බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට මුහුදු යාම පිළිබද තවදුරටත් අනතුරුඅගවයි….

December 3, 2020 at 7:56 pm | lanka C news
බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට මුහුදු යාම පිළිබද තවදුරටත් අනතුරුඅගවයි….

බුරවි සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බවත් එම හේතුවෙන් සුළිකුණාටුවෙන් ගොඩබිමට සිදුවිය හැකි බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් මෙම පද්ධතිය හේතුවෙන් කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම මුහුදු කලාපයේ තවදුරටත් ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේ දී මේ පිළිබද සැළකිල්ලක් දක්වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

– DMC

9,221 views

2 Comments to “බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට මුහුදු යාම පිළිබද තවදුරටත් අනතුරුඅගවයි….”

  1. අන්දමන්ද දූපත්වාසියා says:

    අන්ද-මන්ද දූපතේ මහා විනාසයක් ව‌ෙනවා කියලා මාර ඇන්දවිල්ලක්නේ ඇන්දුවේ.
    ලංකාවේ අර බන්ධනාගාර කේස් එක‌ෙන් මීට වඩා දරැණු විනාසයක් ව‌ෙලාලු.

  2. Chatura putha says:

    බුරවිය ගැන දීපු පෙර දැනුම් දීම් අගය කරන්න ඕනෙ.දැන් සමහරු ලත වෙනව අනේ බුරවිය අපිව හොයාගෙන ආවෙ නැත්තෙ ඇයි කියල​.හැමදාම අනුන්ගෙන් යැපෙන උන් බුරවියෙනුත් යැපෙන්නයි අමුඩ තද කරන් උන්නෙ.බුරවිය යන්න ගියා.දැන් මේකෙ ඉන්න ඈයො කියාවි කාලගුණ විද්‍යාඥයො අපිව ඇන්දෙව්ව කියල.අනේ මන්ද අපිට නම් සන්තෝසයි බුරවිය බුරන්නෙ නැතුව ගියාට.

Main News