෙතුමා කියුවේ කාබනික වගාව එපා කියලා නෙවෙයි, ඒ සඳහා වැඩපිළිවෙලක්, ක්‍රම්වෙධයක් සහ උපාය මාර්ගය තිබෙන්න ඕනේ කියන එක. ඒ එකක් වත් නැතුව රැයක් එළිවෙනකොට මේවගේ තීන්දු ක්‍රියාත්මක කරන්න බෑ කියන එක. සමහර භෝග (මල්වගාව වගේ) තියනවා රසායනකි පොහොර ඕනෑමයි දැන් හැම එකක්ම කදාවටිලා පිස්සු පාදෙණිය දොස්තරගේ නාථ දෙවියන්ගේ උපදෙස් වලට වැඩ කරන්න එපා කියලා තමයි මෙයා කියුවේ. උගේ රස්සාවට කෙලලා.

  7. 69 MIN BAIYOO says:

    මහින්දානන්ද වගේ මෝඩයින්ට අමාත්‍යංශ ගියාම සිහි කලඳක් ඇති උන්ට දොට්ට බහින්ඩ වෙනවා. බලමුකෝ කාබනික වගාවෙන් පලදාව එන කාලෙට මොකෝ කට්ටිය කියන්නේ කියල!!
    .
    ඔක්කොම උගතුන්ට රට හැර යාම සඳහා හේතුකාරක නිර්මාණය කර දෙන්න. අවසානයේ විශ්ව විද්‍යාල වලටත් කියත්මග පරපුරේ කීර්තිමත් විද්‍යාඥයන් පත්කල හැකියී. ගෙඩයා,රොකට් සර් ගෙවිඳු ,වගේ !!!

  8. 59 min biyyo says:

    ඉස්සෙල්ලාම ඉවත් වෙන්න ඕනෙ මෑන්ස් (මහින්දානන්ද)එතනම ඉදගෙන මොනවද කරන මේ විහිළු?

  9. Goma says:

    විද්වතුන්ටත් විද්වත් වූ,හෙල ගොවි,පෙරදිග අපරදිග දෙදිශාවේම වෙදැදුරු,හෙද,ගුරු, ඉංජිනේරු,හයිටියේ රාජ්‍ය උපදේශක,දස භාෂා පරමේෂ්වර,සියලු දර්ශනයන්ගේ,ධර්මයන්ගේ සහ ආගම් සම්බන්ධයෙන් කෙල පැමිණි මහා පණ්ඩිත් ගරු පාදෙණිය මහතාට ඔය තනතුර වහා ලබාදෙනු.එතුමා රජයේ සෑම ප්‍රතිපත්තියක්ම නිවැරදිව සෑම මොහොත්කම අගය කරමින් ජනපතිගේ සහ ඇමතිතුමාගේ හිත සතුටු කරනු ඇත.

  10. බොල රාජාදි රාජස්ංහයෝ, WHO සමුලුවට ලංකාව නියෝජනය කරමින් WHO සමුලුවට ගිය ඔය ආචාරි බලුගැත්තරයෝ , වකුගඩු රෝගයට හේතුව රසායනික බාවිතය නොවේ කියා බොරු වාර්තා දෙද්දී, තම වියදමෙන් එම සමුලුවට ගිය ආචර්‍ය නලින්ද සිල්වා, නිලීකා මලවිගේ ඇතුලු කන්ඩායමක්, එම වාර්තා බොරු බව තාර්කිකව ඔප්පු කල නිසා , පසුව ඒ බව තහවුරු කිරිමට ලංකාවට ආව WHO කන්ඩායම, ඒ බව සනාත කල හැටි අපිට මතකයි!

Main News