‘බුදුන්ගේ රස්තියාදුව’ දිගටම ඔ්නෑ.. ජවිපෙ හිතවාදී සමාජවාදී කලා සංගමය කියයි..

August 23, 2018 at 10:40 am | lanka C news
‘බුදුන්ගේ රස්තියාදුව’ දිගටම ඔ්නෑ.. ජවිපෙ හිතවාදී සමාජවාදී කලා සංගමය කියයි..

‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතියට වාරණ පැනවීම සම්බන්දයෙන් සිය විරෝධය පල කරන බව සමාජවාදී කලා සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

“ප‍්‍රකාශනයේ අයිතිය ඕනෑම ප‍්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක ජනතාව සතු ප‍්‍රධාන අයිතියකි. නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පදනම් කරගත් යහපාලනයක් ගොඩනැගීම වෙනුවෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවත් සංස්කෘතික ඇමතිවරයාත්, නැවත මහින්ද රාජපක්ෂ යුගය සිහිගන්වමින් ඒ මාවතේම ගමන් කරමින් සිටී. ප‍්‍රකාශනයේ අයිතිය වාරණයට ලක් කිරීම සඳහා කිසිදු ඉවක් බවක් නැතිව මැදිහත් වෙමින් සිටී.

කලාව, සංස්කෘතිය පොහොසත් කිරීම සඳහා ප‍්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් ගොඩනඟනවා වෙනුවට ඉතා අසීරුවෙන් ගොඩනැඟෙන කලා කෘති සහ කලාකරුවාගේ ප‍්‍රකාශනයේ අයිතිය වාරණයට ලක්කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.

මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍යමාලාව, කේ.කේ. ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතිය හා අසංක සායක්කාරගේ ‘මම කෙලින් මිනිහෙක්’ නාට්‍ය වාරණයට ලක්කිරිම සඳහා ආණ්ඩුව මැදිහත්වීම සමාජවාදී කලා සංගමය ලෙස අපගේ අප‍්‍රසාදය පළකර සිටිමු.

මෙය ප‍්‍රකාශන අයිතිය වාරණයට ලක් කළ පළමු අවස්ථාව නොවේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේත්, ඊට පෙරත් බොහෝ අවස්ථාවල මෙවැනි වාරණයන්ට ලක්වීමට කලාකරුවන්ට සිදුවිය. මෙම කලා කෘති පිළිබඳව ඒවාගේ අන්තර්ගතයන් හා ආකෘතීන් පිළිබඳව විචාර ක්ෂේත‍්‍රයේද බොහෝ වාදවිවාද තිබේ. මෙහි අන්තර්ගත ඇතැම් කලාකෘතීන් පිළිබඳව අපටද විවේචනයන් තිබේ. නමුත් ඒවා පදනම් කරගෙන කලාකරුවාගේ ප‍්‍රකාශන අයිතියට වාරණ පැනවීම පිළිබඳව අපගේ අප‍්‍රසාදය පළ කරන අතර, ප‍්‍රකාශනයේ අයිතිය වාරණයට ලක්කරමින් සිදුකරනු ලබන මෙම සියලු ප‍්‍රවේශයන් අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. එමෙන්ම ප‍්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙන මෙන් විද්වතුන්, කලාකරුවන් ඇතුළු සියලු ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටිමු.”

පේ‍්‍රමරත්න තෙන්නකෝන්
සමාජවාදී කලා සංගමය

283 views

21 Comments to “‘බුදුන්ගේ රස්තියාදුව’ දිගටම ඔ්නෑ.. ජවිපෙ හිතවාදී සමාජවාදී කලා සංගමය කියයි..”

  1. අනතෝල් ප්‍රාන්ස් says:

    බුදුන්ගේ රස්තියාදුව කෘතියේ බුදුන්ට අපහාසයක් වෙල‍ා නැහැ
    ලංකාව ආගමික අපහාස නීති ක්‍රියාත්මක පකිස්තානය නෙවේ

  2. ජසයා says:

    අභියෝගයක්. පුළුවන්නම් මහම්මත්තුමා සහ ඉස්ලාම් සම්බන්ධ කර මෙවන් කෘතියක් ඉදිරිපත් කරනු. හැකිද?

  3. thilakarThna says:

    මේ උත්සාහය බුද්ධාගමත් බෞද්ධ සංස්කෘතිය ත් විනාශ කිරීමට ය. බෞද්ධයන් වන අප මෙයට විරුද්ධව පෙල ගැසෙමු.

  4. Jayasiri says:

    I challenge JVP to support any book or drama that is written to hurt Muslims!

  5. john says:

    JVP people are here to destroy country , culture and our society…..Lower level JVP people still working hard to achieve their dream by getting JVT to power… Higher level JVPs are enjoying , travelling abroad , drinking , having sex , cracking deals etc…

    I feel sorry for lower level people…..this party is burden and bad luck to the country….

  6. EX JVP says:

    Anura kumara Dissanayake ….Can you spell single word against Muslim religion or Christianity ????…..

    Your stingy , smelly big mouth always open to shout at us……..Your mouth is equal to big PUKA now….

Main News