බුලත්වලට පකිස්තානු බදු ඉවත් කිරීමට සාකච්ඡා…

July 27, 2017 at 2:21 am | lanka C news
බුලත්වලට පකිස්තානු බදු ඉවත් කිරීමට සාකච්ඡා…

පකිස්තානය හඳුන්වා දී ඇති නව ආනයන බදු යටතේ ශ්‍රී ලංකාවෙන් එරටට යවන බුලත් සඳහා පනවා ඇති බදු ඉවත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වේ.

ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ සහ මෙරට සිටින වැඩ බලන පකිස්තානු මහ කොමසාරිස් සෆ්‍රාස් අහමඞ් ඛාන් සිප්‍රා අතර අමාත්‍යංශයේ පැවති හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය.

අදාළ බදු ඉවත් කර ගැනීම සඳහා පකිස්තානු නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බව වැඩ බලන මහකොමසාරිස්වරයා කීය.
පකිස්තානය ප්‍රධාන වශයෙන් බුලත් මිල දී ගන්නේ ශ්‍රී ලංකාවෙනි.

මෙරට බුලත් නිෂ්පාදනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද ඔවුන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික්‍රමාරච්චි සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ශාන්තා සෙනෙවිරත්න ද එම අවස්ථාවට එක් වූහ.

– ජෝර්ජ් ද සිල්වා

139 views
Main News