බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කරයි..

August 25, 2018 at 5:30 pm | lanka C news
බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කරයි..

ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ නිවසක් තුල බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ අතට හා හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කර ඇයගේ මවටද බරපතල තුවාල සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 අගෝස්තු මස 29 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කළේය.

ඝාතනය සිදු කළේ යැයි කියන අයුධ වලට අදාල රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර වැඩිදුර වාර්තාවක් මගින් ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා ඌරගස්මන්හන්දිය පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ යටගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි තොම්මයාහකුරු තුෂාර ප්‍රේම කුමාර (40) නොහොත් රන් මහත්තයා නැමැති අයයි.

ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පදිංචිව සිටි සජීවනී ප්‍රියංකා රත්නායක (39) නැමැති තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. සීතා රත්නායක (65) වන ඇයගේ මවටද සැකකරු කඩුවෙන් කොටා බරපතල තුවාල සිදුකර තිබුණි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක නිරතව සිටින බවත් ඇයට වයස අවුරුදු 19 සහ 10 වයස් කාණ්ඩයන්හි දියණියන් දෙදෙනෙක් සහ අවුරුදු 03 ක පුතෙක් සිටින බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. මියගිය කාන්තාවගේ හිසේ කැපුම් තුවාල 04 ක් හා අත් දෙකේම කැපුම් තුවාල තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එක් අතක ඇගිලි කොටස් මැණික් කටුව ලගින් සම්පූර්ණයෙන්ම වෙන්වී තිබූ බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙන් සදහන් කළේය.

සැකකරු මීට වසර 1 1/2  කට පමණ පෙරදී මියගිය කාන්තාවගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන්ද පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

115 views

3 Comments to “බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කරයි..”

  1. Dushantha says:

    ඊ ගාව පාර ඈප අරන් ඈවිත් ඒ ගොල්ලන්ගෙ තව කාව මරයිද දන්නෑ. මේ රටේ සිද්ද වෙන බොහොමයක් මිනී මෑරුන් කරන්නෙ ඈප පිට ඉන්න මිනීමරුවො. හරිම කණගාටුයි රටකට ගිය කල ගෑන.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  3. david milibanda says:

    Onna ellun gas qualify karayek……………. Gaha holawamu dan.

Main News