බුර්කාව තහනමට මහින්ද විරුද්ද..?

May 2, 2019 at 6:23 am | lanka C news
බුර්කාව තහනමට මහින්ද විරුද්ද..?

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ ජාලා වල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාර සම්බන්ධව

පසුගිය 29 වැනිදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පලදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්චාවක් සිදුනොවූ බව දන්වා සිටිමි.

පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ රට තුළ ඇති වූ වත්මන් තත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පාස්කු ඉරිදා සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට ඉස්ලාම් ප්‍රජාවගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව සමස්ථ ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසීය.

එහිදී සාකච්ඡාවූයේ සමස්ථ මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් බැලීම වැරදි  බවත් මුස්ලිම් ප්‍රජාව සහ ත්‍රස්තවාදීන් වෙන්කොට හඳුනාගත යුතු බවත් ඔවුන් පැවසීය.

මෙම හමුවේදී  බුරුකාව තහනම් කිරීමට විපක්‍ෂ නායකතුමා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල ප්‍රචාරය වන අතර එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කරමි.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

14 views

9 Comments to “බුර්කාව තහනමට මහින්ද විරුද්ද..?”

  1. Sara says:

    එහිදී සාකච්ඡාවූයේ සමස්ථ මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් බැලීම වැරදි බවත් මුස්ලිම් ප්‍රජාව සහ ත්‍රස්තවාදීන් වෙන්කොට හඳුනාගත යුතු බවත් ඔවුන් පැවසීය.

    Sakaya nathi kireemata redda ussala balanna wenawa. Ekata kamathi aya burkawa andinna!

  2. Open mind says:

    වැරදි අදහස් දේශපාලන හිපාටුවන් විසින් සමාජ ගත කරන්න දරන උත්සාහ වහාම නවතා දැමිය යුතුමයි. අගමැති ද බුර්කා තහනමට විරුද්ධ යැයි මතයක් පසුගිය දවසක සමාජ මාධ්‍ය ජාලා වල පළවුණා මතකයි.

    • Hoo !!! says:

      රනිලා නං බුරුකාවට කැමතියි. හිතුන ගමන් දෙහිඕවිට යන්න ලේසි නිසා 😁

  3. Panda says:

    Mahinda Pala athi ruka Nisa athi tharam gahapiyavu. Kalakanni UNP haththa momava vapiruvath me rate janathava Eva piliganne nathi bavath danaganivu. Me thope katha valata aththe ekama visadumai. Ae Thama chandaya pavathveema. Anna eka karapiyavu edata api balagannam.

    Ae vagema Chandrika yatagasu BATALANDA COMMISSION vaarthava navata Idiripath Karanna lesa Janapathigen illami.

  4. Nuwan says:

    බම්බුව තමයි, හිතනවද පිට team එකක් ඇවිත් ගහන්න පුළුවන් කියල මුන්ගේ සම්බන්දයක් නැතිව, හොරාගේ අම්මගෙන් පේන අස අස උන්ව තවත් විශ්වාස කරනවා චන්ද වලට පෙරේත කමේ. ත්‍රස්තවාදී ලංකාවේ Campus හැදුවේ නැහැ, හලාල් නීති ගත කලේ නැහැ, ෂරියා නීති ගත කලේ නැහැ, උන් බොලේ පාස් කරලා,කොහොමත් තෝ හම්බයන්ට වරදාන දීල යුද්දෙන් බේරාගත්තු රට නිකන් උන්ට දුන්න. ඔක්කොම එකයි.

  5. sathya says:

    Redda thamai………..!

  6. කොහොම උනත් බුරුකාව මැදපෙර්දිග රටවලද එතරම් උනඳුවක් නැත ඔය මුහුණ වැසීම ඉස්ලාමිය අන්තවාදීන් උන් ගේ වාසියට කරන දෙයකි. ඉස්ලාම් ආගම අනුව මුහුණ පමණක් පෙනෙන ආකාරයට සැරසී සිටීම නීතියකි???

  7. namal,peiris says:

    15th of may kandy dalada tempel will be distroyed !!!

Main News