බුද්ධ ශාසන ඇමති මහ නාහිමිගෙන් කණ පිරෙන්න අහගෙන මල්වතු විහාරයෙන් පල්ලම් බහී.. [Video]

October 2, 2016 at 12:01 am | lanka C news
බුද්ධ ශාසන ඇමති මහ නාහිමිගෙන් කණ පිරෙන්න අහගෙන මල්වතු විහාරයෙන් පල්ලම් බහී.. [Video]

1391දී සම්මත කරන ලද ආකාරයටම විහාර හා දේවාලගම් පනත තබන්නැයි මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසති.

උන් වහන්සේ මේ අතහස් පල කලේ ඊයේ දිනයේ සංශෝධිත විහාර හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එහිමියන් දැනුවත් කිරීමට මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදීයි.

නව පනත් කෙටුම්පතට කිසියම් පාර්ශවයක් විරෝධය පල කරන්නේ නම් පනත පෙර පැවති ආකාරයට තැබීම වඩාත් සුදුසු යයිද උන් වහන්සේ කියා සිටියහ.

59,289 Viewers

15 Comments to “බුද්ධ ශාසන ඇමති මහ නාහිමිගෙන් කණ පිරෙන්න අහගෙන මල්වතු විහාරයෙන් පල්ලම් බහී.. [Video]”

  1. sinha le says:

    සිංහල ජාතිය පිරිහෙන හැටි ගැණ එදා අනගාරික ධර්මපාලතුමා කළ දේශනයක් නැවතත් සිතුවම් කළ වගයි.

    http://video.genfb.com/10154150453491934

    • ඇත්ත says:

      නූතන ජෝන් ඩොයිලි විජේදාස රාජපක්ෂ විසින් රට සහ බුදු සසුන සුද්දාට විකුණයි. අනො කාලේ වානේ වාසේ…මුලින් ථේරවාදි පනත දැන් විහාර දේවාලගම්….අධිකරණය හරහා බුදුදහම පාලනය කරවීම විජේදාසගේ ඉලක්කයයි.

      • මල්දෙනියේ සිමියොන් says:

        හිතවත් ජනාධිපතිවරයා මගින්
        අගමැති උතුමාණන් වෙත.

        ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධවයි

        අතිගරු උතුමාණෙනි, මම රටට, ජාතියට සහ ආගමට වඩා “යූ.එන්.පී” එකට ලැදි පුද්ගලයෙක් බව පළමුකොටම පවසමි. රටත්, ජාතියත්, ආගමත් වැලලීගියත් යූ.එන්.පී එක පවතින්නේ නම් අපට ඒ හොඳටම ඇතිය.

        මේ ව්‍යවස්ථාව වෙනස් කලොත් සිංහළ බෞද්ධයින් කුපත වී යූ.එන්.පී එකට ඡන්ද අඩු වීමට පුළුවන. එවිට් අපේ ආණ්ඩුවක් පවත්වාගනීමට නොහැකිවේ.
        මම නැවත මතක් කරන්නේ රටට, ජාතියට, ආගමට වඩා යූ.එන්.පී එක ‍රැක ගැනීම යූ. එන්.පී එකට ඡන්දය දෙන අපේ වගකීමයි. එම නිසා, යූ.එන්.පී එකේ ජනප්‍රිය භාවයට හානිවෙන, ව්‍යවස්ථා සංශෝධනය කිරීම ගැන තවදුරටත් සිතන ලෙස, ඔබ්තුමාගෙන ගෞරව ප්‍රස්වකව අයැද සිටිමි.

        මෙයට
        කවදත් යූ.එන්,පී ලැදි

        ………………………………………………………………..

    • Champa says:

      හරියටම හරි. මල්වතු මහනායක හාමුදුරුවෝ බෞද්ධයෝ හිතන විදියටම උත්තරේ දීල තියෙනවා. 1931 ඉඳන් එන මේ පනත වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

      මේ රටේ ඉන්න බෞද්ධයන්ට තේරුම් ගන්න බැරි කවුද ඉල්ලුවේ විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරන්න කියලා? කිසිම බෞද්ධයෙකුට හෝ හාමුදුරු කෙනෙකුට එහෙම අවශ්‍යතාවයක් නැතිකොට, කාගේ උවමනාවටද ආණ්ඩුව මේ පනත ගෙනල්ල සංඝ භේදයක් ඇති කරන්න හදන්නේ?

      මේ පනත වෙනස් කරන කොට සංඝයා වහන්සේලාට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න වෙනකොට, පන්සල් බෙදා ගන්න කතා කරනකොට ගිහි බෞද්ධයොත් බෙදෙනවා.

      ප්‍රතිඵලය දිහා බලපුවහම පේනවා උවමනාව කාගේද කියලා. ආණ්ඩුව බටහිරට උවමනා විදියට බෞද්ධාගමට මේ රටේ තියෙන තැන නැති කරන්න පනත් ගෙනල්ල මේ රටේ සංඝ භේදයක් සහ පන්සල් අතර තරඟයක් ඇති කරලා, බෞද්ධයන් සංඝයා වහන්සේලා ගැන කලකිරවා, පන්සලෙන් ඈත් කරන උවමනාව වෙනුවෙනුයි මේ දඟලන්නේ.

      විහාර හා දේවාලගම් පනත වෙනස් නොකර තිබුන විදියටම තියන්න කියලා සෘජුවම ආණ්ඩුවට කීමෙන් සංඝයා වහන්සේලා අතර වෙන්න තිබුණු විශාල භේදයක් සහ ඒ හේතුවෙන් බුදු දහමට වෙන්න තිබුණු විශාල හානියක්, අගෞරවයක් වැළැක්වීම ගැනත් මල්වතු හාමුදුරුවන්ට අපේ ගෞරව පූර්ව නමස්කාරය හිමි වෙනවා.

      මේ ආණ්ඩුවේ එකම අරමුණ එකට එකතු වෙලා තියෙන රට පුළුවන් හැම අතින්ම වෙන්කිරීමයි. අළුත් ව්‍යවස්ථාවක් ගේන්නෙත්, මේ වගේ දශක ගණනාවක් තිස්සේ වෙනස් නොවී කිසිම ප්‍රශ්නයක් නැතුව තිබුන විහාර හා දේවාලගම් පනත වගේ පනත් භේදයක් ඇතිවෙන විදියට සංශෝධනය කරන්නෙත් මේ රට ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, පළාත් වශයෙන්, කුඩා පරිපාලන ඒකක වශයෙන් විතරක් නෙමෙයි පන්සල් වශයෙනුත් පවා ඉතා කුඩා ඒකක දක්වා බෙදා වෙන් කරන්න.

      අපි ඉදිරියේ තිබෙන අනතුරෙන් මිදෙන්න හොඳම මඟ මේ පනත සහ මීට සමාන රටට අහිතකර ඉදිරියේ එන්න තියෙන පනත් සහ අළුත් ව්‍යවස්ථාව සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරන එක. මුළු රටම ඉන්නේ ඕනේ එකම මතයක. අපේ නායක හාමුදුරුවරු ආණ්ඩුවට පැහැදිලිවම කියන්න ඕනේ මේ වෙනස් කිරීම් කරන්න තරම් සාධාරණ හේතු කිසිවක් නැති නිසා ඒවායේ අන්තර්ගතය ගැන සාකච්චා කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව.

      යහපාලන ආණ්ඩුවේ දේවදත්තයන්ගෙන් බුදු දහම රැක ගැනීම සඳහා ඉදිරියට පැමිණ කතා කරන මේ අපි දකින සවාමීන්වහන්සේලා සහ අපි නොදකින අනිකුත් සෑම ස්වාමීන්වහන්සේ කෙනෙකුටමත් බෞද්ධයන්ගේ ප්‍රණාමය හිමි වෙනවා.

  2. sinha le says:

    ධර්මපාල තුමාගේ ප්‍රකට කියමනක් වන 1926 දී කරන ලද පහත දැක්වෙන ප්‍රකාශය පිලිබඳ රජයේ ප්‍රතිපත්තිය කුමක්ද?
    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා
    .
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.
    මේ ප්‍රකාශය අදට ඉතාමත් නිවැරදිව ගැලපෙන බව අපගේ මතය වන අතර අද අපට උරුම වී ඇති මේ අවසානාවන්ත තත්වය වසර 100 කට පෙර මෙතුමාට දකින්නට හැකි වීම හා මේ බව අපගේ කිසිදු දේශපාලන හෝ රාජ්‍ය නායකයෙක් අවබෝධ කර ගෙන නොසිටි බව නම් ඉතා පැහැදිලිය.

  3. Alapaluwa says:

    මට ඇත්තටම තේරෙන්නේ නැ මුන් මේ මොනවද කරන්නේ කියලා කොතරම් දේවල් කරන්න තිබෙනවද මෙවැනි බහුබූත වැඩනොකර කරොත් කරන්නේ මෙවැනි නොසන්ඩාල වැඩම තමයි.මෙයින් යටිසිතෙන් අදහස් වන්නේ මුන් ටික එකතුවී අපේ බුදුදහමටත් තැන නැතිකිරීමේ අදහසක් පමණ බවයි මටනම් සිතෙන්නේ .අන්තිමට කියයි සිරිපාදයත් අපේ එකක් මයියන්ගනයත් අපේ එකත් තියන බහුද්ධ ස්ථාන සියල්ලම අන්ආගමිකවේවි ඉබේටම මෙයට අපේ බුද්ධ ශාසනය රැකගැනිමටනම් ඉන්න සියලුම බුද්ධ ශ්‍රවිකයන් එකාමෙන් ඉදිරිපත් වියයුතුයි නැතහොත් තොපිලා සියල්ලම අන්ආගමිකයන් සේ අපි සලකමි.කොහොම කොහොම හරි පොනිය සහා සිරා ඔය දඟලන්නේ කෙලවගන්න තමයි.මුන් සිතන්න ඕනේ ජීවිතය තිබෙන තාක්කල් ඔය බලයේ රැඳී සිටින්න බැරිබව අවසාන කාලයේ තමන්ගේ තිබුණු දෙයත් නැතිකරගන්න තමයි ඔය දඟලන්නේ.මේවද කරන්න ජනතාව තොපිලව පත්කරේ?මේවද තොපිලා පොරොන්දුවුනේ කරනවා කියලා ? මේවද රටේ දැන් තිබෙන ප්‍රශ්න විසදන්න බැරි? උඹලට කිසිමදෙයක් කරගන්නා බැ රටේ තිබුණු ඒකීය බාවය සතුට,සමාදානය නැතිකර ආර්ථිකය අන්තිම බිංදුවට පත්කර තවත් කියනවනම් කම්බෝජනය,වියට්නාම වගේ දුපත් අඳුරු රටකට සමාන රටක් ගොඩනගන්නයි මෙවුන් මේ උත්සහා කරන්නේ බටහිර පක්කිලියන්ට අවශ්‍ය විදියට.අපේ බටහිරයන්ට පක්කලි කම්කර බඩගෝස්තරය සොයාගමින් උන්ගේ පසුපස ලෙවකමින් කරන මේ පක්කිලි සේවයට වඩා හොඳ නැද්ද බටහිරයන්ගේ අසුච් කෑවනම්. අර සරත් විජේසුරිය, සමන් රත්නප්‍රිය යන මෙවැනි සක්කිලි NGO නඩේට කඩේයමින් ඔවුන්ගෙන් යැපෙමින් ජිවත්වන තොපිලට මෙයට වඩා හොඳ නැද්ද එවුන් එක්ක හැමනුනානම්.එකත් කරන්න බැරි නැති එවුන් තමයි තොපි පරගැත්තෝ.

  4. Well said Maha Sangha…….please tell the yamapalana eelam gang to keep the old [original] 1972 Sri Lanka viyawasthawa too……tell them not to touch it…NEVER to change it…..to keep it as it is….

  5. Aba says:

    These KandyAN Radala Priests in Malwatta and Asgiriya as well as those Siamese Sects in other parts of Srilanka mainly from the so called affluent caste do not want to share anything of Vital Siddasathana –
    Holy places of worship of all Buddhists with CLERGY OF RAMANNA AND AMARAPAPURA SANGHA SABHA!
    This is a highly pathetic ugly situation!.
    This reminds us corrupt horrid autocratic rule of the HOLY ROMAN EMPIRE headed by Pope, which resulted in40 years war in Europe against the protestants in Europe!!

    • Ps, note that we haven’t got such a war in SL under the old constitution,and do keep in your mind that there’re so many hidden agendas in forthcoming amendment against the Buddhism so that’s reason why Mahasanga go against the new amendment.

    • Ps, note that we haven’t got such a war in SL under the old constitution,and do keep in your mind that there’re so many hidden agendas in forthcoming amendment against the Buddhism so that’s the reason why Mahasanga go against the new amendment.

  6. ss says:

    lakawe bodda sasanaya kiyanne mallwatha wetharada. mall waththa kiyanne UNP bodda sasanayayi. lankawe bodda sasanaya kiyanne malwatho. asgiri, ramanya , amarapora kiyana hama nikayakama ekathowayi.

  7. Sinha le THANKS for the above GREAT WELL SAID video clip by Dharmapala thuma ….all his words have come true today……SINHALESE WAKE UP IMMEDIATELY TO SAVE THE MOTHERLAND……

  8. ishara says:

    Malwatte Mahanaayake supports UNP and indirectly is supporting destruction of Buddhism. Ven Asgiriya Mahanayake is a far better monk who has compassion on Buddhists.

  9. saradieal says:

    වර්තමාන අගමැතිවරයා සිය දේශපාලන සැලසුම දිගහැර ඇත්තේ අතීත අත්දැකීම් පදනම් කරගෙනයි.එ.ජා.ප යේ උපන් ගෙයි බෙදුම්වාදය එම සැලසුම් වල පදනමයි.දෙමල ජාතිවාදය විසින් එකින් හක පපියවරෙන් පියවර ලබාගත් ජයග්‍රහණය කරන ලද ඉල්ලීම් සම්පූර්ණ කරලීමට මෙවර විශාල උත්සාහයක යෙදෙමින් ඇත. අය්කීය දේශීය කච්චිය ෆෙඩරල් කච්චි දක්වා වර්ධනය වී ඇත.මෙය හේතුව සිංහල ජනතාවගේ ඓතිහාසිකත්වය සහ උරුමය එ.ජා.ප.ය විසින් නොපිළිගැනීමයි.ෆෙඩරල් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ව සිටි තංගදුරේ විසින් මුතූර් අවට කිලිවෙඩ්ඩියේ තිබූ ඓතිහාසික සිරිවඩ්ඩන බෝධිය 1976 දී සහමුලින්මකපා විනාශ කර දැමූයේ උතුරු නැගෙනහිර පළාත්වලින් සිංහල බෞද්ධ උරුමය සදහට අතුගාදමන්නටය. එවැනි තත්ත්වයක් මත විවිධ ක්‍රිස්තියාන නිකායන්ට සිය කුරුස ව්‍යාප්තිය ඇතිකරන්නට ඉඩ හසර ලැබුණි. අද විග්නේශවරන් සහ දකුණේ එ.ජා.ප. යේ ගිවිසුම එය බව අපට වැටහේ.

  10. lion says:

    රජු සමග එකට සිටිමින්ම, පුස් වෙඩි පත්තුකරමින් එදා මොල්ලිගොඩලා සුද්දට පාවාදීමේන් බිලි දුන්නේ සිංහලේ අවසාන රජුව නොව මුලු මහත් තුන් සිංහලයමය. ඉන් වසර 200 ක් ඉක්මවූ පසු 2015 දී මෙදා ‘මොල්ලිගොඩලා’ එකට ආප්ප කමින් සිටි බවට කට මැත දොඩවමින් ගොස් බටහිර සහ ඉන්දීය අධිරාජ්‍යවාදීන්ට පාවා දුන්නේද පෙර සිටි පාලකයන්ව නොව මුලු මහත් ශ්‍රි ලංකාවමය.

Main News