බුදු හාමුදුරුවන්ද ගංජා පිලිගත්තා.. ආණ්ඩුවට පිලිගන්න බැරි ඇයි..

January 19, 2021 at 10:00 am | lanka C news
බුදු හාමුදුරුවන්ද ගංජා පිලිගත්තා.. ආණ්ඩුවට පිලිගන්න බැරි ඇයි..

ඖෂධයක් වශයෙන් කංසා වගාව නීතිගත කල යුතු යයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ කන්සා ඖෂධීය පැළෑටියක් ලෙස බුදුරජාණන් වහන්සේ ද පිළිගෙන ඇති බවයි.

එසේ නම් ආණ්ඩුවට මෙය පිළිගන්නට බැරි කුමක් නිසා දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මෙම ඖෂධය මගින් ලෙඩුන් සුවපත් කිරීම සඳහා ඉදිරි කාලයේ දී භාවිතා කිරීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

දේශීය වෙද මහත්තුරුන්ට අවශ්‍ය කන්සා මේ රටේම නිෂ්පාදනය කිරීමට ඉඩ දිය යුතු බවත් පිටරටින් ගෙන්වීමට ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

26,912 views

28 Comments to “බුදු හාමුදුරුවන්ද ගංජා පිලිගත්තා.. ආණ්ඩුවට පිලිගන්න බැරි ඇයි..”

  1. Pahatha Pelei Katha. Meiwa Thripitakeye netha. Moun marena kota pana adala marei. This one will go to hell in this world.

  2. Love nature says:

    හෙළ වෙදකමට නැතුවම බැරි කන්සා වජිකාර්න ගුණයෙන් යුතු මෙම ඖෂධ පැලෑටිය වේදනා නාශක, පිලිකා සෛල මර්ධනය, ප්‍රතිශක්තිකරණ, බුද්ධි වර්ධනය සදහා හා වෙනත් අරිශ්ඨ, ගුලි නිපදවීම සදහා භාවිතා කරනව නීතියෙ තහනම් උවද වෙදමහතුන් සදහා අවසර ඇත.

  3. Saradiel says:

    සුද්දා කන්සා තහනම් කරලා සිගරට් ගෙනාවා දැන් සැපද?

Main News