බුදු දහමට මුල් තැන දෙන රටවල කොරෝනා අඩුයි.. දෙවැනි රැල්ලක් ආවොත් අපේ ධර්ම ශක්තියෙන් පැරදවිය හැකියි..- රනිල්..

June 15, 2020 at 11:20 am | lanka C news
බුදු දහමට මුල් තැන දෙන රටවල කොරෝනා අඩුයි.. දෙවැනි රැල්ලක් ආවොත් අපේ ධර්ම ශක්තියෙන් පැරදවිය හැකියි..- රනිල්..

ශ්‍රී ලංකාව ද ඇතුළු ව බෞද්ධාගමට මුල්තැන දෙන රටවල කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීම විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැකි බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

විශේෂයෙන් ම ථේරවාදී බෞද්ධ රටවල් ලෙස සැලකෙන ශ‍්‍රී ලංකාව, තායිලන්තය, කාම්බෝජය මියන්මාරය යන රටවල කොරෝනා වෛරසයෙන් මරණයට පත්වූ ගණන අඩුම රටවල් ලෙස සැලකිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

බුද්ධ ධර්මය පවතින භූතානය ද මරණ කිසිවක් සිදු නොවූ බව ඔහු සඳහන් කළේය.

මීට හේතුවක් ලෙස මෙරට ආගම ධර්මය හේතුවක් වන්නට ඇතැයි තමන් කල්පනා කරන බවද ඔහු පැවසීය.

කොරෝනා දෙවෙනි වටයක් එනවා නම් එය අපේ ධර්ම ශක්තියෙන් ජය ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු සදහන් කරයි.

හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කළේය කොල්ලුපිටිය වාලුකාරාමය විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

441 views
Main News