‘බුදුන්ගේ රස්තියාදුව’, ‘නිර්වස්ත්රං පරමං සුඛං’ වාරණයට විරෝධය..- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
August 26, 2018 at 12:00 pm | lanka C news
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
කලා කෘති පාලනයට රජය මැදිහත්වීම ගැටලු සහගතයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
කලා හා සාහිත්‍ය කෘතීන් කිහිපයකට අදාළව මෑතක හටගත් මතභේදාත්මක සිදුවීම් කිහිපයකදී රජය ඊට මැදිහත්ව ඇත්තේ එකී සිදුවීම් පිළිබඳ නිසි අධ්‍යයනකින් හෝ නිසි තක්සේරුවකින් තොරව බව අදහස් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එවැනි අවිචාරවත් ක්‍රියාවලින් ගෙන් වළකින ලෙස අවධාරණය කර සිටී.
“බුදුන්ගේ රස්තියාදුව” සාහිත්‍ය කෘතිය, “මං කෙලින් මිනිහෙක්” වේදිකා නාට්‍ය සහ මාලක දේවප්‍රියගේ “රේඩියෝ කතා” ගුවන්විදුලි නාට්‍ය මාලාව සම්බන්ධයෙන් රජය මෙසේ මැදිහත්ව තිබේ. “මං කෙලින් මිනිහෙක්” වේදිකා නාට්‍ය ප්‍රදර්ශනයට පසුව අවසර දී ඇතත්, ගැටලුව මතුවන්නේ රජය මෙම කෘතීන් සඳහා මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙනි.
කිසියම් පුද්ගලයකුගේ පැමිණිල්ලක් ලද පමණින් කිසිදු පරීක්ෂණයකින් තොරව ප්‍රදර්ශනය සදහා ප්‍රවේශපත්‍ර පවා අලෙවිකර තිබු නාට්‍ය දර්ශනයක බලපත්‍රය ආපසු කැඳවීම කොතරම් තර්කානුකුලද යන ගැටළුව මෙහිදී මතුවේ.
එසේම ඉහත මැදිහත් වීම් තුනම සිදුකර ඇත්තේ ආගමික හේතු මුල්කරගෙන වීම ද විශේෂත්වයකි.
ආගමික නායකයන්,ආගමික විශ්වාස හා ආගමික සංකේත තම නිර්මාණ කටයුතු සඳහා පාදක කරගැනීමේදී කලාකරුවන් ඒ කෙරෙහි නිසි සංවේදීතාවයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද පිළිගත් කරුණකි. එසේම එවැනි කලා නිර්මාණ අරබයා ගැටුම්කාරී අවස්ථාවක් පැන නැගුනු විට රජයේ මැදිහත්වීම ද එතරම්ම සංවේදී විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි .සමාජයක ආගමික අයිතින් හා සහජීවනය මෙන්ම ප්රජාතන්ත්රවාදී හරයන් සුරැකීම ද රජයේ ප්‍රධාන වගකීමක් වන බැවිනි.එහෙත් මෙම අවස්ථාවේදී රජය ක්‍රියාකර ඇත්තේ එවැනි සංවේදීතාවයකින් තොරව බව පෙනෙන්නට තිබේ.
ඒ අතර “බුදුන්ගේ රස්තියාදුව” කෘතියෙහි කතෘ, ප්‍රකාශක, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් දණ්ඩ නීති සංග්‍රහය 290,290A,291A සහ 291B වගන්ති යටතේ සාපරාධි වරදක් සිදුකොට ඇති බව පවසමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට නඩු පවරා දඬුවම් දීමට කටයුතු යොදන ලෙස දැනුම් දෙමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය ද අවධානයට යොමු විය යුත්තකි.
කිසියම් කලා කෘතියක් විනිශ්චය කළ හැකිවන්නේ නීතිමය මිනුම් දඬු මගින් පමණ යැයි යම් රටක සංස්කෘතික ඇමතිවරයකු විශ්වාස කරන්නේ නම් එය බෙහෙවින්ම කණගාටුදායක තත්වයකි. කලා කෘතියක් විනිශ්චය කිරීම පැති ගණනාවකින් සිදුවිය යුතු සංකීර්ණ කටයුත්තක් බැවිනි. එවැනි පසුබිමක් තුළ මෙබඳු මතභේදකාරී ගැටළුවක් විසඳීම සදහා අවශ්‍යවන්නේ ගැඹුරු කරුණු හැදෑරීමක් මත සිදු කරන හරවත් හා මධ්‍යස්ථ මැදිහත්වීමකි.
සී.දොඩාවත්ත
කැඳවුම්කරු
දිලීෂා අබේසුන්දර
ලේකම්
It’s failure to give respect for religious leader. Nothing else. The main issue here is government backed NGO also behind this issue. Though government acted late, it is good move. In the name of democracy, idiots can’t be allowed to insult others
නූතන ජෝන් ඩොයිලි…හාමුදුරුවන් හිරේ දාන්න භික්ෂු කථිකාවත් පනත ගෙනාව. දැන් උපාසක වෙස් අරගෙන බුදුදහමෙ ආරක්ෂක වෙලා..ඊනියා ජාතික ආණ්ඩුවෙ ඇමති කටු සූප්පු කරමින් ජනතාව ගොනාට අන්දයි.
පෙන්වනු කැමතිය කරුමය ඔබලා සැම දෙනාටම
මතකද ඇෆ්ගන් බුදුරුව වෙඩිතියා කල විනාසෙම
කරලා ගියේද තුන්මසක් සතුට එහි දැක විඳින්නම
යුද්ධය පටන් ගත්තේ ඇෆ්ගන් නොහිතුම විදියටම
එක දෙවියයි ප්‍රිය බව ඔබ නමින් කියයි
තිස්තුන් කෝටි දෙවියො අප්‍රියව කියයි
බුදු දහමට කල අපහාසය සැමම කියයි
කරුමය නිර්වස්ත්‍රව ඔබ විඳවලම කියයි
සිංහලකමයි බෞද්ධකමයි එකයි. සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයයි සිංහල සංස්කෘතියයි බෞද්ධ සංස්කෘතියයි දෙකක් නොව එකයි. ධර්මපාලතුමා අනුශාසනා කළේ නැහැ. නියෝග කිරීමයි තර්ජනය කිරීමයි කළේ. ඒ බෞද්ධයාට සිංහලයාට තිබූ ආදරය නිසයි. අපට ධර්මපාල කෙනෙකු වන්න බැහැ. එහෙත් ධර්මපාල අපේක්ෂාවන්, දර්ශනය ආරක්ෂා කළ හැකියි.
මඩුපල්ලිය පත්තිනි දේවාලය කරමු
ඇඩම්ස් පික් නම තහනම් කරමු
ඔව් උඹලගේ කළා කටයුතු වලින් අපේ සිත් රිදවීම් උනා එක උඹලගේ ඒකායන අරමුණ.උඹලට නිදහසක් දීල තියෙන්නේ උඹලගේ පදේට නටන නැති උන්ට හිරිහැර කරන්න මාධ්‍ය භාවිතා කරන්න නෙවි.උඹල සතුටු වෙයල්ලා ලංකාවේ නිසා ජීවත් වෙලා ඉන්නවා කියල .
පුලුවන්නම් ඉස්ලාම් අන්තවාදය ගැන පොතක් .නාට්‍යක් ,සින්දුවක් ලියල ජාතික රුපවාහිනියේ දාපල්ලා තොපිට මොනවද වෙන්නේ බලන්න.කනපතේ පහරන අපතයෝ ටිකක් උඹල .හිතන්න එපා නිදහස් මාධ්‍ය මුවාවෙන් එන් .ජී.ඕ .සල්ලි වලට රට විකුණන තොපිලට අපි නිකන් ඉන්න දෙයි කියල .
ගහපල්ල මුන්ට කුණු බිත්තර !
ජාතියට ආගමට නිගරු වන ලෙස නිර්මාණ කිරීමට විරුද්ධ වීමට රජයට අයිතියක් ඇත. වර්තමානයේ රටේ බෞද්ධ විරෝධී සංවිධානාත්මක ව්‍යාපාර බෙහෙවින් ඉස්මතු වෙමින් පවතින අතර, සමාජය පරිහානියට ඇද වැටෙමින් පවතී. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද මෙම කටයුත්තට අත ගසා ඇත්තේ කුමන සංවිධානයක අවශ්‍යතාවයකටදැයි සොයා බැලිය යුතුය. මෙම ව්‍යාපාරය මෙහෙයවන අයගේ අභ්‍යන්තරය සෙවිය යුතුය. අනිවාර්යයෙන්ම, අබෞද්ධ පිරිසක් මේ තුල සිටිය යුතුය.
අද සමාජය පිරිහීමට මුලිකවම වගකිව යුත්තේ මාධ්‍යයි. දවස මුළුල්ලේ වැඩි කාලයක් දකින්නට ලැබෙන්නේ හර සුන් ටෙලි නාට්‍ය (අඩා වැලපෙන, මරාගන්න, මල් නාට්‍ය සහ බොලද පහත් හින්දි මෙගා ටෙලි නාට්‍ය), මනස විකුර්ති කරන වෙළද දැන්වීම්, ඔප දුප සහිත වැඩසටහන්, හර සුන් news සහ බාල ගණයේ සංගීත වැඩසටහන් වේ.නිතර මේවා ප්‍රචාරය වීමේදී මිනිසුන් තරුණ තරුණියන් මේවාට ඇබ්බැහි වෙයි. මෙවැනි ගනයේ වැඩසටහන් තුලින් මිනිසුන්ගේ මනස නොසන්සුන් වෙයි, ආවේගශීලී වෙයි, ද්වේශය ඇති වෙයි, රාගය ඉස්මතු වෙයි, වගකීමකින් ක්‍රියා කල නොහැකි සහ මනස දුර්වල බොලද කොල්ලෝ කෙල්ලෝ ඇති වේ. අන්තිමට, සමාජයම, වැරදි වැඩ වලට පෙලබවෙයි, මිනිසුන් එකිනෙකා ඇනකොටා ගන්නා සමාජයක් බිහි වෙයි. කුමන නීතියකින්වත් මෙය නතර කල නොහැකි වෙයි.
මාධ්‍ය තුලින්, මිනිසුන්ට දැනුම බෙදන වැඩසටහන්, නිර්මාණාත්මක මනස relax වන වැඩසටහන්, අධ්‍යාත්මික, පාරිසරික, හරයන්ගෙන් පිරි සහ සමාජයට පණිවිඩයක් දෙන ටෙලි නාට්‍ය සහ හරවත් සංගීත වැඩසටහන්, ක්‍රීඩා සහ සෞක්‍ය වැඩසටහන් නිතර ප්‍රචාරය වෙයි නම් මිනිසුනට ඒවා නිතර ඇසී මනස ඒ ලෙස සකස් වේ. සමාජය මීට වඩා ලස්සන තැනක් වනු ඇත. ශක්තිමත් වගකීම් සහිත, රට ජාතිය ගැන සිතන, නිර්බීත නිරෝගීමත් තරුණ පරපුරක් බිහිවනු ඇත.
මෙවන් හොද මාධ්‍ය මෙහෙවරක නිරත වන අය සිටින්නේ අතලොස්සකි.
me gollo muslim ratawala neethi gena aba mal renuwak deyak danne ne. mona rataka unath rate agam valata haanikara dewal gena rajaya medihath viya yuthumai.
මේ වාරණ මණ්ඩල කිසි ගානක් නෙතිව ළමයින්ට සිගරට් පොවන බීර් පොවන රූපවාහිනී වැඩ සටහන් දාන්න ඕන තරන් සපෝට් දෙනවා. මුන්ට අපේ ළමයි ගැන අධෝ වාතයක ගානක් නැහැ .
හැබැයි, නිර්මාණ නිදහස කියල මේ ලියන එවුන් තමයි එකත් කරවන්නේ. උන්ට ඕන වල්බූරු නිදහස පාවිච්චි කරලා ඩොලර් වලින් යැපෙන්න විතරයි.
බංකොලොත් කලා කාරයෝ ඉන්න රටක් මේක . උන්ට සිගරට් බොන සීන් එකක් දාන්නේ නැතිව “කල්පනා කරනවා” වගේ දෙයක් ප්‍රකාශ කරන්න අමාරුයිලු. අනේ පවු. මේවා කළා රිටවල්. Cnews, If you can publish this, Great!
නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ හිටපු ලොක්කා වූ සුනන්ද දේශඅප්‍රිය මුදල් වංචාවකට අසුවීමෙන්පසු
ශ්‍රී ලංකා රජයට විරුද්දව ස්විස් රටට පැමිනිලිකර එරටේ Regugee පුරවැසි භාවය
ලබා ගෙන ඇත.
ලැජ්ජයි, ලැජ්ජයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.