බුද්ධි මාරඹේ සියළු තනතුරුවලින් නෙරපයි.. ඔහු CIC ලොක්කෙක්…- රජයේ චෝදනා පත‍්‍රය මෙන්න…

October 26, 2021 at 12:00 pm | lanka C news
බුද්ධි මාරඹේ සියළු තනතුරුවලින් නෙරපයි.. ඔහු CIC ලොක්කෙක්…- රජයේ චෝදනා පත‍්‍රය මෙන්න…

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහාචාර්ය මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි වෙයි

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.

මහාචාර්ය මාරඹේ මහතා රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර, ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබිණ. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල මාරඹේ මහතා දරන තනතුරු සියල්ලෙන් ඔහුව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇත. මීට අදාළ අමාත්‍යවරයාගේ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇත.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

69,432 views

25 Comments to “බුද්ධි මාරඹේ සියළු තනතුරුවලින් නෙරපයි.. ඔහු CIC ලොක්කෙක්…- රජයේ චෝදනා පත‍්‍රය මෙන්න…”

  1. Felix says:

    Well done Sir, Doctor, you are a hero of an ill-fated nation. You did your social responsibility as you work for people, and you have received a salary from the public coffin. The nation and next generations will serve the punishment on behalf of these people.

    • Sajja de Sereppu says:

      සමාගම් වල අතකොළුවක්‌ බව කවුරුත් දන්න කෙනෙක් ගැන බයිලා කියන්න එපා.
      තවත් පච වෙනවා.

      • TikTokPutha says:

        පෝර නැති කරලා ඉතුරු කරගත්තු සල්ලි වලින් උබලගේ හාම්පුත්තු අන්න සැප කාර් ගෙන්නනවා. හෙට තොපේ ගෑනු විකුණලා ඒ ටික උන් කරයි. උන්ට පස්සේ හෙන ගහන්ඩ ඕන තොපි වගේ කුලියට ලෙවකන උන්ට.

        • Ashan perera says:

          Ratatama hena gahuwath thamange deshapalanaya wenuwen kade yana harak. Me ratata hari yanne naththe me wage rajya sewakayo hinda. Mun okkoma patta horu. CIC eke enna ekawa mokatada mekata path kere.

    • Covid18+ says:

      ජෙප්පො ඕනි පිදුරු ගහක එල්ලෙන්න බලන්නෙ. පව් අප්පා උන් නම්. දුක්ඛිත ජීවිත. 😀 😀

      • Athula says:

        තොපි jvp එකට බැන බැන හිටපල්ලා … ගොබ්බ හැත්ත අද රටම විශාලා මහා නුවරක් .. තොපි මොනජාතියට අයිති උන්ද කියලා නොතේරෙ… 😡

  2. Gorilla says:

    ඉවත්කලේ ඔහුටත් වඩා ජේශ්ඨ මහාචාර්‍ය් මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘශිකර්ම චක්‍රවර්ති ගෝථාභය මැතිදුන්ලා විසින්. සාදු සාදු සාදු.

  3. LalithM says:

    විකල්ප නැතිව දෙයක් නතර කරලා නිර්මාණය වන ප්‍රශ්න වලට උත්තර දෙන්න තව ඊට වඩා විනාශකාරී ක්‍රියා මාර්ග අනුගමනය කරන්න වෙනව. ග්ලයිපොසේට් තහනම ඒ වගේ.තෙත් කලාපයට නිර්දේශිත මෙම රසායනික ද්‍රව්‍ය වියළි කලාපීය ප්‍රදේශවල පාවිච්චිය නතර කලානම් හරිනේ.

  4. වංචනිකයාගේ සියළු දේපළ රාජසන්තක කළ යුතුයි.! says:

    වසවිසෙන් මාත්‍රෲහූමීය දූෂනය කරන ළඟ මිනීමරු මීනීකාක්කා, වංචනිකයාගේ සියළු දේපළ රාජසන්තක කළ යුතුයි.

    සියළු ක්ෂේත්‍ර තුළ මෙවැනි වංචනික දෙබිඩ්ඩන් සිටිනු ලබයි පාළකයන් බුද්ධිමත් විය යුතුයි!

    • TikTokPutha says:

      පෝර නැති කරලා ඉතුරු කරගත්තු සල්ලි වලින් උබලගේ හාම්පුත්තු අන්න සැප කාර් ගෙන්නනවා. හෙට තොපේ ගෑනු විකුණලා ඒ ටික උන් කරයි. උන්ට පස්සේ හෙන ගහන්ඩ ඕන තොපි වගේ කුලියට ලෙවකන උන්ට.

  5. Upali says:

    An academic has a right to freely express his scientific views and provide his knowledge to for the benefit of any institution, public or private, local or foreign. Others can disagree with an academic and also leave out his suggestions and views. If we go ahead like this science will disappear from Sri Lanka, much faster than what is happening now.

  6. On The Spot says:

    මහාචාර්‍යය මාරඹේ රසායනික පොහොර ගෙන්වන සමාගමක නිලයක් හොබවමින් අපේ රටේ කෘෂි ක්‍ෂේත්‍රයේ කාබනික පොහොර ප්‍රථිපත්ති සකස් කරන්නෙකු ලෙස පෙනී සිටීමත් හෙළුවෙන් උන්නා හා සමානය​.දුටු පමණින් සියලු දේට පහර ගසනා අය කිරිබත්ගොඩ කියූ පමණින් කොලය එලුවා හා සමාන ක්‍රියාවලියක නිරත වන්නෝය​.අපේ රටේ විද්වතුන් කියා ගන්නා අයගෙන් බහුතරයක් සිය සැබෑ සේවය ඉටු කරන්නේ බහු ජාතික සමාගම්වලටය යන්නට මෙතුමා තවත් එක් උදාහරණයකි.එක් පයක් බහුජාතික සමාගම්වලත් අනෙක් පය මව් බිමේත් තබා ගෙන ජාතියට සේවයක් කල හැකිද යන්න උගත් විද්වත් එතුමාම කල්පනා කර තීරණයක් ගත යුතුය​.

  7. Maho Mama says:

    මාරඹේ ගෙ සෙල්ලම් ගැන දැන්ද දන්නේ?

    සමාගම් වලින් මිලියන් ගණන් අරන් උන්ට සේවය කරන ගමන් මහජනතාව ගෙ මුදලින් පඩි කන හොරු ඉන්නවා.

  8. Comis says:

    අහිතකර බැක්ටීරියා තියෙන පොහොර අරන් කොමිස් ගහන්න දුන්නැතිවට හොඳ වැඩේ

  9. 69 MIN BAIYOO says:

    ජේශ්ඨ මහාචාර්‍ය් මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘශිකර්ම චක්‍රවර්ති ගෝථාභය,
    පුළුවන්නම්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරයෙන්ද නෙරපන්න. ඔහුට Ph.D. උපාධිය දුන් විශ්ව විද්‍යාලය අසාධුගත ලේඛණ ගත කරන්න. කෘෂි විද්‍යා ප්‍රථම උපාධිය දුන් පේරාදෙණිය විශ්ව වද්‍යාලය වහාම වසා දමන්න.

Main News