කිලිනොච්චියේ බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි.. බුදු පිළිමය අතුරුදහන්..
February 18, 2019 at 12:40 pm | lanka C news
කිලිනොච්චිය මාන්කුලම් හා මුලතිව් දක්වා ඇති ඒ-34 ප්‍රධාන මාර්ගයේ ඕලුමඩු ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් පැවති ස්ථානයක පිහිටි බොධියක් හා බුදු මැදුරක් තිබූ ස්ථානයේ මේ වන විට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන ස්ථානයක් වී ඇති බවටත් බුදු මැදුරේ තිබූ බුදු පිළිමයද අතුරුදහන් වී ඇති බවට උතුරේ බෞද්ධ බැතිමතුන් පැවසූහ.
ඒ-34 මාර්ගයේ ඕලුමඩු ප්‍රදේශයේ 16 වන කිලෝමීටර් කනුව අසල යුද සමයේ සිට යුද හමුදා කඳවුරක් පිහිටා තිබූ අතර එසමයෙහී යුද හමුදා සෙබලුන්ගේ ආගමික වතාවත් කටයුතු වෙනුවෙන් අදාල ස්ථානයේ බෝධියක් රෝපණය කොට බුදු මැදුරක් ඉදිකොට ඇති අතර පසුව ඉඩම් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ එම ස්ථානයේ ඉදිකොට තිබූ යුද හමුදා කඳවුර ඉවත් කොට ඇති අතර යුද හමුදාව එම ස්ථානයෙන් ඉවත් වීමත් සමග ප්‍රදේශයේ මතට ඇබ්බහි වූවන් බෝධිය පාමුලට පැමිණ බුදු මැදුර තිබූ ස්ථානයේ දිවා රාත්‍රියේ මත්පැන් පානය කොට විවිද දුරාචාරයන්හි යෙද අයරු දැක ගත හැකි බවට බෞද්ධ බැතිමතුන් කියා සිටිති.
එමෙන්ම අදාල ස්ථානයේ තිබූ බුදු මැදුරේ බුදු පිළිමයද යදු හමුදාව ඉවත් වී නොබො දිනකින්ම අතුරුදහන් වී ඇති අතර ආගමික වතාවත් සිදු කරන ලද පූජනීය ස්ථානයක් වශයෙන් කලක් පැවති එම ස්ථානය මෙලෙසින් විනාශ කිරීමට අවස්ථාවක් නොදී එහි ගෞරවය රැකෙන අයුරින් වැඩපිළිවලක් යොදන ලෙසට උතුරේ බෞද්ධ බැතිමතුන් අදාල බලධාරීන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
එකම බෞද්ධයෙක්වත් නැත්තං අහවල් එහෙකටද බුදුපිළිමයක් තියන්නේ ????????? සමහර සත්ත්ව වර්ග තමුන්ගේ සීමා ලකුණු කරනවා වගේ වැඩ කරන්න ගිහින් අපහාස කරන්නේ තමුන් අනුගමනය කරන ශ්‍රේෂ්ඨ ධර්මයටමයි
හමුදා කඳවුර නැත්තං බුදු පිලිමයක් අවශ්‍ය නැත
ඒවා හරියන්නෙ නෑ ඩෝ. මේක අපේ බෞද්ද රට. අපි බුදු බනට කීකරු වුන යක්කු. කපනවා පෙති පෙති.
කිලිනොච්චියේ යුද හමුදවෙන් නිදහස් කල ඉඩම් දමිළ ජනතාවට බෙදාදීමේ විපාකය ..වහාම මේ ඉඩම් නැවත රජයට පවරාගත යුතුයි හමුදාවට බාරදිය යුතුයි
එහෙනම් දෙමලුන්ට උබේ ඉඩම දීපන්.
Ithin thoge idama diyanko…Nathan tho wage yanna kiyapan wena ratakata meke Inna berinam
අපේ ගොන්නු ඔය මනංකල්පිත කෝවිල්වලට යන එක දැන්වත් නවත්තපල්ලා