බුදුන්ගේ ධර්මයෙන් මේ රට එක්සේසත් කල හැකියි..- රෙජිනෝල්ඞ්

June 28, 2018 at 6:48 pm | lanka C news
බුදුන්ගේ ධර්මයෙන් මේ රට එක්සේසත් කල හැකියි..- රෙජිනෝල්ඞ්

යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥපති මේජර් ජෙනරාල් රාජගුරු මහතාගේ අධීක්ෂණය යටතේ 59,64 හා 68 සේමු හි සේනාංකාධිපතිවරුන්ගේ මෙහෙයවීම ඇතිව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ශ‍්‍රී බෝධිරාජ පදනමේ අනුග‍්‍රහයෙන් මුලතිව් ප‍්‍රදේශයේ අසරණ ජනතාව සඳහා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පොසොන් පෝදා මුලතිව් මහජන ක‍්‍රීඩාංගණයේදී සිදු කෙරිණ.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝ නායක උපරිමානුවිප්පක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු සංඝයාවහන්සේලාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ බෙදාදීම සිදු කරනු ලැබූ අතර අසරණ ජනතාව වෙනුවෙන් කිරි එළදෙනුන් 100ක්ද ආබාධිත තත්වයට පත් අය සඳහා රෝදපුටු 50ක්ද පාසැල් දරුදැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් පාසැල් උපකරණ සහ පොත් පැන්සල් කට්ටල 150ක්ද කෘෂිකර්මාන්තයට ශක්තියක් වෙමින් උදළුතල 150ක්ද බෙදාදුන් අතර මෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්නය.

මෙම පරිත්‍යාග ලබා දීමේදී සංඝයාවහන්සේලා මෙන්ම පූජකතුමන්ලාද, සිංගප්පූරුව සහ තායිලන්තයේ පරිත්‍යාගශීලීන්ද, මුලතිව් දිස්ත‍්‍රික්කයේ පොලිස් අධිකාරිතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්, කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂකතුමන්, සෞඛ්‍ය වෛද්‍යවරුන් සහ යුධ හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන ලදී.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,

මේ ගිනිගෙන දැවෙන කතරට ඔබවහන්සේලාගේ පැමිණිම මහා වරුසාවක්. මම ඔබවහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවතත් මේ ප‍්‍රදේශයට වැඩම කොට බුද්ධ ධර්මයේ ඇති වැදගත්කම පෙන්වාදී මෙහි වෙසෙන අහිංසක ජනතාවට උදව් උපකාර කරන ලෙසය.

තවද බුදුන් වහන්සේගේ දර්ශනය මත කටයුතු කළොත් ජාති, ආගම්, කුල, පංති භේද ඇති වන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලින් හා නීතිරීති වලින් නොව බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම් පණිවිඩ මගින් මේ රට එක්සේසත් කල හැකියි.

මෙම අවස්ථාව සඳහා යුධ හමුදාවේ සහ රාජ්‍ය අංශයේ නිලධාරීන් සහ ප‍්‍රදේශයේ අහිංසක ජනතාව සහභාගි වී සිටියහ.

– වජිර කොඩිතුවක්කු

38 views

9 Comments to “බුදුන්ගේ ධර්මයෙන් මේ රට එක්සේසත් කල හැකියි..- රෙජිනෝල්ඞ්”

  1. David Milli-banda says:

    Oka Wiggiyada koviledi kiyala dunne?

  2. ratawesiya says:

    ane mahattayo,
    budu bana dannawa nam den ithin rassakaranna epa hamna karanna epa gehenulangata yannaepa bana bawana karanawa. minisunta bana kiyala thamun balu wedaneda karanne
    hakke BUDURES BOKKE DADAMAS

    • LION says:

      නළලේ හින්දු පොට්ටුව තියාගෙන බුදු දහම ගැන පවසනවා …කාවද මේ රවට්ටන්න හදන්නේ ?

  3. "සොභීතය" says:

    පොට්ටුව නලලෙ තියා ගත් පලියට මේ කුරයා
    හිතන්නේ අපටත් පොට්ටුව තියන්නද පරයා
    සංහිඳියාවෙන් මුලු රට දෙදර ඇත ගිනි මරයා
    චීවරත් හිර විලංගුව දමා දහම වනසයි නරයා

    • Saradiel says:

      ඒ නිසාද උතුරේ බෞද්ධ වෙහර විහාර කඩන්නේ ? TNA බෞද්ධ එතිහාසික සිද්ධස්ථාන ඉවත් කිරීමට ආණ්ඩුවට බල කරන්නේ ?
      උතුරේ ආණ්ඩුකාරයා වශයන් ඔබ ඒවාට විරුද්ධව එක ප්‍රකාශයක් වත් නිකුත් නොකළේ මන්ද ? ඔබ කුරුසකාරයෙක් නේද ?
      කොහොමද එකපාරටම බුද්ධාගම ගැන පැහැදුනේ ? මොකද්ද මේ වෙනසට හේතුව ? බෞද්ධ මහජාතිය රැවටීමක් නොවේද ?

  4. Mangala says:

    Unfortunatly, not all in Sri Lanka follow Buddhism. Buddhist are not racist or hate to other races or religions towards. But are the others treating Buddhist in same manner?

  5. මේ රට මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එක්සේසත් කල රටකි. රෙජිනෝල්ඩ් කුරේ වැනි පරන JVP සහ කතෝලික පක්කලියන් විසින් සිදුකරමින් සිටින්නේ එසේ එක්සේසත් කල රට බටහිර හොරුන්ගේ උවමනාවට විනාශකර දැමීමටය. මේ පරයන් සින් හල භාෂාවේ වැදගත් වචන වල අර්ථයවත් නොදන්නා වාචලයන්ය. මෙවන් වගකීමකින් තොරව වචන භාවිතා කරන වාචාලයන් නිසා රටකට සිදුවන හානිය බුද්ධිමත් සියල්ලටම පැහැදිලිවම තේරුම්ගත හැක.

  6. හිප්පි හිප්පි හායි...හායි.ඌයි says:

    මෙන්න යකෝ අලුත්ම සොයා ගැනීම. හිප්පි හිප්පි හායි…හායි…හිප්පි හිප්පි හායි…හායි… හිප්පි හිප්පි බායි…බායි…හිප්පි හිප්පි ඔබයි…ඔබයි…ඌයි. අදයි අපි දන්නේ මු උපාසක කියලා.

  7. Gnanapala Modapola says:

    එස්.බී.හා කුරේ කියන්නේ අවස්ථාවට අනුව වාසියට කතා කරන බඩු දෙකක්.එක විශවිද්‍යාලෙ. කුරේ පළමුව ජේ.වී.පී. ඊට පස්සේ ධර්මසේකරගෙ පෙරදිග සුළං. පස්සෙ කොහේ ගියාද දන්නෙ නෑ චන්ද්‍රිකලත් එක්ක. ඊට පස්සෙ ශ්‍රී.ලංකා. මහින්දට ෂපෝඅට්. දැන් මය්යාගෙ මිරිකනවා. මැරෙන්න ඉස්සෙල්ල යූ.එන්.පියටත් යයි. මං අහන්නෙ රට එකසේසත් කරන හැටි බුදුහාමුදුරුවො මොන සූත්‍ර දේශනාවෙද කියල තියෙන්නෙ?ත්‍රිපිටකෙ මොන වග්ගයෙද?මොන සංහිතාවේද? මොන පිටුවෙද? මෙයාගෙ බුද්ධාගමත් රනිල්ගෙ බුද්ධාගම වගේයි.දේශපාලනේට ආගම.

Main News