බුරාවි නිසා පුත්තලම කලපුව පිටාර ගලයි.. නිවාස රැසක් ජලයෙන් යටවේ..
December 4, 2020 at 2:24 am | lanka C news
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ අධික වර්ෂාපතනයෙන් පුත්තලම කලපුව පිටාර ගලා මුල්ලිපුරම් ප්රදේශයේ නිවාස රැසක් ජල ගැලීම් වලින් පීඩාවට ලක්ව ඇති බව කියයි.
දිවයිනට ඇතුළු වූ සුළි කුණාටුවත් සමග ඇතිවූ වැසි තත්ත්වය හේතුවෙන් අධික ලෙස රළුවූ කලපුව මෙසේ පිටාර ගැලීම ආරම්භ ව ඇති බව කියයි.
මේ හේතුවෙන් ධිවරයින් කලපු තිරයේ ගාල් කර තිබු එන්ජීන් ධීවර යාත්රා , තෙප්පන්, හා ඔරු මුල්ලිපුරම් මාර්ගය දෙපසට රැගෙන විත් ආරක්ෂීතව ගාල් කර තැබිමට ධීවරයින් කටයුතු කර තිබේ.
ඒ සමගම කළපු තිරයේ මුල්ලිපුරම් මාර්ගයේ කොටසකටද ජලය ගලා විත් ගමනාගමනයට සුළු බාධාවන් එල්ල වි තිබු බව ජනතාව පවසයි.
– පුත්තලම කේ.ප්රියංකර කළුපහන
පුත්තලම් කලපුව පිටාර ගැලුවෙ ආණ්ඩුවෙ වරදින්.සජිත්
නිවාස ජලයෙන් යට උනේ නෑ. ජලය එනකොට නිවාස එතන තිබුනා.