බුදුදහමට මහ විපත්තිදායක කලක් එනවා..- අස්ගිරි මහ නාහිමි

April 18, 2017 at 12:00 pm | lanka C news
බුදුදහමට මහ විපත්තිදායක කලක් එනවා..- අස්ගිරි මහ නාහිමි

පැමිණෙමින් ඇත්තේ බුදු දහමට විපත්තිදායක කාලයක් නිසා සියළු දෙනා බුදුදහම රැකගැනීමට එක්විය යුතු යයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤානරතන හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් පිරිසක් අස්ගිරි මහ විහාරයට පැමිණි අවස්ථාවේදීය.

තවමත් රට ජාතියට ආගමට විරුද්ධ බලවේගයන් ක‍්‍රියාත්මක වන බව පෙනෙන බවද කී එහිමියෝ ජනතාව කිසිදු තේරුමක් අරමුණක් නැති ඇදහිලි මිත්‍යා විශ්වාස පස්සේ සීඝ‍්‍රයෙන් ඇදී යන බවද කීහ.

ප‍්‍රශ්නවලින් මිදී දැහැමි දිවියක් ගත කිරීමට බුදුදහම මහා පිටිවහලක් කරගත හැකි යයිද මහ නාහිමියෝ වැඩි දුරටත් කීහ.

164 views
Main News