බුරවි සුලි කුණාටුවෙන් කිසිම බලපෑමක් නෑ..- දිස්ත්‍රික් ලේකම් කියයි..
December 3, 2020 at 12:00 pm | lanka C news
බුරවි සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට කිසිදු බලපැමක් සිදු වි නොමැති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.
මාධ්‍යයට (03) දින විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ බුරවි සුලි කුණාටුවට පෙර නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍යය ආයතන සහ ආරක්ෂක අංශ නිලධාරින් එක් කර ගනිමින් දින දෙකකට පෙර සාකච්ඡා කර ඒ සදහා පෙර සුදානමක් වි ජනතාවද දැනුවත් කර තිබු බවයි.
නුවරඑලිය දිස්ත්‍රික්කයට (02) දින දවස පුරා වරින් වර අධික වර්ෂාව පතිත වු අතර , (03) දින අලුයම 3 සිට ප්‍රදේශය පුරා තද සුලං තත්ත්වයක්ද පැවතින.
(02) දින සිට වරින් වර වර්ෂාව පතිත වුවත් (03) දින උදැසන වන විට වර්ෂාව සම්පුර්ණයෙන්ම පහව ගොස් ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
එ කාලේ අර රජෙක්ට නොපෙනන ඇදුමක් අන්දලා ,අමු නිරුවස්තරෙන් පාර දිගේ එක්කං ගියා වගේ වැඩක් මේක ! පෙර සුදානම ගැන කිසිම ගැටළුවක් නෑ ,අනිවාර්යයෙන්ම විය යුත්තක්. ඒත් පජාත වැඩබැරි එහෙයියො කිහිප දෙනෙක් ගෙනල්ලා ,ඒ අස්සට වැදගත් හමුදා නිලධාරීයෙක් ගෙන්නලා , ගජබින්නාලංකාරය නෙලලා, සට සුදුහුනු ගාලා එතුමව කුජීත කරපු එකනං අර ඉස්සෙල්ලා කියපු රජාට නොපෙනෙන ඇදුම් අන්දලා පාරදීගේ වඩම්මගෙන ගියා වගේ වැඩක්.
මේ කුණාටුව වෙනුවෙන් ආණ්ඩුව මහන්සි වෙන දැක්කම සතුටු හිතෙනවා. එත් කියන්න තියෙන්නේ කොරොනා වලට මේ කැප කිරිම ආණුඩුව කලා නම් අද කොරෝනා ලංකාවේ නොමැත. බොරු කුණාටුවට වඩා ඇත්ත ප්‍රශ්ණය වෙනුවෙන් කැප වෙන්න