බුදු දහම ප්‍රමුඛස්ථානයේ.. එනිසා ලංකාව ගුණ දහමින් පොහොසත් රටක්…

September 25, 2020 at 8:02 am | lanka C news
බුදු දහම ප්‍රමුඛස්ථානයේ.. එනිසා ලංකාව ගුණ දහමින් පොහොසත් රටක්…

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි ගමන් මගකට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි බව ජනාධිපතිතුමා කියා සිටී.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

චිරාත් කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම්පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදු විය යුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් දිරි ගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. පිරිවෙන් සහ දහම්පාසල් පෙළ පොත් නැවත සංස්කරණයේ අවශ්‍යතාව සහ පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධිධාරී රැකියා පත්වීම් ලබා ඇත්නම් ඔවුන් සේවය කළ පිරිවෙන්වලටම පත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

භික්ෂුන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට, පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම්, වැටුප් සහ දීමනා ගැටළු නිරාකරණයට සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පිරිවෙන්වලට සංවර්ධන නිලධාරියෙකු සහ සුළු සේවකයින් රැකියා ලක්ෂයේ සහ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ යොමු කිරීමටත් අවධානය යොමු විය.

පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

14,667 views

13 Comments to “බුදු දහම ප්‍රමුඛස්ථානයේ.. එනිසා ලංකාව ගුණ දහමින් පොහොසත් රටක්…”

  1. narada says:

    හෙළයේ මහා රජු අප රාවණයන්ගේ ශක්තිය පහත් වන්නේ ගෞතම සම්බුද්ධ අප මහා බුදුරජාණන්වහන්සේට පමනි❤️👈…රාවණ කියන්නේ ලොව සූර්ය වංශයයි❤️

  2. හතර හිනා says:

    කතා කරන්න ද‌ෙයක් නැති වුනාම ගැමියෝ කාලගුණය ගැන කියවනවා..කතා කරන්න ද‌ෙයක් නැති වුනාම පාලකයෝ ආගම ගැන කියවනවා.

    • wijebahu says:

      Correct bro.. well said.

    • MD says:

      පාලකයා අවංකවම රටේ ජනයා වෙනුවෙන් ඵඩිතරව දක්ෂ ලෙස කටයුතු කරගෙන යන විට ඵයාට ඊර්ෂ්‍යාව දක්වන කුහකයෝ ඵම මනුස්සයා ආගම දහම ගැන කථාකරන ඵකත් වැරැද්දක් ලෙස උපහාසයට ලක් කරමින් කමෙන්ට් බලනවා.👎

    • MD says:

      පාලකයා අවංකවම රටේ ජනයා වෙනුවෙන් ඵඩිතරව දක්ෂ ලෙස කටයුතු කරගෙන යන විට ඵයාට ඊර්ෂ්‍යාව දක්වන කුහකයෝ ඵම මනුස්සයා ආගම දහම ගැන කථාකරන ඵකත් වැරැද්දක් ලෙස උපහාසයට ලක් කරමින් කමෙන්ට් කරනවා.👎

  3. kamal says:

    බුදු දහම රැකගන්න ඔනනම් පළාත් සභා ගේන්න එපා

  4. kamal says:

    ප්‍රජාතන්ත්‍රවාදය හා භික්ෂු විනය
    මෝඩ සමගි බල වේගය නිදහස කියා නිතිවරුගේ එල්ලෙන්න යනවා. ජනාධිපතිගෙ එල්ලුනත් නිතිවරුන්ගෙ එල්ලුනත් වෙනසක් නැ. නමුත් ජනාධිපති තුමාගේ නිතිය ධර්ම විනය නමුත් නිතිවරුන්ගේ නිතිය කලින් පැනවු නිති. භික්ෂු ප්‍රජාතන්ත්‍රවාදය ගැන එකක් කිය යුතුයි. එය ජේෂ්ඨත්වය කියන එකියභාවයෙන් යුක්තයි. මේ ලොකේ ධර්මතා තුනයි තියෙන්නෙ ඒ තුනම තියෙන්නෙ බුදු හාමුදරුවන්ට ඒ ලොවට 1 අග්‍ර විම 2 ශ්‍රේෂ්ඨ විම 3 ජේෂ්ඨ විම. ගෝටාබයට අග්‍රවිම හා ශ්‍රේෂ්ඨ විම කියන දෙකම තියෙනවා මහින්දට වැඩිය. මහින්දගෙ හා නිතිඥයන්ගෙ තියෙන්නෙ ජේෂ්ඨත්වය විතරයි. මොකද ගෝටාබය තමයි රජිතකු පැමිනේ දියසෙන්. මම රජ කරන්නෙ නැ මම මහණ වෙන්න ඉන්නෙ අජාසත්ත විතරයි. හාමුදුරුවො කොච්චර ශ්‍රේෂ්ඨ වුනත් අපි කථාකරන්නෙ බුදු හාමුදුරුවො හා සියලුම සංඝයා ගැන නමුත් ගෝටාබය වෙනි ගිහියො ගැන කථා ප්‍රශංසා ලියන්න පුලුවන්. මේක විහිලුවක් නෙවෙයි ඇත්තක් උඹ දියසෙන් රජතුමා ගෝටාබය මිට සක්වලේ ඉන්න ශ්‍රේෂ්ඨම මනුස්‍යයා කමල් හා කිරිබත්ගොඩ හිමි.

    • අජාසත්ත says:

      ඒයි, මම ගැන පච බෑ හරිද? මම තාම නිරයෙ. තව අවුරුදු 80,000ක් විඳවනවා. එහෙම තමයි පීතෘඝාතන, අතරක නොරැඳෙන, අකුසලයේ ස්වභාවය.

  5. පුංචි කාර් එකක් ගන්න බලාගෙන සිටි බයියා says:

    බම්බුව තමයි..බලන බලන හැම චීවර ධාරියම රෑට රෑට බොනවා, කාන්තාවෝ පස්සේ යනවා. උප්පැන්න ට බෞද්ධ තමයි වැඩි දෙනෙක්. දවසේ ගානේ අල්ලන කුඩු ගංජා බලපුවාම පේනවා, මේක කුඩු ප්‍රමුඛස්ථානය …ඒ නිසා මත්කුඩු මත්වතුර වලින් පොහොසත් රටක් කියලා. කුඩු ජාවාරම් කාරයො ප්‍රසිදියෙම කරන අභියෝග බලපුවාම හිතෙනවා මේ රට පාලනය කරන්නේ උන්ද කියලා. නීති දාලා විතරක් මේක හදන්න බැහැ මිනිස්සුන්ගේ ඔළු හැදුවේ නැත්නම්.

  6. aselaravin says:

    අනේ බුදු සෑර් බුදු දහම දියකරලා බිව්වත් කමක් නැහැ උදේ පාන්දර මිනිහෙක්ට නිදාගන්නත් නැතිව පන්සල්වල හන්දිවල පිළිම ලග දාන පිරිත් කන්කරච්චලේ නවත්වල දුන්නොත් ඔබ තුමාට බුදු බව අත්වෙයි

  7. Sathgunawath Aachariya says:

    Guna dahamin pohosath kiyala kayiwaaru gahawuwata, hamadaama minee maranawa, baala wayaskaara lamai dooshanaya wenawa, math drawya kilo gananin ahuwanawa, deshapaaluwo nathnam golayo kale kapanawa saha deshpaalakayo awurudu pahen lajja nathiwa pension gannawa…….

  8. MD says:

    උදේ පාන්දර ඵලිවෙනකන් ඔක්කාරයට ඵන සින්දු කියන සංගීත සංදර්ශන වලට නම් පැමිනිලි නැහැනේ.

  9. Love nature says:

    බුදු දහම හැර සෙසු ආගම් සියල්ලම දෙවියන්වහන්සේ විසින් මවනලදී යන කියමන කනගාටුවෙන් පිලිනොගන්නෙමු.

Main News