බුදු පුතෙක් රටම පරදා උසස් පෙල විභාගයෙන් පළමු තැන දිනයි.. උසස් පෙල පළමුවැනියන් මෙන්න..

December 28, 2017 at 8:40 am | lanka C news
බුදු පුතෙක් රටම පරදා උසස් පෙල විභාගයෙන් පළමු තැන දිනයි.. උසස් පෙල පළමුවැනියන් මෙන්න..

2017 වසරේ අගෝස්තු මාසයේ පැවති අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාගයේ විෂය ධාර හතරෙන් වැඩිම ලකුණු ලබාගත් අපේක්‍ෂකයන් සියළු දෙනා බස්නාහිර පළාතෙන් පිටත වීම විශේෂත්වයකි.

උසස් පෙල කලා අංශයේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පද්බේරියේ මුනින්දවංහ හිමියන් විසින් වාර්තා කර ඇත.

ජීව විද්‍යා අංශයේ මුල් තැන දිනාගන ඇත්තේ මාතර සුජාතා විදුහලේ දිලිනි සුනීතා විසිනි.

වාණිජ අංශයෙන් ලංකාවේම පළමු තැන එම විදුහලේම දිලානි රසන්තිකා විසින් හිමිකරගෙන සිටී.

භෞතික විද්‍යා අංශයේ පළමු තැන දිනා ඇත්තේ පේදුරුතුඩුව හර්ලි විදුහලේ ශ‍්‍රිධරන් ධුවාරකන් විසින්ය.

157 views

6 Comments to “බුදු පුතෙක් රටම පරදා උසස් පෙල විභාගයෙන් පළමු තැන දිනයි.. උසස් පෙල පළමුවැනියන් මෙන්න..”

  1. Prabhath Rathnayaka says:

    Three 1st places for Matara
    Also very good performance from Jafna.

    All the best for every one.
    Remember A/L is not end of life.You will have more opportunities in industry if you learn something that related to work.

  2. aagamikaya says:

    A/L vibagaya samath siyaluma daye daruvanta mage hadapiri pranamaya.

  3. mahesh says:

    මාගේ පුත්ගලික හැගීම නම් පළවෙනිය දෙවෙනිය තේරීම වැරදි බවයි. ල0කාවෙ හැම ළමයෙක්ම මෙයට කැමතිව හෝ අකමැතිවුවත් කල යුතුම විභාගයකි. අනිත් ළමයින්ගේ හැගීම් මට මේ වෙලාවේ දැනෙන්නේ මමත් එය විද ඇති පුත්ගලයෙක් බැවිනි.
    දෙවැන්න, සි0හල ජාතිය, බුද්ධාගම කතාකිරීම ජාතිවාදීන් කියා හ0වඩුගසන english walin හිතන ලොකු නෝන මහත්වරු , තමන්ගෙ ඉස්කෝලෙ තමයි හොදම කියා අනිත් අයව පහතට හෙලා කතාකරන හැටි මම හොදහැටි දැක ඇත්තෙමි.
    තෙවැන්න, මෙච්චරකල් මෙහෙම පළවෙනිය දෙවැනිය වූ අය ල0කාවට දායාද කලදේ, නව සොයා ගැනීම්, නිශ්පාදන, ව්‍යාපාර මොනවාදැයි මාහට ප්‍රෙහෙලිකාවකි. ඇත්තනම්, අප රටේ අද්‍යාපනයම බොරුවක් බවයි. හිතීම මොට්ට කරන, තමන් ගැන පමන්ක් සිතන, නරුම මිනිසුන් පිරිසක් බිහිකරන system 1ක්. හොදම උදාහරනය්, තව ටික කලකින් මේ අය campus 1න් out උනහම බාගයක් පිටරට, ඉතුරු ටික අනිත් අයව පාගල උඩට යන්න, කොහොමහරි සල්ලි හොයන මිනිසුන් පිරිසක්ම වන බව බලාගන්න පුලුවන්. මෙම system 1a වෙනස් නොකරනකන්.

  4. moda koluwa says:

    යමක් කමක් ඇති අය වෙන වෙන මාර්ග තොර ගන්නවා.ලන්ඩන් ස පෙ ,පිටරට විභාග .එයිට පස්සේ කොම්පැනි වල හොඳට ගෙවන රැකියා වලට යනවා අඩුවයසෙන්.අනිත් ය කොටසක් ඉහලට යනවා.කොටසක් මහපාරේ කෑ ගහ ගහ රැකියා ඉල්ලනවා.

  5. Kuma says:

    budu putheku yanu kakul udata dala oluwen hitan inna kenekkda. samanya minusunta athi awayawama thama thiyiyenne. arumayak netha tamil kollekuth first wela thiyenne

Main News