බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ Born Again නිකායට හරවති..

February 1, 2021 at 12:06 am | lanka C news
බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ Born Again නිකායට හරවති..

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙන යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරුජනාධිපති තුමා
ජනාපති කාර්යාලය.
කොළඹ 01.
2020.01.30

ගරු ජනාධිපතිතුමනි.

2004 ඉදිරිපත් කරන ලද අන්යාගමික පනත පාර්ලිමේන්තුවේ දි සම්මත කරගත යුතුය.

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාට දේවයාතිකාවක් මගින් නැවත තම කටහඬ අවදිකිරීමට හැකි වූ බවට කියවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.ඒ දේවගැතිවරයෙකු විසින් වික්ටර් රත්නායක වෙත සිදු කරනු ලබන යාතිකාවක් අවසානයේ ඔහු පවසන්නේ තවත් වසර තුනක් යන තුරු කිසිඳු ගැටළුවකින් තොරව ගී ගැයීමට හැකිවන බවයි. බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ එතුමා Born Again නම් ක්‍රිස්තියානි නිකායක දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය තබමින් දැන් යළිත් ගැයීමට දෙවියන්ගෙන් කටහඬ අයදිමින්  සිටිම පුදුම සහගතය.

දසක හතරකට ආසන්න කාලයක් ලංකා බෞද්ධ බලවේගය බිද හෙළන්නට රටතුළ විවිධ බලවේග ක්‍රියාත්මක කරන බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.2004 දි ජාතික හෙළ උරුමයෙන් පාර්මේන්තුවට වඩින ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානම වගකීම වූයේ සිංහල බෞද්ධයන්  සදාචාර විරෝධි ලෙස අන්‍යාගම්වලට හරවා ගැනීම, වැලක් විමේ පනතක් ඉදිරිපත් කිරිමයි.එම පනතෙ මුඛය පරමාර්ථය වන්නේ අහිංසක බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට  හැරවිම වැලක්විමයි. මුල් කාලයේ දුප්පත් ගම්මානවලට ගොස් බෞද්ධයන්ට විවිධ ගෘහ උපකරණ ලබා දි ආගමට හරවා ගන්නා ලදි. බෞද්ධ රෝගි ජනතාව සොයා ගොස් බුද්ධ ප්‍රතිමා පොලවේ ගසා බුදු හාමුදුරුවෝ යක්ෂයෙක් ලෙස හදුන්වා ආගමට හැරවීම සිදු කරන ලදි.අද වන විට විශාල බෞද්ධ ව්‍යාපාරිකයන්, දේශපාලන නායකයන්, සමාජයේ ගරු කරන පුද්ගලයන්ගේ දුරුවලතා උපයෝගි කරගෙන අන්‍යාගම්වලට හරවා ගෙන ඇත.ලෝකයේ රටවල්වල ජනතාව බෞද්ධ දර්ශනය වැළද ගන්නා විට ලංකාවේ බෞද්ධයන් විවිධ හේතු හා දුරුවලතා නිසා බෝනගෙන් ආගමට හැරවිමේ විශාල කුමන්ත්‍රණයක් රටතුළ ක්‍රියාත්මක වන බව වික්ටර් රත්නායක, ක්‍රිකට් ක්‍රිඩකයන්, නළු නිළියන් හා දේශපාඥයන් ආගම්වලට හරවා ගැනිමේ තුලින් පැහැදිලි වේ. අදවන විට වතුකරයේ හා උතුරු කරයේ සිටින ද්‍රවිඩ හින්දු ජනතාව විශාල වශයෙන් මෙම කතෝලික නොවන පිරිස් ඇමරිකන් ආගමට හරවා ගෙන අවසන්ය.මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය නොවන ආයතන හරහා සිදුකරන ව්‍යාපාරවලිනි. මේ පිළිබද වරින් වර සිදු කරන ලද බෞද්ධ කොමිෂම් වර්තා මගින් ඇති තරම් තොරතුරු හෙළිකොට ඇත. අදවන විට ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් පිරිස් මෙම බෝනගෙන් ආගමට හසුවි අවසන්ය.

වත්මන් ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධයන්ගෙ ජන්දයෙන් පත්වන ආණ්ඩුවකි.ගරු ජනාධිපති තුමා විසින්ම දෙවරක්ම සිදුකරන රාජාසන කතාවලදි පැහැදිලි කර ඇත. 3/2ක බහුතර ආණ්ඩුවක් තිබියදි සිංහල බෞද්ධයන් අන්‍යාගම්වලට හරවා ගැනිම ඉතාමත් කනගාටුදායකය. එම නිසා සිංහල බෞද්ධයන් ආරක්ෂා කරනවා නම් හැකි ඉක්මණින් ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඉදිරිපත් කරන ලද සදාචාර විරෝධි අන්‍යාගමික පනත සම්මත කර සිංහල බෞද්ධයන් හා ද්‍රවිඩ හින්දු ජනතාව මෙම මර උගුලින් බේරාගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කළ යුතුය.ඒ සදහා මැදිහත් වන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි
සසුන්ලැදි

බුදගල ජිනවංස හිමි
සභාපති

126,190 views

34 Comments to “බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ Born Again නිකායට හරවති..”

  1. Death Again says:

    Anaatha wuna jaathiyaka, Asarana wuna minissu. Mekata boho Paviddan,Pujakkayan saha Paalakayan sampoornayen waga kiwa yuthui! Janathaawa atharamang wela, pihitak labenawai hithena onama deyaka sarana yanawa.

  2. හේනේ මාමා says:

    දුප්පත් මිනිස්සුන්ට ඇට මල්ලක් දීල මේ පැතිවල ආගමට හරව ගන්නේ. හැම ඉරිදම පල්ලි යන්න ඕනේ. යාතිකා ඉවර වුනාම ඇට මල්ලක් දෙනවා. ආගම් වලට හැරෙන එක අදහන එක මිනිස්සුන්ගේ අයිතිවාසිකමක්. බුදු හාමුදුරුවො ඒ නිදහස දුන්නු නිසා තමයි බෞද්ධයො ඕව හොයන්න යන්නෙ නැත්තේ. ආගමේ අන්තර්ගතය කියල දීල ඒක නිසා පැහැදිලා යන එකයි අල්ලස් දීල හරවන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක නිසා අල්ලස් දීල, සල්ලි දීල, …දීල ආගම වෙනස් කරන එක රටේ නතර වෙන්න ඕනේ. වෙන ආගමක මෙහෙම වුනා නම් බෙල්ල කපල වැටේ එල්ලල යන්නේ.

  3. Rathnaweera says:

    ඕවට සල්ලි එන්නේ ඩොලර් මිලියන ගණන් වලින්. උතුරේ හින්දූන් 80%ක් විතර ක්‍රිස්තියානි වෙලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ 75%ක් දැන් ක්‍රිස්තියානි, වයඹ පලාතේත් අති බහුතරය හරවමින් ඉන්නවා. ඒ පලාත් වල බෞද්ධයො ඉන්නේ 10%ක් විතර. අනිත් සේරම ක්‍රිස්තියානි හෝ මුස්ලිම්. ක්‍රිස්තියානි කියන්නේ ඔය එවැන්ජලික කල්ලි, සාම්ප්‍රදායික ආගම අදහන උන් නෙමේ. මුන් මොකද්ද සාක්ශිකාරයෝය, බොර්න් අගේන් කියල එක එක අලුත් අන්තවාදී සෙට්. මොකක් හරි මඩුවක් අටවගෙන ඒකේ යාඥා කරනවා. ඊට පස්සේ මුලු ගමම ඒ ආගමට හරව ගන්නවා.

    • born again and again says:

      salli lankawata awama hodaine…gathu naya gewagannabariwela innakota ehemawath enawanam

  4. Kithsiri says:

    ඕකුන් ආගම විතරක් වෙනස් කරල නිකන් ඉන්නේ නෑ. බුදුදහම විකෘති කරන්නත් සෑහෙන වියදම් කරනවා. මීවනපලාන කියල චීවරධාරියෙක් මීරිගම කේන්ද්‍ර කරගෙන බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනාය කියල මතයක් ගෙනියන්නේ මේ බොර්න් අගේන් සෙට් එකෙන් සල්ලි අරන්. ඒකට අපේ හාමුදුරුවරු තාම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. පව් මිනිස්සු. අර විදුර වික්‍රමනායක උන්ගේ පැත්ත අරන් කතා කරේ, තකහනියක් අහවල් ගමට ගිහින් ඩෙගා නැ‍ටුවේ බුදු දහමට ආදරෙන් නොවන බව පොඩ්ඩක් හෝ හිතන එකෙක්ට නම් තේරෙන්න ඕනේ.

  5. Fernando says:

    කැමති කෙනෙක් කැමති ආගමකට ගියාවේ හාමුදුරුවනේ .පොළොවේ ගහල තියෙන්නේ තමුන්ගේ ගෙදර ඒවානම් කාටත් ඇති රුදාව මොකක්ද ? මමත් ජීසස්ගේ ප්‍රතිමාවක් බෙල්ලෙන්ම අල්ලන් ගිහින් කුණුගොඩකට විසිකලේ .බයිබලේ දස පනතේ තියෙනවා රූප වලට වැදුම් පිදුම් කරන්න එපා කියල .ඒක තේරුණු ගමන් මම ඒවා විසිකලා .

  6. Independent Buwa says:

    බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව දේශනා කරන සතර සතිපඨ්ඨානය වඩන්න පුරුදු කරනවා වෙනුවට බෞද්ධ පුනරුදයට කියලා තව තවත් උත්සව තිය තියා ඉන්න ,

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    අගමැතිගෙ පවුලම බෝන් අගෙන්. ටික දවසකින් ලංකාවම බෝන් අගෙන්. සාදුලාට දානෙ නැතුව යනව. දැන්ම රස්සාවක් හොයා ගන්න.

  8. kamal says:

    කළමනාකරණයේ එන අභිප්‍රේරණය නැතිනම් මෝටිවේෂන් හා කපටිකම
    සැබෑ අභිප්‍රේරණය සිදුවන්නෙ මෙත්තා කරුණා මුදිතා මගිනි අනිත් අභිප්‍රේරණය සිගරට්බිමක් අරක්කුබිමක් වගේ සැප විදිමක් හෙවත් පොඩි චුන් විමකි. එක එක ලාභසත්කාර ලැබෙන නිසා අභිප්‍රේරණය විම දුර්වලතාවයකි. නමුත් ජවිපෙට හා පෙරටුගාමින්ට තියෙන්නෙ සම්මාදෘෂ්ටියෙන් නොවෙයි මිසදුටු බවෙන් යුත් කරුණාව නිසා ඇතිවන මිසදුටු අභිප්‍රේරණයයි. එක්සත් ජාතික පක්ෂයට තියෙන්නෙ මිසදුටු මුදිතාව නිසා සිදුවන අභිප්‍රේරණයයි. ඇමරිකාවටද තියෙන්නෙ එයයි. අහිංසකකම කරුණාව කියන්නෙ අභිප්‍රේරණයකි එය සම්මා දෘෂ්ටික විය යුතුයි.මිත්‍යාදාස්ටික අභිප්‍රේරණය ඉස්ලාම් ඇතුලු අනිත් ආගම් වල ඇත.

  9. Tommy says:

    රාජපස්සලගෙන් මොනා කොරන්නද..

    උංගෙත් බාගෙට බාගයක් කුරුසකාරයො. චන්දෙ කාලෙට විතරයි බොය කතා…

  10. GU-VP SAKKILI API says:

    Adooooo…. Salli hamba venawanam, Bon Agan neme Doooon gala boba pattukaranam koooo…

    RARARA KELAWEWAAAA…..

Main News